පේරු රාජ්‍යයේ ටිටිකාකා විලෙහි ගෙම්බන් විශේෂයක් හදිසියේම මියයෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විල් ඉවුරෙහි සතුන් 10000ක පමණ මියගොස් සිටින බව නිරීක්ෂණය කර ඇත.
අණ්ඩකෝෂ ගෙම්බන් ලෙස හඳුන්වන මෙම සතුන් ශරීර ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩුණු සතකු රාත්තල් දෙකක් පමණ බරින් යුතු වේ.
සම්පූර්ණයෙන්ම ජලයේ ජීවත්වන අතර ටිටිකාකා විල හා ඒ ආශ්රිත ගංගා වල පමණත් වාසය කරයි. විශාල වශයෙන් මනුෂ්‍ය ආහාර ලෙස යොදා ගැනීම සහ වෙනත් මතස්‍ය විශේෂ විසින් ඉස්ගෙඩියන් ආහාරයට ගැනීම ගෙම්බන්ගේ වඳවීමට හේතු වී ඇති බව පර්යේෂකයෝ පවසති.
හදිසියේ මෙලෙස විශාල වශයෙන් සතුන් මියයෑම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මට මේ ගෙබා දකිද්දී මම කුඩා කාලේ හැදුනු වැඩුණු ගම මතක් උනා. (ර)
කියන්ටත් මොකද්ද වගෙයි. මේ වගේ පෙනුමක් තියන දේශපාලු උන්නැහේ කෙනෙක් අපට ඉන්නවනේ! උන්නැහේ කතා කරන්නෙත් හැල ගෙම්බෙක් ගෝසා කරන විදිහටයි! (අ)
අපේ සමහර ගෙම්බන්ටත් මේ දවස් වල හෙනහුරා ලබල තියෙන්නේ. දියවන්නාව පැත්තෙ. (අ)