විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම සඳහා “සුහුරු පරිණාමක“ පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය එක්ව නිර්මාණය කර තිබේ.
‘සුහුරු පරිණාමක‘ මගින් කෙරෙනුයේ සූර්ය පැනල, විද්‍යුත් ජාලකරන සහ විද්‍යුත් උත්පාදක අපගේ විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේදී වෝල්ටීයතාව ප්‍රමිතියට අනුව 216 ත් 244 ත් අතර අගයක පවත්වා ගැනීමයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ ලෝචනා විජේරත්න සිසුවිය විසින් මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කෙරිණි.
සූර්ය බල පද්ධති මගින් නිපදවන ජවය කාලත් සමඟ වෙනස් වෙනවා. ඒ නිසා බෙදා හැරීමේ ජාලයේ වෝල්ටීයතාව අඩු වැඩි වෙනවා. විශේෂයෙන් සූර්ය බල පද්ධති රාශියක් ඇතිවට දවල් කාලයේදී වෝල්ටීයතාව වැඩි වෙන්න පුළුවන්. වෝල්ටීයතාව 244 ට වඩා වැඩිවුව හොත් ඒ හා සම්බන්ධවන උපකරණවලට හානිදායක වෙනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩුවුව හොත් උපකරණ ක්‍රියාකරන්නේ නැතිවෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන ප්‍රමිතියට අනුව ඒකීය අගයක පවත්වා ගත යුතුයි යන අදහස මට ආවා. ඒ අනුව මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කරන්න හැකිවුණා.
මෙය පසුගියදා බත්තරමුල්ලේ පැවැති විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සම්මේලනයේ කැපී පෙනෙන නිර්මාණයක් වුණා. මෙය අනාගතයේදී විද්‍යුත් පද්ධති ‘සුහුරු පද්ධති‘ බවට පත්කිරීමට අත්‍යවශ්‍ය අංගයක් වේවි යැයි මා සිතනවා.
මෙම සුහුරු පරිණාමකය ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරතාව රැකගැනීමටත් ඉවහල් වෙනවා වගේම විදුලිබල පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 50 ක් රඳවා ගැනීමට හැමවිටම උත්සාහ කරනවා. එහෙත් සූර්ය බල හා අනෙකුත් පුනර්ජනනීය පද්ධති අධික ලෙස ඇති විට ඒවායේ ජවය විචල්‍ය වන විට විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස් වෙනවා. එබැවින් විදුලිබල පද්ධතියේ උත්පාදනය කරන විදුලි ප්‍රමාණය හා පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය අතර පවතින සමතුලිතතාව පවත්වා ගැනීමට අපහසු වෙනවා. එවැනි අවස්ථාවලදී සමතුලිතතාව පවත්වාගැනීමටත් උචිත අයුරින් පරිභෝජනය කරන විදුලි ප්‍රමාණ වෙනස් කිරීමටත් මෙම සුහුරු පරිණාමකයට හැකිවෙනවා යැයි ලෝචනා පැවැසුවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබට සුබ පතමු. තවත් මෙවැනිම නිර්මාණ සඳහා ඔබට ශක්තිය ලැබේවා .අපේ පුංචි කෙල්ලට සුභ පැතුම්. (බ)
මෙන්න මේවනෙ කරන්න ඕනෑ, බෝර්ඩ් අල්ලාගෙන පාරවල් වල දඟලන්නේ නැතුව. (නි)
විශිෂ්ටයි ලෝචනා. සුභ අනාගතයක්! (නි)
