පලතුරු වගාවට වින කරන පලතුරු මැස්සා විනාශ කිරීමට ස්වාභාවික කනිජ ද්‍රව්‍ය සහ මදුරුතලා නිස්සාරක උපයෝගී කරගෙන නිපදවූ ශාක සාර ‘පෙත්තක්’ කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාර්ථි ආර්.එම්. ධර්මදාස මහතා විසින් පසුගියදා හඳුන්වා දුන්නේය.
එය හඳුන්වනු ලබන්නේ ‘බස්කා’ නමිනි.
“පලතුරු මැස්සා නිසා පලතුරු වගාවෙන් 75% ක් පමණ විනාශ වෙනවා. ලංකාවෙන් යුරෝපයට යැවූ පලතුරු මෙම කෘමියා නිසා හානිවී තිබිම නිසා ඔවුන් අපට අවසන් නිවේදන ද ලබාදී තිබුණා. ඒ නිසා පලතුරු මැස්සා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලොකු ගැටලූවක් වී තිබුණා. ඉන්පසුව මේ පිළිබඳව පර්යේෂණ කරන්න අපි පටන් ගත්තා.”
“ගස්ලබු, අඹ, පේර, අලිපේර, කෙසෙල් වැනි පලතුරුවල මොවුන් බිත්තර දමනවා. එවිට අඹ වැනි පලතුරු ඉදීගෙන එන විට මොවුන් පණුවන් බවට පත්වෙනවා. අඹ ගෙඩිය ඉදී වැටුණු පසුව මොවුන් කෝෂ දමා සුහුඹුලකු වී නැවත ඉගිලෙමින් පලතුරුවලට වහනවා. මේ ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා. එයට විසඳුමක් මා විසින් සොයාගත්තා. ඒ අනුව පලතුරු මැස්සා ආකර්ශන වන ගැහැනු සතාගේ ශ්රාවයෙහි ඇති ‘පෙරමෝනමූල’ මදුරුතලා ශාකයේ තිබෙන බව පර්යේෂණවලින් මා සොයාගත්තා. ඉන්පසුව ලංකාව පුරා ඇති මදුරුතලා වර්ග 44 ක් අතරින් හොඳින් පෙරමෝනමූල ඇති ශාක 4 ක් හඳුනාගත්තා.”
“ඒ අනුව පලතුරු මැස්සා ආකර්ශනය කරගැනීමට හැකි ශාක සාර ‘පෙත්තක්’ නිපදවිමට මට හැකිවුණා. මෙය ක්‍රියාත්මක කරන්නේ පලතුරු ශාකයට මෙම පෙත්ත සහිත බෝතලයක් සවිකර පලතුරු මැස්සා බෝතලය තුළට ආකර්ශනය කර ගැනීමෙනුයි. පලතුරු මැස්සා බෝතලය තුළට පැමිණි පසුව දින කීපයකින් මරණය පත්වෙනවා. මෙය ස්වාභාවික ඛනිජ ද්‍රව්‍ය සහ ශාක සාරවලින් නිපදවා ඇති නිසා කිසිඳු අහිතකර ප්‍රතිපලයක් ගෙනදෙන්නේ නෑ.”
“මෙය නිර්මාණය කිරීමේදී කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික පර්යේෂණ සභාව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මූල්‍ය දායකත්වය සහ සහයෝගීතාව ලබාදුන්නා. ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව හරහා මෙය පලතුරු ගොවීන්ට හඳුවාදීමටත් අපි බලාපොරාත්තු වෙනවා.’’








