පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අලෝක වර්ෂ 4.2ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 25ක් දුරින් පිහිටි එම ග්‍රහලෝකය අධික උණුසුමකින් හෝ අධික සීතලකින් තොර ජීවීන්ට හිතකර එකක් බව නාසා ආයතනය පවසයි.
නවීන තාක්ෂණයෙන් යුත් යානයක් එම ග්‍රහලෝකය වෙත යැවීමට වසර 100ක් පමණ ගතවනු ඇතැයි විද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම විශ්මයට පත්වුණා මේ ගැන අහලා (නි)
තනුජ, ශ්‍රීලාල්, මහාදේව, ඔබලාට ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නාට. (නි)
පර්චස් එකක් කීයක් විතර වෙයිද දන්නේ නැහැ (නි)
මෙහෙ ඉඩම් ගිලපු අය දැන්ම තියා මේකට ඉව අල්ලනවා ඇති (නි)
අපේ පෘථිවිය පිහිටන්නේ ක්ෂිරපථයේ කෙළවරේ නම් මෙය ඉන් පිටතද කියා සාපේක්ෂතාවාදී පොඩි ගැටළුවක් මට මතුවුණා
කවුරුහරි මේක පැහැදිලි කරලා දෙනවද? ආලෝක වර්ෂ 4.2 ක් යන දුර යානයකින් අවුරුදු 100 කින් යනවා කියන්නේ, යානයකට අතිවිශාල වේගයක්. මෙච්චර වේගයකින් යානයකට යන්න පුලුවන්ද?
මොකද මන්දා සමහරු දැන් සද්ද බද්ද නැත්තේ. මට මතකයි නාසා එකෙන් යවපු චන්ද්‍රිකාවක් ගැන ඔවුන් ඇතිවෙන්න උඩපැන්නා (නි)
දෙවියන්ට ස්තුති කරන්න ඕනෑ අපිට තවත් ලෝකයක් මවාදීපු එකට (නි)
අනේ අපිට නම් ඔය නොදන්නා ලෝක වලට වැඩිය මේ අපේ රට හොඳයි (නි)
ඒ කියන්නේ පැ.කි. 45,662,100ක වේගයකින් යන්න පුළුවන් යානයක් හැදුවොත් අවුරුදු 100කින් ඊට ළඟා විය හැකියි. ඒ නිසා අවුරුදු 100ක් නෙවෙයි අවුරුදු 500කින්වත් ඊට ළඟා වෙන්නයි කියලා දැන්මම පැ.කි.9,132,420ක වේගයෙන් යන්න පුළුවන් යානයක් හදමු. (බ)
වසර 100 කියන්නේ මිනිස් පරපුරවල් 2ක්. දෙවැනි පරපුරට තම ගවේෂණ කටයුතු කරගත හැකියි (නි)
ලෝකෝත්තර භෞතික විද්‍යාවෙහි ගිලි බලද්දී , තමන් පයගහපු මහපොළොවත් ඇසට නොපෙනෙන කල දුර ඇති ග්‍රහ වස්තුවකට පය ගහන්න සිහින දකින නොදරුවනේ ,ඔබ සැම එහි යන්න ඇද පලද ගනිද්දිම ඔබේ මුනුපුරන්ගේද ආයුෂ සංස්කාරයන් ගෙවෙනවා . (ම)
මේ දවස් වල රෑ 8 ට අහස බලන්න. උතුරේ සිට දකුණට පැතිරුණු අපේ මන්දාකිණියේ බිලියන ගණනක් වූ තාරුකා බලාගන්න පුළුවන්. මේ සියලුම තාරකා අපේ ඉර වගේ ඉරවල්. (නි)
මේ ගොල්ලන් කියන හැම එකම විශ්වාස කරන්න බැහැ. (ර)
ප්‍රොක්සිමා සෙන්චුරි කියන අපට ලගින්ම තියෙන අපේම මන්දාකිනියේ තියෙන තරකා මණ්ඩලයට තමා ඔය ග්‍රහය අයිති වෙන්නේ. අපි අපේ ග්‍රහ මණ්ඩලයෙන් පිටතට යනවනම් යන්න ලගම තියෙන ග්‍රහයා ඕක වෙන්න ඕනේ. හැබැයි දැනට තියෙන තාක්ෂණයෙන් අපිට එතනට යන්න බැහැ අවරුදු 100 කින් නම් . මන් හිතන්නේ තව අවරුදු 100 කින් ඇතිවෙන තාක්ෂණයක් යටතේ යන්න පුළුවන් වෙයි . ඒ වගේම කියන්න ඕනේ විෂවයේ ගමන් කරන්න යන කාලය දුර සහ වේගය අනුව විතරක් හොයන්න බැහැ . සරල රේකිය මාර්ග වල යන්න බැරි නිසයි එහෙම කියන්නේ . ඒ වගේම විද්‍යාව පරීක්ෂණ කරනවා වෙන ක්‍රම හරියට කළු කුහර හරහා යන ඒවා වගේ . අපි කතා වල දකින්නේ මිනිසා දකින ඒ සිහින. (ර)
ඉන්දියාවෙන් පෘතුවියට සමාන ග්‍රහලොව වෙත යානයක් ඒ ග්‍රහලෝකයේ මුහුදක් සහ ඩොල්පින් මසුන් ගැන තොරතුරු පෘතුවියට .-පුවතක් - ඉන්දියාවෙන් ග්‍රහලොව වෙත යැවූ යානය මුහුදට කඩා වැටේ.--ඊට දින දෙකකට පසු පුවතක් -(බ)