නියමයි සහෝදරිය! දැන් ඉන්න ගැහැණු අය දන්නේ මේකප් දාන්න විතරයි. ඒ අතින් ඔයා රටට සම්පතක් (නි)
දුව, ඔබ අපට ආඩම්බරයක්. තව තවත් උනන්දුවී විශ්මිත නිර්මාණ කිරීමට දිරිය යෝධ ශක්තිය ඔබට ලැබේවා....!!! (නි)
මේ වගේ නිර්මාණශිලි දක්ෂයන් අප සමග සිටිනවා ඔවුන්ගේ නිර්මාණ රටේ ආර්ථික ශක්තිය දියුණු කිරීම සදහා යොදාගත යුතුයි එය අපට ආඩම්බරයි ඔබ දෙපලගේ දක්ෂතාවයන් තවතවත් දියුණු කරගැනීමට අපගේ උණුසුම් සුභපැතුම් (බ)
සුබ පැතුම්! (නි)
නියම වැඩක් සුබපතනවා, ඉදිරියටත් මේවා කරගන යන්න (බ)
බොහොම හොඳයි (අ)
ජනතාවට ඔබ කරන මේ සේවයට අපේ ප්‍රණාමය සහ සුබ පැතුම්. මේවා හැකි ඉක්මනින් මහජනතාවට මිලදී ගන්න අවස්ථාවක් උදා කර දෙන්න. (රේ)
ඔන්න තවටික දවසකින් රට අතැර ගියා....... මම කලකිරිමේ කියන තැනට එනකම් බලාගෙන ඉන්න එපා. මේ ඔලුවලින් වඩ ගතයුතුයි. පේරාදෙණිය සරසවිය යනු භයානක තැනකි. මොළේ ඇති හැම එකාම මහවැලියට දියවෙනවා.හන්තාන මුදුනට නගින්නේ එහෙය්යෝ. ඒ නිසා කල්පනාවෙන්. (අ)
නැගණිය, ඔබ අපට ආඩම්බරයක්. තව තවත් උනන්දුවී විශ්මිත නිර්මාණ කිරීමට දිරිය යෝධ ශක්තිය ඔබට ලැබේවා..(බ)
අපි ගරු කරන්නේ මේ වගේ ප්‍රායෝගික, නිර්මාණශීලී වචනයේ පරිසමාප්තයෙන්ම විද්වතුන්ට විනා.... ටයි කෝට් සංස්කෘතියට නෙවෙයි...(බ)
මෙය ඇමෙරිකාවට විකුණලා හොඳ ගානක් හොයාගන්න. මෙහේ අයට කොහෙද ඕවායේ අගයක්? සුභ පතමි! (නි)
මෙය උපකරණයක් ලෙස එලිදක් වන්නේ කවදාද ? පේටන්ට් අයිතිය ලබාගන්න ඉක්මනින්. විදුලි බල මණ්ඩලය සහ රජයේ වගකිවයුතු පාර්ශව දැනුවත් කරන්න. ඔබට සුබ පතමි.! (ර)
ඔබට සුබ පැතුම්! පේටන්ට් අයිතිය ලබාගෙන ඉදිරියටම යන්න. (නි)
ඔබගේ නිර්මාණයට උණුසුම් සුබ පැතුම්! තවත් නිර්මාණ කිරීමට දිරිය යෝධ ශක්තිය ඔබට ලැබේවා! (නි)
අපගේ සුබ පැතුම්.(හේ)
පාරවල් ගානේ ගිහින් අර මට නම මතක නැහැ මොකක්ද එකේ කැඳවුම් කරු වගේ නොකර මේ ළමය වගේ රටට යමක් කරනවා නම් දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා නේද?(හේ)
දැනටමත් අපි භාවිතා කරන වෝල්ටේජ් ස්ටබිලිසේර් කියන්නේ මේවටමද? (නි)
මගේ අවංක සුබ පැතුම් පිළිගන්න. (නි)
ලංකාවේ පාලකයන්ට හෝ බොහොමයක් ජනතාවට මෙවැනි දේවල් වලින් හෝ ඔබ වැනි යමක් කළහැකි බුද්ධිමතුන්ගෙන් පලක් නැත. හැකි ඉක්මනින් විදේශ රටකට ගොස් තවත් පර්යේෂණ සහ නව සොයාගැනීම් කර ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට උත්සාහ කරන්න. (නි)
නියමයි ඒවීආර් එක ඒ විදියමයි (බ)
ඕකේ වටිනාකමක් ලංකාවේ ඉන්න මිනිසුන්ට තේරෙනවද? ඔය දේවල් එන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්. නිදහස් අධ්‍යාපනය නැතිකරන්න හදනකොට එ්ක හොඳයි කියන මිනිසුන් සිටින රටකට ඔය දේවල් වලින් පලක් නැහැ. කරුණාකරලා පිටරටකට ගොස් ඔබගේ දැනුම මානව සංහතිය වෙනුවෙන් යොදවන්න (නි)
