දැඩි විවාදයටත් විවේචනයටත් ලක් වූ සැම්සුන් නෝට් 7 දුරකථනයෙ බැටරි දෝෂය සමබන්ධ පළමු නීතිමය ක්‍රියාමාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් වාර්තා වෙයි.
ජොනතන් ස්ටේබල් නම් තරුණයකු මෙලෙස නඩු ගොනු කර තිබේ. තම දුරකථනය තම කලිසම් සාක්කුවේදී පුපුරා ගිය බවත් එයින් වේදනාකාරී පිළිස්සුම් තුවාල ලැබූ බවත් ඉන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් තමන් දැනුම්වත් වී ඇති නමුත් සිදුවෙමින් පවතින නඩු කටයුත්තක් පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවට එම ආයතනයේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
සැම්සුන් නොට් 7 දුරකතනය නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයක් නිසා එය භාවිතයට අනාරක්ෂිත මෙන්ම නුසුදුසු තත්වයක ඇති බව එම ආයතනය මිට පෙර ප්‍රකාශ කළේය. එමෙන්ම නෝට් 7 දුරකථනය පාවිච්චි කිරීමෙන් වැළකි සිටින ලෙස දැනුම් දී තිබේ. මේ වන විට ඇමෙරිකාව තුල එම දුරකතනය සම්බන්ධයෙන් පැමිණිලි 90ක් වාර්තා වී ඇති අතර ඉන් 26ක් පිළිස්සුම් තුවාල සම්බන්ධයෙන් වන අතර 56ක් දේපල හානි සම්බන්ධයෙන් වන බවට සදහන් වේ. ඇමෙරිකාව තුල පමණක් එම වර්ගයේ දුරකථන මිලියනයක් පමණ විකිණී ඇතැයි බලධාරීහු පවසති.එම දුරකථනය සැම්සුන් ආයතනය වෙත භාරදී මුදල් ආපසු ගැනීමට හෝ දෝෂ රහිත නෝට් 7 දුරකතනයක් හෝ වෙනත් දුරකතනයක් ගැනීමට හැකියාව ඇති බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි හොද්ද බොර උනේ ඇපල් සමාගමේ. කියලවත් කරගන්න බැරි චාන්ස් එකක්. (රේ)
සැම්සුන් ජේ 7 කියලා එකකුත් තිබෙනවා නේද?
ජේ7 තියනවා එ්ක තම පුපුරලා නෑ ආරියරත්න (බ)
ඒ ඇමෙරිකාවේනේ. ලංකාවේ වගේ මාළු ලෑලිවලත් තියාගෙන ඇමෙරිකාවේ සෙලියුලර් දුරකථන අළෙවි කරනේ නැහැ. දුරකථන සේවා නියෝජිතයගෙන්ම දුරකතනයක් සහ සිම් කාඩ් එක ගතයුතුයි. ලංකාවේ නම් පේමන්ට් එකෙන් ගත්ත එකකට ලදු පතක් දෙන්නේ නැහැ. ඉතින් කොහොමද පැමිණිලි කරන්නේ. (නි)