තෝරාගත් ශාක කීපයක දියවැඩියාව පාලනය කළ හැකි ශාකමය රසායනික සංයෝග සෙවීමේ පර්යේෂණයක් මහනුවර, හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සිදුකෙරෙමින් පවතී.
ආචාර්ය විදුරංගා වයිසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ශාක නිෂ්පාදනවල පෝෂණ ගුණය සහ දියවැඩියා තත්ත්වය පාලනය කිරීමට ඇති හැකියාව මෙමඟින් නිර්ණය කෙරේ. මේ සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගිනි.
‘ශාක නිෂ්පාදනවල දියැවැඩියාව පාලනය කිරිම සඳහා හැකියාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා විවිධ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා. එහෙත් වඩාත්ම ඵලදායී ක්‍රමය වනුයේ ශාක නිෂ්පාදනවල ප්‍රති ඔක්සිකාරක ගුණය නිර්ණය කිරීමත් කබෝහයිඩ්රේට් බිඳ දැමීමේ එන්සයිම අක්‍රීය කිරීමේ හැකියාව විශ්ලේෂණය කිරීමයි. ඇමයිලේස් එන්සයිමය හා ග්ලූකොසිඬේස්, කාබෝහයිඩ්රේට් බිඳ දැමීමට හැකි එන්සයිමයි. මෑතකදී කරනලද පර්යේෂණ දත්ත මගින් තහවුරු වූයේ සමහර ශාක රසායනික ද්‍රව්‍යවලට මෙම එන්සයිම නිශේධනය කිරීමේ හැකියාව ඇති බවයි. එම ශාක රසායනික ද්‍රව්‍ය මගින් රුධිර සංසරණ පද්ධතියට ග්ලූකෝස් නිදහස් කිරීමේ හැකියාව අවම කිරීමේ හැකියාවත් තියෙනවා’
‘දියවැඩියා රෝගය හේතුවෙන් ඇසේ සුද, වකුගඩු රෝගී තත්ත්ව ඇතිවන අතර ඊට මුක්ත ඛණ්ඩක හේතුවන බව සොයාගෙන තියෙනවා. මෙම මුක්ත ඛණ්ඩක ශරීරයේ ස්වාභාවිකව ජනිත වෙනවා. මේවා අක්‍රීය කිරීමේ හැකියාව ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත සංයෝගවලට තියෙනවා. ඒ අතරින් ෆීනෝලික් සංයෝගය ඉතා වැදගත් වන අතර මෙම පර්යේෂණයෙන් ශාකවල පවතින ෆීනෝලික් සංයෝග හඳුනාගැනීමද අප සිදුකරනවා. මේ සඳහා පශ්චාත් උපාධි අපේක්ෂිකාව ලෙස ශාමිනී ගුණවර්ධන මට සහාය ලබාදෙනවා’
‘මෙහිදී සිදුකරන පර්යේෂණවලට ඉතා ඉහල සංවේදීතාවයෙන් යුත් මිණුම් හා ක්‍රමවේද යොදාගන්නවා. එක්වරකට සාම්පල 96 ක් විශ්ලේෂණය කිරීමේ හැකියාව මෙම පර්යේෂණ උපකරණවලට තියෙනවා. පැය 2 ක් වැනි කෙටි කාලයකදී මෙහි දත්ත ලබාගැනීමට හැකිවෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වන විට දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා සුදුසු ශාක සාර ඖෂධ, ශාකමය ආහාර මෙන්ම ශාකමය නිෂ්පාදන බිහිකිරීමටත් හැකිවේවි‘ යැයි වයිසුන්දර මහත්මිය පැවැසුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියටම යන්න සුබ පැතුම්! (නි)
