ආගම දහමට ලැදි මෙම තරුණයා රැකියාව කළේ කොළඹය. ඔහු දිනක් බාරයක් ඔප්පු කිරීමට දුර බැහැර ප්‍රදේශයකට ගියේය. දින දෙකක් එහි ගතකළ ඔහු ආපසු පැමිණීමට පෞද්ගලික බසයකට ගොඩවිය. ටිකට් පත ලබාගැනීමට මුදල් පසුම්බිය ගත්විට එහි තිබුණේ රුපියල් පනහක් පමණි. ඇඳුම් බෑගය ද රැගෙන බසයෙන් බැසගත් ඔහු රියැදුරු මහතාට කතාකොට ”අයියේ මට කොළඹ යන්න ඕනේ. අතේ තියෙන්නේ රුපියල් පනහයි. පර්ස් එකේ තිබුණු පන්සීය වැටිලා. අයියාට මම සල්ලි කොළඹ දී දෙන්නම්” යැයි අහිංසකව පැවසීය. තරුණයාගේ මුහුණ බැලූ රියැදුරාට ඔහු කීවේ සත්‍ය බව වැටහුණි. ”කමක් නැහැ. සල්ලි ඕනේ නැහැ. අපිත් එක්ක යමු”යි පවසමින් තරුණයාව ඉදිරිපස අසුනක වාඩි කරවීය. පැය කිහිපයකින් බසය දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලය ඉදිරිපිට නැවැත්වීය. ”යමු මල්ලි මොනාහරි කමු” යැයි රියැදුරු මහතා තරුණයාට ආරාධනය කළත්, ” ඕන් නැහැ අයියේ බඩගිනි නැහැ” තරුණයා පැවසීය. ”පිස්සු ද මල්ලි වියදම කඩෙන්” යැයි පැවසූ රියදුරා, තරුණයා සහ කොන්දොස්තර සමග හෝටලයේ විශේෂ කාමරයකට ඇතුළු විය. එතැන සිටි පුද්ගලයකු ඇමතූ රියදුරු මහතා, ”අද අපේ බස් එක අයිති මහත්තයත් ආවා”යැයි ගජබින්නයක් ඇදබෑවේය. ”එන්න සර්” යැයි තරුණයාට ගෞරවයෙන් පැවසූ පුද්ගලයා නොයෙක් වර්ගයේ ආහාර පාන මේසය මත තැබීය. බසය කොළඹට ළඟා වූ අතර රියැදුරු මහතා ඇමතූ තරුණයා, ”අයියාට බොහොම ස්තුතියි, විනාඩියක් ඉන්න බස් ගාස්තුව ගෙනත් දෙනකන්”යැයි කීය. එවිට රියදුරු මහතා ”මේවාත් උදව් ද මල්ලී, සල්ලි එපා පරෙස්සමින් යන්න” යැයි පිටට තට්ටු කරමින් පැවැසීය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝස් සල්ලි
මුදල් පසුපස හඹා යන මෙවන් සමාජගයක මෙවැනි රියදුරන් දෙවියන්ය.. ඔහුට බුදුසරණයි..!(නු)
හොද රියදුරු මහතෙක්. (නි)
මගියාගේ වෙලාව හොඳටම හොඳයි වගේ (ස)
ජසි තිසර, මෙමෙ රියැදුරා බස්හිමිකරුට මේ කතාව කියන්න ඇති.බස් හිමිකරු ආවත් නැතත් බස් නවත්තන හෝටල් වලින් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට හොදට සළකනවා .සමහර හෝටල්වලින් බස් එකකට ගානකුත් දෙනවා. ඔබ සර්ව අසුබවාදියෙක්. (නි)
රියදුරු මහතාගේ නම දැම්මා නම් තවත් හොදයි. (නි)
මේකත් හලාල්ද? (නි)
ඔහු හොද රියදුරු මහතෙක්. ඔහුට බුදු සරණයි! (නි)
ෂුවර් එකටම ගාල්ලේ රියදුරෙක්. (නි)
