අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර වයසක පුද්ලයකුට වුව ද පුරුද්දක් වශයෙන් දිවීමෙන් වේදනා ගෙන දෙන රෝග ඇතිවීමේ අවදානම අඩුවන බවයි.
ටෙක්සාස් හි හුස්ටන් බේලර් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ තත්ත්වය පෙන්වාදී ඇත.
අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධි වල ඇති කාටිලේජ වලට හානි වීම මේ රෝගයට හේතුවයි. දිගැති අස්ථි කෙලවරක් තවත් අස්ථියකට සවි වන ස්ථානයේ කුෂන් කිරීමක් මෙන් කාටිලේජ අස්ථි සැකිල්ලට ආරක්ෂාව සපයයි.
නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව බිඳවැටේ. නමුත් දැනටමත් අස්ථි සන්ධි ප්‍රදාහය වැළදී ඇති පුද්ගලයන්ට මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ලබා ගත හැකිද යන්නට පිලිතුරක් තවම ලැබි නැත.
පර්යේෂණය පිළිබඳ වාර්තාව බොස්ටන් හි පැවති ඇමරිකානු විද්‍යාලයේ රක්තවේදය පිළිබඳ වාර්ෂික රැස්වීමේදි ප්‍රකාශයට පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ඉතින් දුවලා තමයි බේරෙන්න වෙන්නේ. (නි)
දනිස් අමාරු(ආතරයිටීස්) තියෙන අය දුවන්නෙ කොහොමද? ටික දුරක් හයියෙන් ඇවිද්දත් දනිස් ඉදිමිලා රිදෙන්න ගන්නවා. විහිළුවට ගන්න එපා. පිළිතුරක් දන්නවා නම් කියන්න.(හේ)
එහාට මෙහාට පනින අයට දුවන්න ඕන නෑ නේද ? (නදී)
දැන් පනින අය වැඩියි නේද ? (නදී)
දීවීම සහ ඇවීදීම ඉතා හොඳ දෙයකි. මමත් පුරුදදක් ලෙස කරන අයකි. (ස)
දැන්නම් සමහරු දුවන්න පටන්ගෙන නේද? (නි)
මට අවුරුදු 88 ක්. මම උදේට කි.මී. 2ක් විතර ඇවිදිනවා. මගේ ඇඟ අවුරුදු 40ක තරුණයෙක්ගෙ වගේ ශක්තිමත්. (නි)
මානසික ආබාද ඇති අයට ඇවිදීමේදී පවා මුලදී වේදනාවක් ඇතිවේ. එය ඉවසාගෙන තව ටිකක් ඇවිදීමේදී වේදනාව නැතිවේ.(නදී)
දිවීම ඉතා හොදය. මා වයස අවුරුදු 69 යක අයෙකි. වසර 35 කට වඩා දිනපතා ඇවිදිමි දුවමි . ගතද ,මනසද නිරෝගී ය .(බ)
පුරුද්දක් විදිහට දුවන එක ගොඩක්ම ශරීරයට හොඳයි කියලා දැන්නේ දන්නේ. දුවලම බලන්න ඕනෑ. (නි)
දිවීමෙන් හන්දි රුදාව නැතිවෙනවාද, ඇතිවෙනවාද ? මට නම් මේ ලිපිය හරියට තේරුම් ගන්න බැහැ. "අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති." "නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව තහවුරු වී ඇත." මොකක්ද හරි??? (ස)
දුවන අයට හන්දිපත් රුදාව නැතිවෙනවා විතරක් නොවේ, මුළු ශරීරයටම හොඳ ව්‍යායාමයක් ලැබෙනවා, පුළුවන් තරම් දුවපල්ලා, කෑම අඩුකරපල්ලා.(දිල්)
මමත් අවුරුදු හැටහතක පමණ තරුණයෙක්මි.අද මම මේ විදියට ඉන්නේ, දුවන නිසාය. මගේ මුළු ජීවිතේම පුදුමාකාර දිවිල්ලක් දිව්වෙමි. තාමත් දුවමි. (නි)
හන්දි රුදාව තිබෙනකොට කොහොමද දුවන්නේ? (නි)
හැමදාම විනාඩි 30ක් විතර දුවලා ව්‍යායාම වල යෙදෙනවා නම් ශරිරය සමබරව තියාගන්න පුළුවන් ඒ වගේම නිරෝගිකම සහ දෛනික වැඩ කටයුතුවල හොදින් යෙදෙන්න පුළුවන් කම්මැලිකමක් දැනෙන්නේ නැහැ වර්තමානයේ කුඩා දරුවන් ශරිරික ව්‍යායාම් වල යෙදෙන්නේ නැහැ පරිගණක වල ගේම් ගසමින් කාලය කනවා ඒ තුලින් වෙන්නේ වයස 25-30 වෙනකොට ලෙඩෙක් බවට පත්වීමයි විසේසයෙන් අගේ සීනිවල අගය වැඩිවීම ප්‍රේසර් අදික තරබාරුව කොලොස්රෝල් වැනි රෝග ඉතා ඉක්මනින් සරීරය ග්‍රහණය කරගනී..(හේ)
මම අවුරුදු 71ක් වයස අයෙකි.මටත් ඒ කාලයේ ඔයකියන හන්දි අමාරු තිබුන.මම ඒකට කලේ උදේ 4ට පිබිදිලා සැතපුම් 2 පමණ දිවීමත් වේගයෙන් අැවිදීමත් කරලා ඊට පස්සේ යෝගී ව්‍යායාම කිරීමයි.දැන් මට අර තිබුණ අමාරුත් නෑ.අවුරුදු 35 පමණ තරුණයෙකුගේ ක්‍රියාකාරකම් තමයි මට දැන් තිබෙන්නේ.මෙම පර්යේසකයන්ට මගේ ස්තුතිය. ඔබටද මෙය අත්හද බැලිය හැකියි. (ස)
එ්ක ඇත්ත (නදී)
ටිකක් සැර බිරින්දෑවරුන් ඉන්න (අපි ) වගේ අයට නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමි ! මොකද එයා පස්සෙන් එලවාගෙන එනකොට නිතරම දුවනවා නේ. (ර)
ව්‍යායාම කරන්න කරන්න හොඳයි (නි)