ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය, උෂ්ණත්වය හා ජල අතිරික්ත වෙනස්වීම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර සිතියම්ගත කිරීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිදුකරයි.
කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය පත්මරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ජාතික පර්යේෂණ සභාව මීට මූල්‍ය දායකත්වය සපයයි.
‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අඩ සියවසක කාලයක් පුරා එක්රැස් කළ දත්ත උපයෝගී කරගෙන මෙතෙක් සිදුවූ කාලගුණික විපර්යාස පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. මෙතෙක් ලංකාවට හඳුන්වාදී නොමැති ක්‍රමවේද හා ප්රවේශයන් ප්‍රථමවතාවට මෙම පර්යේෂණ කටයුතු සඳහා අප උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වෙනවා.‘
‘මහ වැසි, අධික උෂ්ණත්වය, ගංවතුර සහ අනපේක්ෂිත නායයෑම් පිළිබඳව පසුගිය කාලවකවානුවේදී අපට අසන්නට දකින්නට ලැබුණා. මෙම විපරිත කාලගුණික රටා පිළිබඳව විශේෂිත තොරතුරු අධ්‍යයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමගින් නායයාම් ඇතුළු අනපේක්ෂිත කාලගුණික තත්ත්ව ඇතිවන ස්ථාන, ඇතිවන වාර ගණන, තීව්‍රතාව හා පවතින කාලසීමාව පිළිබඳ දත්ත පහසුවෙන් ලබාගැනීමට හැකිවේයැයි අපි විශ්වාස කරනවා.‘
‘කාලගුණික දත්ත වෙනස්වීම් එකතුවක් තුළින් සංඛ්‍යාත්මක නිරූපණ හරහා ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්තව හඳුනාගැනීමට මෙම පර්යේෂණයෙන් අවකාශ ලැබෙනවා. ලංකාව තුළ ආපදා කළමනාකරණයට හා ජල කළමනාකරණයට ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි නවීන සිතියමක් සකස් කිරීම මෙම පර්යේෂණයේ අවසන් ප්රතිඵලයයි‘
මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය මෙත්තිකා විතානගේ, මහචාර්ය එම්.සී.එම්. ඉක්බාල්, ඇමෙරිකාවේ දකුණුදිග ෆ්ලෝරීඩාවේ දිස්ත්‍රික් ජල කළමනාකරණ ආයතනයේ ආචාර්ය ජයන්ත ඔබේසේකර සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක ජී. නවීන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණය වෙනුවෙන් සහාය ලබාදෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ විශ්වා විද්‍යාලයක ආචාර්යවරියක් ආසියාව භාර, ලිපියක් ලියලා තිබ්බා ඩේලි නිවුස් එකේ 2008දි ලංකාවේ කාලගුණය ගැන. එකත් බලන්න. (හේ)
ආචාර්ය මෙත්තිකා මහත්මිය ඉතා හොඳ වැඩකට අතගහලා තියෙනවා. ඔබට සුබ පැතුම්! (නි)
විශිෂ්ට ආරම්භයක්. සුභ පැතුම්! (නි)
දත්ත විශ්ලේෂණය කර සිතියම් ගතකරනවා වෙනුවට, නරකද හේතු වෙනස් වෙද්දී ප්‍රතිඵලය වෙනස් වෙනවාද යන්න සෙවීම?
මෙවැනි කාලගුණ සිතියමක් මීටකලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් අධ්‍යක්ෂකවරයෙකු විසින් පිළියෙළ කලා. එම සිතියම එවකට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙළ කළ සිතියමට වඩා වෙනස් වුණත් එය වඩාත් නිවැරදි බව එය පරිහරණය කළ වාරිමාර්ග සැලසුම් නිලධාරීන් මෙන්ම විදේශික උපදේශකවරුන් පවා එකහෙලාම පිළිගෙන තිබුනා. එම සිතියමට අනුව කැබිතිගොල්ලෑව ආසන්නයේ වැඩි වර්ෂාවක් ඇති කලාපයක් ලෙස නම්කර තිබුනා. ඇත්තෙන්ම එම ප්‍රදේශය වසර පුරා නොසිඳෙන උල්පත් වලින් ගහන ප්‍රදේශයක්. නමුත් එම සිතියම මේ වනවිට තරමක් පැරණියි. අද වර්ෂාව සහ උෂ්ණත්වය එදාට වඩා බොහෝ වෙනස්. එම තත්වය උඩ මෙසේ පැරණි සහ කාලීන දත්ත උපයෝගී කරගෙන නව සිතියමක් පිළියෙළ කිරීම ඉතාම වැදගත්, කාලෝචිත සහ අත්‍යවශ්‍ය පියවරක්. (නි)