තාරකා විද්‍යාඥයන් විසින් දැවැන්ත තරු බිහිවන ප්‍රදේශයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඉරාස් 16547-4247 ලෙස නම්කැර ඇති මේ ප්‍රදේශයේ ගෑස් උපදවමින් තරු බිහිවෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකි වූ බව පර්යේෂකයෝ කියති. වේගයෙන් සංසරණය වන වායු වලා මෙතනෝල් අණුක මාර්ගයෙන් විමෝචනය වෙමින් තාරකා හා උප තාරකා බිහිවෙමින් පවතින බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙතනෝල් අණුක වායු විමෝචනයෙන් තරු බිහිවන ආකාරය නිරීක්ෂණය කළ හැකි වූ ප්‍රථම අවස්ථාව මෙය යැයි ද පැවසේ. කෙසේ වෙතත් මේ තත්ත්වය වැඩිදුර අධ්‍යයනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව ද තාරකා විද්‍යාඥයෝ කියති.
පොකුරු වශයෙන් උපතලබමින් සිටින මේ තාරුකාවලට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9500 ක දුරක් පවතින බව ද තහවුරු කැරගෙන ඇත. ඉබාරකි විශ්වවිද්‍යාලයේ ආචාර්ය අයා හිගුචි විසින් මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මෙහි අධි ඝනත්වයකින් යුතු තාරුකා උපත ලබමින් තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඔය තරු බිහිවෙලා තියෙන්නේ මීට අවුරුදු 9500 කට කලින්? (නදී)
ඕවා ගැන දැන් කතාකළාට අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා වසර 2500කට එහා කාලයේදී (නි)
විශිෂ්ටයි (නි)
මම එකඟ අරවින්දගේ වසර 9500 කතාවට (නදී)
අරවින්ද ගුණවර්ධනගේ අදහස් නිවරදියි (නදී)
ආශ්චර්යවත් පුවතක්
පුදුමාකාරයි! (නි)
නිර්මාණ වාදයවත්, ඉබේ අැතීවීමවත් නෙවෙයි ඇත්ත, හැම දෙයක්ම සිද්දවෙන්නේ හේතු ඇතිව, හේතුව නැති කිරීමෙන් පලය නැතිවෙනවා. එකයි මේ විශ්ව සොබාවය. (ස)
එතකොට නිර්මාණ වාදයද ඉබේ ඇතිවීමද හරි? (නදී)
විශිෂ්ට සොයාගැනීමක්. සාර්ථක වේවා! (නි)
ඔය වගේ දේවල් පෙනෙනවා දවලට නින්ද යනවිට .ඕව වැඩිය ගණන් ගන්න එපා. (ස)
තව ටිකක් කල්යනකොට එයාලා වෙන මොකක්හරි කියයිද දන්නෙ නැහැ (නි)
අරුම පුදුම සොයාගැනීමක් (නි)
විශ්වයේ රහස් කෙතරම් විශ්මිතද ? (ම)
ඇත්තටම පුදුමයි. මට නම් අදහාගන්නත් බැහැ (නි)
අග්ගඤ්ඤ සුත්‍රයේ විශ්වය ගැන අද දකින ඇත්ත -දේශනා කර ඇත .(ම)
විශ්වය අනන්තයි, විශ්මිතයි. එහි අවසානයක් දැකිය නොහැකිය. (ස)