IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මත් උවදුරු අන්තරාය නිරන්තර සෙවිල්ලට ගනිමු

රුපියල් කෝටි 130 කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෂීස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිවු දෙනකු මීගමුව මාරවිල අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කෙතරම් මෙහෙයුම් දියත් කළ ද සැකකරුවන් තොග පිටින් අත්අඩංගුවට ගත්ත ද ජාවාරම්කරුවන් තමන්ගේ මෙහෙයුම් නතර කර නැති බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ. ජාවාරම්කරුවන්ගේ එක් උත්සාහයක් වනුයේ ආරක්ෂක අංශ දහවරක් සාර්ථක වුවත් එක් වරක් හෝ තමන් සාර්ථක වීමටය. ඒ සඳහා සුළු හෝ අවස්ථාවක් ලැබීම ප්‍රමාණවත්ය. ආරක්ෂක අංශ තම ග්‍රහණය ලිහිල් නොකර අවදියෙන්ම කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි.

මීගමුව මාරවිල අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අතර අයිස් කිලෝ ග්‍රෑම් 122 ක් හා හෂීස් කිලෝ 88 ක් තිබූ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නාවික හමුදාව හා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව මාසයකට ආසන්න කාලයක් පුරා සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව විශේෂ මෙහෙයුමක් කර මෙම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට අනුව අරාබි රටක සිට පැමිණි වෙළඳ නෞකාවක් හරහා ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් අතට පත්වී තිබේ. විදේශයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවටත් මත්ද්‍රව්‍ය  චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින කඳානේ කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර නමැත්තා මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ‘චේන්’ එකකි. එහි එක් තැනක් විදේශය හා සම්බන්ධව තිබේ. තවත් නැනක් මෙරට පාතාලය හා සම්බන්ධය. තවත් කොනක් බන්ධනාගාරයේය. පොලිසියේද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේද, සුරාබදු දෙපාර්තමේන්තුවේද, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේද, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේද සිටින නිර්ලජ්ජිත දූෂිත නිලධාරීහුද මේ දම්වැලෙහි පැටලී සිටිති. ඒ බවට සාක්ෂි උවමනාවටත් වඩා ඉකුත් සමයේ වාර්තා විය. එහෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩැලීමේ මෙහෙයුම් දුෂ්කර බව අවිවාදිතය. එහෙත් රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් නොමැලිව හා නිර්භයව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුතුය.

කොණ්ඩ රංජි බන්ධනාගාරගතව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ නම් බන්ධනාගාර සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විශේෂයෙන් කැඳවා කළ සාකච්ඡාවකදී ද අවධාරණය කරනු ලැබුවේ බන්ධනාගාරගත වූවන්ට වැරැදි වැඩ කිරීමට ඇති සියලුම මාර්ග අහුරා තබන ලෙසය.

බන්ධනාගාරය යනු අපරාධකරුවන්ට ඉතා ආරක්ෂිතව අපරාධ හා ජාවාරම් සැලසුම් කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ඇති නේවාසිකාගාර බවට පත්වී තිබේ නම් එය ඉතාමත් ඛේදවාචකයකි.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග හොර පාරෙන්ම යළිත් ජාවාරම්කරුවන් අතට පත් කෙරෙන බව ඉකුත් සමයේ වාර්තා විය. නීති විරෝධීව මෙරටට ගෙනා කහ කුඩු කිලෝ ලක්ෂ ගණනක් විනාශ කළ බව  මාධ්‍ය වාර්තා කළේ මෙයට දෙතුන් දිනයකට ඉහතදීය. ඒවා විනාශ නොකර ජනතාව අතර බෙදා හැරියේ නම් වඩාත් හොඳ යැයි යන්න ජනප්‍රිය වූ මතයකි. මන්දයත් කහ යනු වහ නොවන හෙයිනි. එහෙත් කහ එසේ විනාශ කළද මත්ද්‍රව්‍ය තොග ගබඩා කර තිබේ. එය තවත් ජාවාරමකට හේතුවකි. 2020 වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් 15 දක්වා අතර කාලය තුළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත මත්කුඩු කිලෝ 2740 ක් ඉදිරිපත් කර ඇත.

2019 වසරේදී මත්කුඩු කිලෝ 1841 ක් ඉදිරිපත් කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ අත්අඩංගුවට ගන්නා මත්කුඩු සාම්පලයක් පමණක් නඩු කටයුතු සඳහා රස පරීක්ෂකවරයා වෙත යවා ඉතිරි තොග ප්‍රසිද්ධියේ විනාශ කිරීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවය. එබඳු විකල්ප මාවත් අනුගමනය නොකර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිය නොහැකි බව අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (3)

මත් උවදුරු අන්තරාය නිරන්තර සෙවිල්ලට ගනිමු

ranga Thursday, 07 January 2021 07:06 AM

මෙව්වා වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ දියවන්නාවේ ඉන්න අයනේ.

:       0       7

sharm warn Thursday, 07 January 2021 07:55 AM

ඔය චේන් එකේ කෙළවර අල්ලගෙන ඉන්නේ සුදුරෙදි හොරු. දියවන්නාවේ ඉන්න සුදුරෙදි හොරු. ඒ අයව අල්ලන්නේ නැතිව මේ සිල්ලර හෙන්චයියන්ව අල්ලලා වැඩක් නැහැ. හෙට තව කෙනෙක් ජොබ් එක බාර අරන් බිස්නස් එක දුවනවා. ඒක තමයි ඇත්ත.

:       0       7

Raveendra Friday, 08 January 2021 12:54 AM

කිසිදු පක්ෂ, පාටවලින් තොරව දියවන්නාව පට්ටියේ මීහරකුන්ගේ දායකත්වය සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකි දවසක මේ සියල්ල සහමුලින්ම අපේ මව්බිමෙන් තුරන්කළ හැකියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 966 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site