මිනිස්සුන්ගේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න ඊට අදාළ රෝග ඇතිවෙනවා එක ධර්මතාවයක් ලෝකය දැන් ගලන්නේ තෘෂ්ණාව වැඩි පැත්තට මිනිස්සු අනිත්‍යයි කියන්න දන්නේ නෑ කොටසක් සිල් පද කමින් අකුසල් කරමින් දුගතියට යනවා අනිත් කොටස සිල් පද රකිමින් ඒ සිල් පද වලට ඇලිල සිල් පද කඩන්නන් දකිමින් ලෝභ ද්වේශ මෝහ මතු කරමින් එයාලත් දුගතියට යනවා නැත්තන් සුගතියේ ඉපදිලා අපහු මනුස්සලොකෙට වැටිලා කොයි මොහොතක හරි සිල් පද කඩාගෙන නිරයට වැටෙනවා (ම)
මෙම නරුම ලෙඩේ සුවකිරීමට හෝ සාර්ථකව පාලනය කරගැනීමට බෙහෙත් සොයන ඔබට තෙරුවන් සරණයි. කාර්යය සාර්ථකම වේවා! (නි)
සුගත්ගේ උපදේශ හොඳයි එත් ඔය දේවල් ගැන නොදන්නා අයට අර නව සොයා ගැනීම් නරක නැහැ. (ර)
කෝවක්ක දළු,කෝවක්ක වෑන්ජනය .කොතල හිඹුටු ,කරවිල ,තෙබු කොළ ,කොහොඹ දළු ,වට මර දළු ,මල්,මේවා ඔක්කොම හොඳ බෙහෙත් (බ)
මේ වගේ සොයාගැනීම් ගැන කොයිතරම් පත්තර වල පළවෙනවද? දැන් මාස කීපයකට පෙර ඩෙංගු වලට බෙහෙතක් සොයාගත්තා. වතුරෙන් වාහන ධාවනයට එන්ජින් හැදුවා. මේකත් ඒ වගේ තමා (නි)
දැනට අවුරුදු හතළිහකට පමණ කලින් මුහුදු වතුරෙන් රථ වාහන ධාවනය කරන්න පුළුවන් කියලා ඔය වගේ ප්‍රචාරයක් තිබුනා. සාගර ඉන්ධන සමාගම කියලා කොම්පැනියක් පටන්ගත් බවත් මට මතකයි. (නි)
ඔබට තෙරුවන් සරණයි දරුවෝ... ඔබේ ව්‍යායාමය සාර්ථක නම් මා වැනි තව බොහෝ දෙනෙකුට ජීවය ලැබේවි. (ර)
කට පාලනය කරගෙන දිනපතා ව්‍යායාම කරන්න ලෙඩේ සුව වෙනවා (ම)
දියවැඩියාව දෙවැනි වර්ගය කියන්නේ කට පාලනයෙන් ඉතා හොදින් පාලනය කරගෙන කිසිම සන්කුලතාවක් නොමැතිව ජිවත් වෙන්ට පුළුවන් රෝගයක් . නමුත් අපේ කට්ටිය කන්ට පටන් ගත්තම වෙලාවක් නැහැ (බ)
අතීසාර රෝගයට ශාකසාර විසඳුමක් නැද්ද? (බ)
ආනන්ද, නිහාල්, ඇය අාහාර තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිධාරිනියක් වගේම එම විෂය පිළිබඳවම පශ්චාත් උපධිධාරිනියක්. ඇයගේ පරීක්ෂණ සාර්ථක වේවා කියා පතනවා! (නි)
දියවැඩියා රෝගීනි, ප්‍රවේශම් වන්න (නි)
පින් සිද්ධ වේවා. සතුටුදායක ආරංචියක්.(හේ)
ලෝකවාසී ජනතාවම ඔබව අගය කරාවි (නි)
මමත් දුෂ්මන්ත වගෙයි. (නි)
සතුටුදායක ආරංචියක් (නි)
බොහොම පින් සිදුවන උත්සාහයක් (නි)
ඇත්තටම මම නම් මේවා ගැන හරි එතරම් විශ්වාස කරන්නේ නැහැ (නි)
මම මේකට උපරිමයෙන් දායක වෙනවා (නි)
ඉතා හොඳ උත්සාහයක් (නි)
ඔබට ජයම වේවා....! (නි)
හොඳ වැඩක් හොඳ වෛද්‍යවරයෙක් (අ)
ඔබේ සොයා ගැනීමක් වුනත් අපේ පිටරට ඉන්න අය ඔයාටත් හොරෙන් ඔය දේ අරගෙන එහෙ ලොකු කොම්පැනියකට විකුණයි. ඒ නිසා නිත්‍යනුකුල නොවෙන තුරු ඒ විස්තර නම් කාටවත් දෙන්න එපා! මේ මගේ අදහසයි! නුඹට ජය! (බ)
දෙවි පිහිටි ඔබට එය හොයාගත්තොත්(අ)
බලාගෙන! බහුජාතික සමාගම් ඇහැ ගහගෙන ඉඳලා මොන ලෙඩක් අදීවිද දන්නේ නැහැ. (නි)
ජීවක වෙදැදුරෙක් මෙලොවට පැමිණ ඇත (නි)