IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මතකය වනසන රකුසෝ

දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර්යයක් සඳහා තම සිත යොමුකරගෙන සිටින විට එය මනාලෙස මොළය මගින් නියමිත ස්ථානයේ තැන්පත් කරන බවයි. එම ප්‍රදේශය හයිපොකැම්පස් ලෙස හඳුන්වයි. ඒ කලාපය මොළයේ දත්ත සංවිධානාත්මක ලෙස වර්ග කර ගබඩාකර ගන්නා කලාපයයි. එමෙන් ම එ් කලාපය මතකය නැවත ස්මරණය කිරීමට ද උපකාරී වේ.

කෙසේ හෝ පාඩම් කරන අතරතුර වරින් වර ස්මාර්ට් ෆෝන් භාවිතය, පරිගණක ක්‍රියා කිරීම හා රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවල නිරතවන විට පාඩම් කටයුතු මොළයේ ගබඩා වන්නේ නියමිත ස්ථානයේ නොවේ. ඒවා ගබඩා වන්නේ මොළයේ සැලසුම් කිරීම සහ අභිප්‍රේරණය කිරීම යන ක්‍රියවාන්ට සම්බන්ධ ස්ථානයේ නොවන බැවින් ඒ තොරතුරු නැවත ස්මරණය කිරීම අපහසුය.

මෙලෙස එක් කාර්යයක නිරත නොවී විටින් විට වෙනස් වෙනස් වූ කාර්යයන් සඳහා සිය අවධානය යොමුකරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ මෙන් ඩොපමේන් නමැති හෝමෝනය නිකුත්වේ. මේ හේතුවෙන් එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයකුගේ සිතේ ඇතිවන අදහස් වලට සමාන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.

මෙයින් සිදුවන්නේ පුද්ගලය දැනුම හා ඥාණාත්මකබවට හානි පැමිණීමයි. මේ සොයා ගැනීම තම දරුවන් පාඩම් කරන කාලයේ දී රූපවාහිනිය නරඹන දෙමාපියන්ට ඒ ගැන යළි යළිත් සිතා බැලීමට සුදුසු කාලය එළැඹ ඇතැයි ද පර්යේෂකයෝ කියති.



අදහස් (0)

මතකය වනසන රකුසෝ

මොහොමෙඩ් රහුෆ් Wednesday, 22 April 2015 01:48 PM

මෙවනි තොරතුරක් ඉතා වැදගත්ය. මෙය අනුගමනය කළයුතුය (නි)

:       0       0

ජෝන් Sunday, 19 April 2015 02:00 PM

හයිපොකැම්පස් (බ)

:       0       0

අසේල Saturday, 18 April 2015 12:45 PM

දෙමාපියන් අනිවාර්යෙන් බැලියයුතු ලිපියකි මෙය. ස්තූතියි ලංකාදීප! (නි)

:       0       0

ටෙනිසන් Monday, 20 April 2015 12:50 PM

දැන් ඉන්න දෙමාපියන්ට මේවා බලන්න වෙලාවක් කොයින්ද අසේල? දවල් තිස්සේ සල්ලි පස්සේ දුවනවා. හවසට මෙගා පස්සේ දුවනවා. පොඩිඋන් ටික කුඩ්ඩෝ පස්සේ දුවනවා.අන්තිමට රජයට (මොන රජය හිටියත්) බනිනවා. (නි)

:       0       0

ලක්මාල් Friday, 10 April 2015 10:17 AM

ඉතාමත් වැදගත් ඔවදනක් අද ඉන්න දෙමවුපියන්ට ලබාදෙනවා!!! (ම)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 05:41 AM

සුභාවිත සංගීතය ධනාත්මක ප්‍රතිඵල ගෙනදේ (නි)

:       0       0

හර්ෂ Sunday, 17 May 2015 03:31 AM

මේ ප්‍රවෘත්තිය අපිට ඉතා වැදගත් (නි)

:       0       0

සුජි Tuesday, 12 May 2015 06:47 AM

දරුවොත් දෙමාපියොත් කියවි යුතු හොද ලිපියක්. (ම)

:       0       0

සරත් Friday, 10 April 2015 04:30 PM

හරියටම හරි. දෙමාපිය අවධානය යොමුවිය යුතුය. (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Saturday, 11 April 2015 12:56 PM

ස්තුතියි ලංකාදීප. හරවත්, වැදගත් (බ)

:       0       0

වනිගසේකර Monday, 20 April 2015 01:05 AM

සංගීතයට සවන්දීම හොඳද? (නි)

:       0       0

බුද්ධි Wednesday, 22 April 2015 06:55 AM

හොඳ පුවතක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29993 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12133 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10893 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 760 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 229 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 881 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site