මිනිසුන් සහ සතුන් අතර සම්පේ‍්‍රෂණය වියහැකි මෙන්ම ප‍්‍රතිජීවක ඖෂධවලට ප‍්‍රතිරෝධතාවක් දක්වන මෙතිසිලීන් ප‍්‍රතිරෝධී ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ බැක්ටීරියාව ඌරු ගොවිපොළ ආශ‍්‍රිත ව්‍යාප්තිය පිළිබඳ සොයාබැලීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ආචාර්ය රුවනි කලූපහන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.
ඌරු ගොවිපොළ ආශ‍්‍රයෙන් මේවන විට පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින අතර එහි නියැඳි නෙදර්ලන්ත පර්යේෂණාගාරයකට යොමුකර තිබේ. මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගිනි.
“සතුන්ගෙන් සහ මිනිසුන්ගෙන් හටගන්නා ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ බැක්ටීරියා අතර පවතින සමානතා සොයා බැලීමේ අරමුණින් අහඹු ලෙස තෝරාගත් සූකර ගොවිපොළ 100 ක් ආශ‍්‍රයෙන් පර්යේෂණ කටයුතු අපි ආරම්භ කළා. බැක්ටීරියා යනු සෑම තැනම විසිරී සිටින ක්ෂුද්‍ර ජීවීන් කණ්ඩයක්. මේ අතරින් සමහර බැක්ටීරියා වර්ග මිනිසාගේ මෙන්ම සතුන්ගේ දේහ මතද වාසය කරනවා. මෙම බැක්ටීරියා අතර රෝගකාරක බැක්ටීරියා හා සාමාන්‍යයෙන් රෝගකාරක නොවන බැක්ටීරියා සිටිය හැකියි. මෙතිසිලීන් ප‍්‍රතිරෝධී ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ කියන්නේ රෝගකාරකයක් වියහැකි බැක්ටීරියාවකි. මෙම බැක්ටීරියාව ඇතැම් ප‍්‍රතිජීවක ඖෂධ සඳහාද ප‍්‍රතිරෝධීතාවක් දක්වනවා. මෙවැනි බැක්ටීරියා මගින් ආසාදනය වන රෝග සුවපත් කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් විය හැකියි. මෙම බැක්ටීරියාව ලංකාවේ ජනතාව අතරද පවතින බවට පර්යේෂණ වාර්තා කීපයක් පෙන්වාදී තියෙනවා.
සතුන්ට හා සත්ව ගොවිපොළවලට සුවිශේෂී වූ මෙතිසිලීන් ප‍්‍රතිරෝධී ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ බැක්ටීරියාව මිනිසාට සම්පේ‍්‍රෂණය වන බව වෙනත් රටවල සිදුකළ පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මෙම තත්ත්වය ලංකාවේ සූකර ගොවිපොළ ආශ‍්‍රිතව පවතීද යන්න අධ්‍යයනය කිරීමට අපි මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වෙනවා." යැයි ආචාර්ය රුවනි කලූපහන මහත්මිය පැවැසුවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයකුත් තියෙනවා. එ්කේ ඇමතිලා බෙහෙත් ගන්න පිටරට වලට යනවා. අැයි අපේ රටේ සොයාගැනීම් කරන අයව දිරිමත් කරන්නවත් බැරි? (නි)
දැනටත් ප්‍රමාද නැත. වහාම සැබෑව ජනතාවට පැහැදිලි කරන්න. මනුෂ්‍යයාට මේ සතාගෙන් අැති විනාශයේ තරම. (නි)
මේ පර්යේෂණ වලට පාර්ලිමේන්තු පරිසරයත් යොදා ගැනීම සුදුසු යයි මම යෝජනා කරමි.(හේ)