පහන්, මේ රියැදුරා බස්හිමිකරුට මේ කතාව කිවුවා නම් බස්හිමිකරු එවේලේම රියදුරාගේ පඩියෙන් මගියාගේ බස් ගාස්තු කපා ගන්නවා හෝ රැකියාවෙන් අස්කරනවා නිසැකයි. හෝටල් මුදලාලි ඒ තුන් දෙනාට නොමිලේ දුන් කෑම වල මුදල හෝටලේ කෑම කන ලද අනිත් මගියන්ගේ මුදලින් ගනු ලැබේ. බස්හිමිකරු සහ හෝටල් මුදලාලි වෙස්සන්තර වෙලා නැත. වෙස්සන්තර වුනා නම් ඔවුන් දෙදෙනාගේම ව්‍යාපාර මේ කතාව ලිවීමට අද එහි නැත. මම සර්ව අසුබවාදියෙක් නම් නොවේ. යමක සත්‍ය අසත්‍යතාවය සෙවීමට කැමත්තෙක්මි. (නි)
ලක්මාල් සහ තුවාන් ෂෙරිෆ් මා අදහස් කළ කපටි බව වටහා ගෙන ඇත. බස් රියදුරු, මඟියා බස් මුදලාලි කර වෙනදා නොලැබෙන හොඳ රසවත් කෑම නොමිලේ කන්න මඟියා යොදාගෙන ඇත (පළමුවෙනි වංචාව).මඟියාගෙන් බස් වියදම නොගැනීමෙන් බස් අයිතිකරු වංචා කර ඇත (දෙවැනි වංචාව). උදව්ව හොදයි. නමුත් අනෙකෙකුව වංචා කර කරන උදව්ව හරි උදව්වක්ද? පහන්, මෙතැන සිදුවී ඇත්තේ වංචාවක්, සම්ප්රයෝගයක් නොවේ. (නි)
ගිලීමලෙත් ඇත දත සුද්දෝ ... (නු)
හොද මනුස්සයෙක්. (නි)
බස් කොන්දොස්තරලයි රියදුරොයි 99%ක්ම මහා එපාකරපු අය. (නි)
රියදුරු මහත්තයාට මගේ සුභ පැතුම්! (නි)
නිර්මාණශීලී කතාවක්. (නි)
මෙහෙම අය සිටිනවා කියලා ඇසීමට ලැබීමත් හදවතට සැනසිල්ලක් (නි)
පුද්ගලික බස් රටට කරන සේවය කවුරුත් අගය කරන්නෙ නැහැ (නි)
දෙවියෙක් වගේ රියදුරු මහතෙක් (ස)
තව කෙනෙකුගේ බඩ පුරවන්න පොඩි බොරුවක් කිවුව නිසාද ඩ්‍රයිවර් කපටියෙක් කියලා කිවුවේ? (නි)
ජයී තිසර හිතන විදියට හිතුවා නම් අර තරුණයාට කොළඹ එන්න බැරිවෙයි. (නි)
ආදර්ශවත් කතාවක්.. අපිට නම් නෙමෙයි. හිතක් පපුවක් නැති මිනිසුන්ට...!(නු)
සෑම බස් රථ රියදුරෙක්ම මෙය ආදර්ශයට ගත යුතුයි..!(නු)
කොයිඑකටත් රියදුරු මහත්තයෝ, පොඩ්ඩක් හොයලා බලලා උදවු කරන්න. (නි)
චන්දි, මම බස් රියදුරු නම් මගේ මුදලින් ඒ මඟියාට ටිකට් පතක් කපා කොළඹට ආ පසු ඒ මුදල ඉල්ලා ගනු ලැබේ. ඒ මඟියා කෙරේ මගේ ත්‍යාගශීලි සහ උපකාර කිරීමේ අදහසේ වගකීම සහ අවදානම මම බාර ගත යුතුය. (නි)
ජසී තිසර මට දැනුයි තේරුණේ. ඔයා බස් මුදලාලි කෙනෙක් නේද ? (නි)
ඔබ වැනි අයට තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ. (නි)
ජයී තිසර, අද අපේ රටේ අයට ඇත්ත තිත්තයි වගෙයි පෙනෙන්නේ. (නි)
හොද දෙයක් කර විට එකේ හොදපැත්ත දකින්න , කරපු දෙයින් කඩෙ මුදලාලිටත් පිං . බස් මුදලාලිටත් පිං , හොද දේ හොද විදිහට දකින්න ඇස් නැති හැටි (ස)
