ළග එන අවුරුද්දට පාරිභෝගිකයන් සෑම විටම උත්සාහ දරන්නේ ගෙවන මුදලට වටිනා පිරිසිදු හා ප්‍රමිතියෙන් උසස් ආහාරපාන මිලදී ගැනීමටයි. නමුත් කූට වෙළදුන් විවිධ උපක්‍රම යොදමින් තත්ත්වයෙන් බාල ආහාරපාන අඩු මුදලට විකිණිමට තැත් කරනවා. බාල ආහාර පරිභෝජනය විවිධ ලෙඩ රෝග වලටද හේතුවක් වෙනවා. මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පර්යේෂණ ඒකකයේ ජේෂ්ඨ තාක්ෂණ නිලධාරි අයිරාංගනී තුම්පෑල මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලාංකාවේ බහුලව මෙවැනි ආහාර තත්ත්වයෙන් බාල කර විකිණිම් උත්සව සමයේ දී සුලභව දැකිය හැකි බවයි.
එළකිරි ජලය සමඟ මිශ්‍ර කිරීම, පැණි වර්ග වලට ජලය සහ සීනි මිශ්‍ර කිරීම, හාල් වලට කැඩුණ හාල් මිශ්‍ර කිරීම, තක්කාලි සෝස් සමඟ වට්ටක්කා පල්පය, ඉරිගු පිටි මිශ්‍ර කිරීම, ගම්මිරිස් සමඟ ගස්ලබු ඇට මිශ්‍ර කිරීම, ස්වභාවික විනාකිරි වලට කෘත්‍රිම විනාකිරි මිශ්‍ර කිරීම,පොල්තෙල් සමඟ පාම් තෙල් මිශ්‍ර කිරීම කහ කුඩු වලට මෙතැනිල් කහ තහනම් වර්ණකය මිශ්‍ර කිරීම, නැවුම් තේ කුඩු සමඟ ඉවත ලන කසළ තේ මිශ්‍ර කිරීම මේ අතරින් සුලභය. ශ්‍රී ලංකාවේ ආහාර පනතේ විධිවිධාන යටතේ මෙවැනි ආහාර තත්ත්වයෙන් බාල කර විකිණීම් දඩුවම් ලැබිය හැකි වරදකි.
එම නිසා පාරිභෝගිකයා සෑම විටම ආහාරපාන මිලදී ගැනීමේදී අසුරන වල ඇති ලේබල් කියවීමට අමතක නොකළ යුතුය. හැකි සෑම විටම SLS, ISO , HACCP වැනි තත්ත්ව සහතික සහිත නිෂ්පාදන මිලදී ගැනීමට හුරුවීම සහ වියළි ආහාර වර්ග පැහැය සහ සුවද පිළිබද විමසිළිමත්වීම ඉතා වැදගත් බවත් සෑම විටම නිවසේදී පිළියෙළ කරන ලද ආහාර සහ බීම වර්ග වලින් අමුත්තන්ට සංග්‍රහ කිරීම නුවණට හුරු බවද ඇය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර පනතේ විදියට මේ වැරදි වලට දඬුවම 5000යි, නැත්නම් 10000යි. මේ අය දවසකට දඩය වගේ දහ ගුණයක් ලබා ගන්නවා. (නි)
සුදු හාල්, රතු කැකුළු මෙන් පෙන්වීමට රතුපාට ඩයි වර්ගයක් මිශ්‍රකර විකුණනු ලැබූ බාල හාල් වර්ගයක් ගැනත් වාර්තාකර තිබුනා මතකයි. (නි)
මේවන විට ලංකාවේ ක්‍රියාත්මක දඩුවම් සදහා මීට වඩා ප්‍රායෝගික වන්නේනම් හොදයැයි අපි එදත් කීවෙමු තවමත් කියන්නෙමු. ඔවැනි වැරදි වලට දඩය දස ගුණයකින් වැඩිකළ යුතු අතර අවම වසරක් ඇප නැතිව රිමාන්ඩ් කල යුතුය. ලංකාව තුල පිළිකා රෝගීන්ගේ ඉහළයාමට විකෘර්ති කරන ලද ආහාර-පාන දැවැන්ත සාධකයක්ව තිබේ.(රේ)
අවුරුද්දට කාලා හමාරයි. (බ)
එ්ක හින්දා තමයි බඩු මිල වැඩි කරලා තියෙන්නේ. මඤ්ඤොක්කා අලයක් තම්බාගෙන පොල් ටිකක් එක්ක කාලා හිටියා නම් ඉවරයි. (නි)
රටපුරා විදාතා මද්‍යස්ථාන වලින් කුඩා කාණ්ඩයන් එකතුකර හොඳ ප්‍රමිතියෙන් භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කරන්න (නි)
ඔය වංචාව කරන්නේ සිංහල මුදලාලිලා නම්, ඒ අපේ ජාතියම ආගාදයට ගෙයන්නන් (බ)