IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


පෘථිවියට ඔක්සිජන් දුන්නේ ඇල්ගාවක්

අදින් වසර ලක්ෂ 25,000 ට පෙර මහ සයුරේ ඇතිවූ නීල හරිත ඇල්ගී වායුගෝලයට ඔක්සිජන් එකතු කර ජීවීන්ට හිතකර පරිසරයක් මිහිමත ඇතිවීමේ මුල් පියවර තබා ඇතැයි කැනඩාවේ හා ඇමෙරිකාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත.

මේ ඇල්ගි හේතුවෙන් වසර ලක්ෂ 25,000 සිට 1,000 දක්වා කාල පරතරයේ දී වායුගෝලීය ඔක්සිජන් ප්‍ර‍මාණය අද පවතින ඔක්සිජන් ප්‍ර‍මාණයේ ආසන්නය දක්වා වර්ධනය වන්නට ඇතැයි ද ඔවුන් පෙන්වාදෙයි.

මේ පර්යේෂණය මෙහෙයවූ වෝටර්ලූ සරසවියේ පෘථිවි හා පරිසර විද්‍යාව පිළිබද මහාචාර්ය බ්‍ර‍යන් කැන්ඩල් පවසන්නේ වසර ලක්ෂ 25,000 ට පෙර පෘථිවියේ ඔක්සිජන් සාන්ද්‍ර‍ණය ස්ථාවර මට්ටමක නොපැවති බවයි. නමුත් මේ පර්යේෂණය අනුව සොයාගත් නව දත්ත හේතුවෙන් එලෙස ස්ථාවරව නොතිබූ වායුගෝලීය ඔක්සිජන් අද පවතින තත්ත්වයට පිවිසියේ කෙසේ ද යන්න පිළිබද පැහැදිලි පිළිතුරක් ලැබෙන බව ද මහාචාර්ය වරයා පවසයි.

 



අදහස් (0)

පෘථිවියට ඔක්සිජන් දුන්නේ ඇල්ගාවක්

දුමින්ද Friday, 04 December 2015 09:13 AM

මැටිපහන ඔයාගේ අදහස් දැක්කම ඔයාට නම තිබ්බ කෙනාට සම්මානයක් දෙන්න ඕනේ , රන්ජන්ට අබ සරණයි (බ)

:       0       0

තුසිත Tuesday, 24 November 2015 03:39 AM

අනේ මන්දා මැටිපහන, මම ඔයාගේ කතාවට මොනවා කියන්නද? (නි)

:       0       0

මැටිපහන Monday, 23 November 2015 09:49 AM

සුරංග විජේසිංහ, ඒක තමයි මමත් හිතුවේ. ඔය කතාව මම කියවල නැහැ. අදම හොයාගෙන කියවන්න ඕන. අනිත් එක, ඔය ජාතක කතා ටික කියවන්න දෙන්න ඕන ඔය විද්‍යාඥයින්ට. එයාල නිකන් කාලේ නාස්ති කරනවා. බුදුදහමේ ඔක්කොම කියල තියෙන නිසා එයාලට වෙන වැඩකට කාලේ යොදවන්න පුළුවන්. (බ)

:       0       0

මැටිපහන Monday, 23 November 2015 04:01 AM

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ දෙවියෝ තමයි එක කලේ කියල. (ම)

:       0       0

සපුමල් Wednesday, 25 November 2015 03:47 AM

" ඔය කතාව මම කියවල නැහැ. අදම හොයාගෙන කියවන්න ඕන". මැටිපහන හොද අදහසක් අදවත් කියවන්න .(රේ)

:       0       0

ඉන්දික Tuesday, 01 December 2015 09:40 AM

ලහිරු, ඔයා අහලා නැද්ද බුදුවරු ගොඩක් හැම කල්පෙකම පහළ වෙනවා කියලා. හැබැයි ඔයාගේ හිතේ තිබෙන එක හොයන්න ගියොත් කවදාවත් ඔයාට එයාලව හමුවෙන්නේ නැහැ. ඔබ අසා තිබෙනවද ඇල්බර්ට් අයින්ස්ටයින් බුදුදහම අගය කළ බව? (නි)

:       0       0

ලංකා Tuesday, 24 November 2015 06:35 AM

ඇයි මන්ද මේ රටේ මිනිස්සු හැම දේටම ආගම සම්බන්ධ කරගන්නේ. තමුන්ගේ ආගම ගැන කතා කරනවානම් කමක් නෑ අනුන්ගේ ඒවා බොරු කියලත් කියනවා. අනුන්ගේ විශ්වාසයන්ට ගරු කරන්න කියල නේද බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ. (බ)

:       0       0

ටෙෂාන් Tuesday, 01 December 2015 10:17 AM

අනුන්ගේ ආගම් වල වැරදි හොයන්න කලින් අඩු ගානේ මාසෙට සැරයක් එන පෝයට වත් පන්සල් යන්න. පෝයට කලින් තැබෑරුම් වල පෝලිම් වල ඉන්නේ නැතුව. මොකද ඒ ආගම් වල කට්ටිය සතියට සැරයක් හරි ඒගොල්ලන්ගේ අාගම කරනවා. (ස)

:       0       0

නාරද Monday, 23 November 2015 07:40 PM

මේ සොයාගැනීම් වලින් ලෝකය තවත් ඉදිරියට යනවා (නි)

:       0       0

රන්ජන් Friday, 27 November 2015 06:02 AM

අග්ගඥ්ඥ සූත්‍රයේ ඔක්ෂිජන් ඇතිවුන හැටිත් තියෙනව ද? (බ)

:       0       0

විකුම් Sunday, 29 November 2015 12:01 AM

ලංකාදීපයට බොහොම ස්තුතියි

:       0       0

සුරංග විජේසිංහ Monday, 23 November 2015 06:44 AM

අග්ගඥ්ඥ සුත්‍රය කියවන්න තව විස්තර තියෙනවා. බුදුදහමේ ලෝක අාරම්භය විස්තරයේ මෙය තිබෙනවා . දෙවියන් හෝ කවුරුන් විසින් ජීවය , හෝ වායුගෝලය මවන ලද්දක් නොවේ. (බ)

:       0       0

විජේසුන්දර Monday, 23 November 2015 11:51 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 01 December 2015 04:59 AM

ආතර් ශ්‍රී ක්ලාක් මහතාගේ අනාගත වාක්‍ය හරියනවා සිකුරුයි.මෙය එයට හොඳම නිදසුනක්. (ම)

:       0       0

චින්තන Tuesday, 24 November 2015 04:09 PM

මැටි පහන නිකන් එකක් නෙමේ ඩබල් මැටි පහනක් (බ)

:       0       0

ලහිරු Monday, 30 November 2015 02:57 AM

ඔයාලවත් මමවත් බුදුදහම හරියට දන්නේ නැහැ. දන්නවා නම් අපි රහත් වෙනවා,මාර්ගඵල ලැබේවි අපිට එහෙනම්. කිසිම දවසක විද්‍යාවට අගෞරව වෙන විදිහට කතා කරන්න එපා. එයාලගේ කැපවීම් නිසා තමා අද අපි සතුටින් ජිවත්වෙන්නේ. අපි කරන්නේ කියවන එක විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site