අර අපි ඇරපු රොකට් එක කවදාහරි මේකට යයි (නි)
අපි වගේ අයත් ඉන්නවද දන්නේ නෑ.(හේ)
අපරාදේ රොකට් පුතාවත් හිටියා නම් (නි)
කවුරු කොහොම අදහස් දැක්වුවත් මම නම් ආසයි තවත් මනුෂ්‍යයා වගේම සත්ව කොට්ඨාශයක් ඉන්න ලෝකයක් දකින්න, අඩුගානේ මැරෙන්න කලින්...... (නි)
මෙච්චර දුර ග්‍රහලෝක වලට මිනිස්සුන් එක්ක ජෙට් යවන්නේ නැ හලෝ.ඒවාට යවන්නේ මගීන් රහිත යානා. ඒවා කොච්චර කාලයක් ගියත් ප්‍රශ්නයක් නැ.(අ)
සියලුම මිනිස් වර්ගයා තව වසර 100 කින් වඳවෙලා යනවා කිවුවා නාසා ආයතනය. කොහොමද එ්කට අදටත් වඩා නවීන තාක්ෂණයෙන් යුතු යානයක් බිහිකරන්නේ? මට නම් මේ මොකුත් තේරෙන්නේ නැහැ (නි)
එච්චර දුර නම් මෙම ග්‍රහලොව ඇත්තේ වෙනත් මන්දාකිණියක. කොහොම වුණත් ජීවීන් ඉන්න ග්‍රහලෝක කෙතරම් විශ්වයේ ඇද්ද? (නි)
පුලුවන්නම් මේ පෘථිවියේ වනසන ත්‍රස්තයන්ව ඔවැනි ග්‍රහලෝක වලට පන්නා දැමිය යුතුයි. (නි)
ඔය ලෝකෙත් මැව්වේ දෙවියොද?(හේ)
මහාදේව ඔයාට වැරදිලා වගේ පෙන්නේ. තාරකා විද්‍යාවේ හැටියට ආලෝක වර්ෂ 4.2 කියන්නේ හුගක්ම ලගයි.වෙනත් මන්දකිනියකට තව හුගක් දුරයි. අපිට ලගම තාරකාවත් තියෙන්නේ ආලෝක වර්ෂ 2-3 දුරින් .(හේ)
එම ලෝකයේ අපේ වගේ රටකුත් තියනවද? අපේ වගේ දේශපලකයොත් ඉන්නවද කියලා දැනගන්න තියනවා නම් හොඳයි .(හේ)
විශ්වයේ මෙවන් රහස් තව කොපමණ ඇද්ද? (නි)
මංජුල, ආලෝක වර්ෂයක් හැදෙන්නේ මෙහෙමයි, ආලෝකය තප්පරයකට ගමන් කරන දුර (299,792 kilometers per second) 3,600න් (60*60) ගුනකොට, එම පිළිතුර 24න් ගුනකොට අවසාන පිළිතුර 365න් ගුනකල යුතුයි, එතකොට ආලෝක වර්ෂ 4.2ක් කියන්නේ ලඟද? ඒකයි නසා ආයතනය කියන්නේ ඒකට යානයක් යවන්න වසර 100ක් වත් යයි කියල. එක නිසා මෙය ක්ෂීර පථයට ඇතින් පිහිටපු එකක්. (හේ)
නව සොයා ගැනීමක්.(හේ)
දියවන්නාවේ ඉන්න මැඩියෝ සේරම ඒ ග්‍රහලෝකෙට යැව්වනම් අපේ රටේ සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වේවි (බ)
ලෝකය දිනෙන් දිනම තාක්ෂණය පැත්තෙන් දියුණු වෙනවා
මහාදේව, අපි ඉන්න මන්දාකිණිය හෙවත් ක්ෂිරපථය ආලෝක වර්ෂ 100,000 පළලයි. මෙම ග්‍රහලෝකය අයත්වන, අලෝක වර්ෂ 4.2 ඇතින් ඇල්ෆා සෙන්ටුරි තරුව අයත්වන්නේත් ක්ෂිරපථයටම තමයි. (නි)
ළඟම මන්දාකිණිය ආලෝක වර්ෂ මිලියන 2.5 ක් දුරින් තියෙන්නේ. මංජුල කියන ආලෝක වර්ෂ 4.2 ගොඩක් ළඟ එකක් තමා තාරකා විද්‍යාවේ හැටියට. අපි සිටින ක්ෂිර පථයේ පළල ආලෝක වර්ෂ 100,000 - 180,000 විතර. මේක අනිවාර්යෙන්ම ක්ෂිර පථය ඇතුළේමයි තියෙන්නේ. (නි)
ඒ ග්‍රහලෝකයට අපි යන එක නම් ඉතින් සිහිනයක් පමණයි (නි)
එච්චර කාලයක් ගතවෙනවා නම් ඉතින් මේක සොයාගත්තේ කොහොමද? (නි)
එහෙනම්, මේ යානය ගුවන්ගත කරනකොට අලුත ඉපදුන බබාලා ටිකක්, පාසල් ළමයි ටිකක්, දොස්තරලා, ගුරුවරු ඔක්කොම යවන්න වෙයි. අඩුමගානේ ගුවනේදී ඉපදෙන අයවත් අලුත් ග්‍රහලෝකෙට යයිනේ. (නි)
අපිට නම් කවදාවත් යන්න බැරිවෙයි (නි)
දෙවියන්ගේ තවත් නිර්මාණයක්.(ම)
මේකට කියන්නේ ප්රොක්සිමාබ් කියල. එ්ක ප්‍රොක්සිමා සෙන්චරි කියන සුර්යා වටේ පරිභ්‍රමණය වෙන ප්ලැනට් එකක්.(බ)
එහෙත් යහපාලනයද තියෙන්නේ (බ)