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද මේවා ගන්න තියන්නේ? මිල කීයද? (නි)
මේ පර්යේෂණය සිදුකළේ මෙතෙක් කලක් ලොකු ගැටළුවක් වෙලා තිබුන පළතුරු රසායනික කෘමිනාශක වලින් තොරව ආරක්ෂා කරගන්න. මෙතෙක්කල් අපි කළ පර්යේෂණ වල අත්දැකීමට අනුව නිෂ්පාදයක් සිදුකර එය සමාජගත කිරීමට නම් ප්‍රධාන පියවර 3ක් සම්පුර්ණ විය යුතුවෙනවා. එනම් පර්යේෂණාත්මක ගවේෂණය, එතුලින් නිෂ්පාදනය කිරීම හා එය සාර්ථක ලෙස ජනතාව අතරට බෙදාහැරීමේ යාන්ත්‍රණය. මෙම පියවරවලින් එකක් හෝ අඩුවුණොත් එය සාර්ථකව ජනතාව අතරට යන්නේ නැහැ. එසේ වුවහොත් රජයේ මුදල් හා පර්යේෂකයින්ගේ මහන්සිය අපතේ යනවා. (නි)
කොහොමද සිඅයිසි සමාගම් මේක අලෙවි කරන්නේ? පේටන්ට් එක විකුනලද? (අ)
නියමයි මේ අයගේ වැඩේ නම්. (බ)
මෙවැනීම ක්‍රමයක් මදුරුවන්ටද සොයාගැනීමට ඔබට හැකිවේවා .ඔබට ජය. (බ)
හොඳ නිෂ්පාදනයක් (නි)
අඹ පත්‍ර ගුල්ලාටත් බෙහෙතක් කියන්න.(හේ)
අගය කළයුතු නවතම සොයාගැනීමක්. අනුකරන නිෂ්පාදන ලෙසින් වෙළදපොළට වෙනත් අයකුට දැමීමට නොහැකිවන ලෙස නිෂ්පාදනය කර දීපව්‍යාප්ත ලෙස අළෙවියට තබන්න. (නි)
අපිට මිලට ගන්න කොහෙද මේවා තියෙන්නේ? (නි)
මෙවන් වටිනා සම්පත් වලින් පල නෙලා ගැනීමට.වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.... (ම)
ඉක්මනට අපිට මෙය ලබාගන්න සළස්වන්න. (නි)
මෙය ඉක්මනින් ලියාපදිංචි කළයුතුයි. නැතිනම් වෙන අය ලියාපදිංචි කර නිපදවාවි (නි)
බොහෝම වටිනා සොයා ගැනීමක්. ඔබතුමාට අපගේ ස්තූතිය.(හේ)
මෙන්න මිනිස්සු! (නි)
අපගේ උපහාරය ඔබතුමාට! (නි)
ඔන්න නියම මිනිස්සු. රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් කී දෙනෙක් වසරකට එළියට එනවද? ඒ බොහෝ දෙනෙක් බලන්නේ ලොකු පඩියකුයි නොමිලේ වාහනයකුයි, එච්චර වැඩක් නැති, නිකන් ඉන්න පුළුවන් හැබැයි එහෙන් මෙහෙන් තව ගතමනාවක් ලැබෙන රැකියාවක් කරන්න. රටට යමක් කරනවා, දැනුමෙන් අලුත් දෙයක් දුප්පත් දුක්විඳින මිනිසුන් වෙනුවෙන් කරනවා කියලා හිතන්නේ ඉතා ටික දෙනයි. ඔබට උත්තමාචාරය! (නි)
මගේ සුභ පැතුම්. (නි)
සුබ පැතුම් (හේ)
වටිනා සොයාගැනීමක්. වස විස නැති පලතුරු නිවෙස් වලම සාදාගන්නා අයට පිටුවහලක්. කරුණාකර පේටන්ට් බලපත ලබාගන්න (නි)
අපගේ සුබ පැතුම්! (නි)
ධර්මදාස මහතාට කෘෂිකර්මාන්තයේ යෙදෙන අපගේ උපහාරය.(හේ)
මෙය අගය කලයුතු සොයා ගැනීමක්.අද ලංකාවේ වගාවන් බොහෝමයක් විනාසකරන පලිබෝදකයන් සිටිනවා ඔවුන් විනස කිරීමට කෘමිනාසක නොයොද මෙවැනි පරිසර හිතකාමී ඔෟෂද සොයාගැනීමට වෙහෙසෙන අයවලුන් දිරිමත් කිරීමට රජය පියවර ගත යුතුය (හේ)
ඉතාම වටිනා සොයා ගැනීමක්. පළතුරු මැස්සාත් එළවලු මැස්සාත් කෘෂි කාර්මිකයාගේ කාලය ශ්‍රමය ධනය සියල්ලම නිෂ්ප්රයෝජන තත්වයට පත් කරවන කෘමියෝ.(හේ)
අනර්ඝයි. පොළෙන් ඉතා වැඩි මුදලක් ගෙවලා පළතුරු ගන්නේ කල් තබා ගැනිමට යෙදු රසායනිකවලින් තොර බවට ස්ථිර විශ්වාසයක් ඇති අයගෙන්. ඒත් බොහෝ වෙලාවට ඉන් වැඩි හරියක් පණුවන් සිටිම නිසා ඉවත් කරන්න සිද්ධ වෙනවා. රසායනිකවලින් මෙන්ම පණුවන්ගෙනුත් තොර නම් දෛනික ආහාර වේලට පළතුරු එක් කරගැනීම වියදම් අධික කටයුත්තක් නොවේවි. (අ)
ඉකමනට වෙළඳ පොලට දමන්න.(කෞ)