රෝහණ, පාරවල් ගානේ ගිහින් රැකගත් නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඕවා එන්නේ. ගහේ මුල කැපුවහම ගහත් ඉවරයි. ගහේ මුල නැතුව ඵල දෙන්න කියලද ඔබ ඉල්ලන්නේ. සමාවෙන්න. මම දන්නවා ලංකාවේ මිනිසුන්ට එක පෙළට සිද්ධි පෙළගස්වා සිතන්න බැරි බව (නි)
ලංකාවේ කොතරම් දේවල් නිපදවා ගතහැකිද? කොමිස් වලට සියල්ල ආනයනය කරනවා. මෙවැනි බුද්ධිමතුන් සහ නිර්මාණකරුවන් විදෙස්ගත වෙනවා. (නි)
සුභ පැතුම්..! (ර)
සුබ පැතුම් ලෝචනා! මේ වගේ නිර්මාණ රාශියක් වර්ෂයකට පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් බිහිවෙනවා. ලංකාදීපයට ස්තුතියි මේක දැම්මට.. (නි)
රටේ දියුණුවට මඟ මෙවැනි නව සොයාගැනීම් හරහා වැටි ඇත. දියණියට සුබ පැතුම්!!! (නි)
සාමාන්‍ය ජීවිතයේදී භාවිතයට ඉතා වැදගත් සොයාගැනීමක්. කොතරම් අපේ විදුලි උපකරණ විදුලිය අඩු වැඩි වීම නිසා පිළිස්සෙනවද? ශ්‍රී ලාංකීය දිරිය දුවගේ ඥානයට මාගේ ගෞරව ප්‍රණාමය! (නි)
ලෝචනා දුවේ, අපේ සුබ පැතුම්! (නි)
රටේ විදුලි ප්‍රශ්නයට සම්බන්ධ දෙයක් නිසා මේ ගැන රජයත් මැදිහත් වෙන්න ඕනෑ. කොහොම වුණත් ඇයට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
උණුසුම් සුබපැතුම්! අපිට ආඩම්බරයක් (නි)
මෙවන් පුරවැසියන් රටට වාසනාවක්! (නි)
ලෝචන, ඔබට ඊ/08 අපගේ සුභාශිංසන! (නි)
ආඩම්බරයි ඔබ ගැන. ඒ වගේම ඒකනායක මහත්තයාගේ මඟපෙන්වීම අගය කළයුතුයි. (නි)
කොච්චර නව නිර්මාණ බිහිවුණත් අපි මේවා අපේ රට වෙනුවෙන් උපයෝගී කරගන්නවද? එ්ත් වෙන රටවල? (නි)
සුබ පැතුම් ලෝචනා අක්කේ! ඔබ අපට ආඩම්බරයක්... (ර)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
මා සමඟ ආචාර්ය උපාධිය කරන චීන ජාතික ශිෂ්‍යයෙක් කිව්වා චීනයේ (වගේම තවත් ගොඩක් රටවල) සූර්ය පැනල එතරම් සාර්ථකව ප්‍රයෝජනයට නොගන්නේ මෙම වොල්ටීයතවයේ සිදුවන වෙනස්කම් නිසා විදුලි උපකරණ වලට සිදුවන හානිය නිසා කියලා. එවන් තත්වයක් පවතින අවස්ථාවක, මෙවන් උත්සාහයක් දැරීම ඉතාම අගය කළයුතුයි. මගේ සුභ පැතුම්! (නි)
ශ්‍රී ලංකාව කියන්නේ නිරන්තරයෙන්ම නව නිර්මාණකරුවන්ගේ තෝතැන්නක්. මේ දැවැන්ත සොයාගැනීම කළ මහාචාර්යතුමාටත්, සිසුවියටත් මගේ අවංක ගෞරවය සහ ස්තුතිය! (නි)
ඔබට තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි සොයුරිය (බ)
ජනක සර් ට ගෞරව කරමි (බ)
නියමයි.(හේ)
මෙවන් නිර්මාන කරන්න ශක්තිය ලැබේවා.(හේ)
ඔබගේ නිර්මාණයට උණුසුම් සුබ පැතුම් (හේ)
ඔබගේ නිර්මාණයට උණුසුම් සුබ පැතුම්! (හේ)
අපගේ සුබ පැතුම්.හොද අනාගතයක්.(හේ)
බක් බූස්ට් කන්වටර් එකකින් කරන්නෙත් මේක නේද? වෙනස මොකද්ද? (හේ)