නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්, බේකන්, හැම් ආදී මාංශ ආහාර වර්ග පිළිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නම් කළේය.
මෙවැනි ආහාර දිනකට ග්‍රෑම් 50 ක් ආහාරයට එක්කර ගැනීම 18% කින් පිළිකා අවදානම ඉහළයාමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි.
රතු පැහැ මස්වර්ග පිළිකා කාරක ලෙස ක්‍රියාකිරීමේ හැකියාව වැඩි බව පෙන්වා දෙන එම වාර්තාවේ මස් වර්ගවල පෝෂණ ගුණයන් ගැනද සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිගල මිලානෝ ගේ අදහස බැහැර කරන්න බැහැ මොකද ඔය මොන මස් කෑවත් මොනවා කරත් පිළිකා හැදෙන්නේ නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා ඕක වෙන්නේ යම්කිසි සම්භාවිතවකටනම් ....(රේ)
හොඳ ලිපියක් (නි)
බොහොම හොඳ දැනුවත්කිරීමක් (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
හොඳ ලිපියක් (නි)
තව තවත් මෙවන් ලිපි ගෙනඑන්න (නි)
විශේෂයෙන් කැනඩාව,එංගලන්තය, ප්‍රංශය,ඇමරිකාවට යාබද බටහිර රටවල ආහාර රටාව මෙසේ මස් වර්ග වලින් සකස්කළ සොසේජස් ආදියෙන් සැකසී ඇති බැවින් මෙම රටවල වසන බොහෝ දෙනෙක් පිළික රෝගයට භාජනය වී ඇත (නි)
හොඳ දැනුවත්කිරීමක් (නි)
අපේ රටේ බය වෙන්න දෙයක් නැහැ තනිකර තියෙන්නේ සෝයා. (බ)
මොනවා වුණත් යහමින් ඔය ආහාර අනුභව කරන අයට නම්, අපි දන්නා විදිහට පිළිකා තියා ඉහෙන් බහින රෝගයක් නැහැ. (නි)
හොඳ දැනුවත්කිරීමක් (නි)
මස් නොකාම ඉන්න බැරිද.? (ර)
අපේ හිත හොඳ නැත්තන් අපි මේ බොන වතුර වීදුරුවත් අපිට විසයි,....(රේ)
ඔය පිළිකාව හැදෙන අහිංසක දුප්පත් අය, එයාල ඔය රතු මස් සොසේජස්, බේකන්, හැම් කාලද හැදෙන්නේ. (ර)
ගයාන්, ඔබ කී දේ යම් සත්‍යයක් ඇතත් මා එය දෙස බැලුවේ ඔබ මෙන් විද්‍යාත්මකව නොව, අධ්‍යාත්මික වශයෙනුයි. යම් කර්මයක පළවිපාකය ලෙස හදවතට වදින පිහිපාරක් නිසා මියගිය කෙනෙකුගේ මරණයට හේතුව ලෙස සඳහන් කරන්නේ අධික රුධිර වහනය නිසා ඇතිවූ කම්පනය කියාය. මෙය විද්‍යාත්මකව බැලීමයි. (නි)
අද මිනිසුන්ට මස් මාංශ වලින් තොරව කෑමවේලක් කන්න බැහැ (නි)
පිටිගල මහත්තයෝ, නිකන් හිතට එන අදහස් කියල මෝඩකම් ප්‍රදර්ශණය කරන්න එපා. එහෙනං ඉස්සරට වඩා දැන් පිළිකා වැඩි දැන් භූතයො වැඩි වෙලාද?. පිළිකාව කියන්නේ විකෘති ජාන තියෙන සෛලයක් පාලනයකින් තොරව බෙදීමකට ලක් වීමේ ප්‍රතිඵලයක්. මෙහෙම විකෘති වෙන්න අපි ගන්න ආහාර වල බැර ලෝහ, වෙනත් විශ සහිත රසායනික ද්‍රව්‍ය වල වැඩිවීම නිසා. අධි සංඛ්‍යාත විකිරණ නිසාත් වෙන්න පුළුවන්. මේ පරීක්ෂණ වලින් කියන්නේ මස් මාංශ වලත් මේ පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වීමේ ඉහල සම්භාවිතාවක් ඇති බවයි. (අ)
මෙච්චර දෙයක් වෙන බව කියනවා නම් මස් නොකා හිටියහම ඉවරනේ. කන්න දේවල් ඕනෑතරම් තව තියෙන්නේ. (නි)
හොඳ ලිපියක් (නි)
රතු පැහැති මස් වලට පිළිකා ඇතිකිරීමේ ප්‍රවණතාවයක් ඇති බව ඊයේ පෙරේදා දවසක යුරෝපා රටක රූපවාහිනී ප්රවෘත්ති වලට ඇතුළත් කර තිබුනා. මීට පෙරත් මේ ගැන සාකච්ඡා වී තිබුනා (නි)
පිටිගල මිලානොගේ අවවාදය පිටබැද්දර ජයාට හොඳින්ම ගැළපේ යැයි සිතමි. මොකද කිසිම හේතුවක් නොමැතිව අහිංසක ළඳුන්ට වෛර කරන බැවිනි. (නි)
පිටිගල, මෙතන කියලා තියෙන්නේ පිලිකා හැදෙන්න එකම හේතුව මේක කියලා නෙවෙයි. මේකත් එක හේතුවක් කියලා. ගත යුත්ත ගන්නවා මිසක් මෝඩ විදිහට තර්ක කරන්න එපා (බ)
ඔය මස්මාංශ වලට ගන්න සත්තු කන්නේ වසවිස දාපු කෑම. ඉතින් ඒවා වක්‍රාකාරව අපේ ඇඟට එනවා (නි)
මේ සොසේජස් වගේ ඒවා කන්නේ ශත වර්ෂ ගණනාවක ඉඳලා, අනේ මන්ද මමනම් හිතනේ අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් අඩුවීම සහ මානසික ආතතිය වැඩිවීම නිසා කියලයි. (ර)
පිටිගලගේ කතාවේත් ඇත්තක් තියෙනවා (ම)
සංසාරගතව විවිධ හේතුන් මත අප කෙරෙහි වෛරයෙන් පසුවන පිරිස් සිටිනවා. මම තොපට යහතින් ඉන්න දෙන්නේ නැහැ වැනි චේතනා ඇතිව දැඩි ලෙස ක්‍රෝධයෙන් බැඳීම නිසාම ඔවුන් විවිධාකාර භූතාත්ම වල ඉපිද අප ආශ්‍රිතව සසරේ ගැවසෙනවා. අපගේ පින් මඳවීම වැනි අවස්තාවකදී ඔවුන් අප ශරීරය තුලට පැමිණ ඔවුන්ගේ විමානය සාදාගෙන (පිළිකාව) ටික ටික අපව මාරයාට යොමු කරනවා. මේ නිසා අනුන්ගේ වෛරයට පාත්‍ර නොවී, අනුන්ටද වෛර නොකර සියලු සත්වයාට මෛත්‍රී කරමින් ජීවත් වීමෙන් මේ රෝග මඟ හැරේ. (බ)