හොද බස් අංකල්. (නි)
කාර්වල යන උදවිය තමයි මේක බලන්නම ඕන (ස)
මෙම කඩහිමියා ලංකාදිප ඔන්ලයින් බැලුවොත් රියදුරාට දෙවි පිහිටයි. (නි)
මේ වගේ දේවල් අද කාලේ අහන්න ලැබෙනවා අඩුයි. අවංකවම සතුටුයි. ඔබ වැනි කරුණාවන්ත අයට කවදාවත් වරදින්නේ නැහැ. (නි)
මේක ඉතාමත්ම වැදගත් හොද ක්‍රියාවක්.. නම් ගම් ඇතිව පළ කළ යුතු දෙයක්.. අන් අයත් මේලෙස සිටිනවානම් කොපමණ හොදද?(නු)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. මනුස්සකම රුපියල් සත වලට යටකරන යුගයක මෙය උසස් ක්‍රියාවකි..!(නු)
ඇත්තටම උතුම් ක්‍රියාවක් මිනිසකු මේ විදියට අසරණ වූ විට පිහිටවීම ඉතාම උතුම් ක්‍රියාවක්..!(නු)
එයා රියදුරු මහත්තයෙක් වගෙයි.. කොහොමද දන්නෙ නැහැ අනිත් වැඩ..!(නු)
හුගදෙනෙක් බස් රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්තුරුන්ට බනිනවා..ඒත් ඒ මිනිසුනුත් හිත් පිත් ඇති උතුම් මිනිස්සු.. මේක එක උදාහරණයක් විතරයි..!(නු)
දෙවියෙක් වගේ රියදුරු මහතෙක්.. ගොඩක් පිං ඔබතුමාට..!(නු)
මෙහෙමත් හොද කට්ටිය තාමත් ලංකාවෙ ඉන්නවා එහෙනම්...!(නු)
එම රියදුරු මහතාට පිං සිදු වෙයි..!(නු)
කතරගම කොළඹ බස් එකක්..!(නු)
සමහර බස් රියදුරන්ගේ ගතිගුණ එතරම් හොද නැති වූවත් හැමෝම එහෙම නැති බව දැනගන්න මංජු..!(නු)
මේන්න නියම මාතලී රියදුරු මහතෙක් .මේවගේ ඒවා කියවද්දී සිත නිවෙනවා .ලංකාවට එන්න හිතෙනවා .මිනීමැරුම් ගැන අහද්දී මානසික අත්තතිය හැදෙනවා මැරෙනකම් රට ඉන්න හිතෙනවා .(නු)
පුංචි පුංචි සිදුවීම් අපි පොඩියට සැළකුවත් ඒවායෙන් අපේ ආධ්‍යාත්මයට ඇති වෙන බලපෑම සුළු පටු නැහැ... මේකත් එහෙම සිදුවීමක්..(නු)
තව සැරයක් හොඳින් කියවා මෙහි සැඟවුන දේ තේරුම් ගතහොත් බස් රියදුරු කපටියකු බව වටහා ගත හැකිවේ.(නු)
හොද කතාවක්..(නු)
මනුස්සයෙකුගේ මනුස්සකම මතු වෙන්න තැනක් නොතැනක්, දැන ඇදුනුම්කමක් අවශ්‍ය නෑ... හෘද සාක්ෂිය හොදටම ප්‍රමාණවත්.... මේ එයට නියම උදාහරණයක්..... ඇත්තටම මිනිස්සු ළග තාමත් ටික ටික හරි මනුස්සකම ඉතිරි වෙලා............(නු)
හොද මිනිසුන් අප අතර ගොඩක් ඉන්නවා.. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් කරන පහත් වැඩ නිසා ඔක්කොම එක මල්ලට දානවා..!(නු)
ඉදලා හිටලා මේවගේ අවස්ථාත් එනවා.. මොහොතකට හරි බස් අයිතිකරුවකු වීමත් උජාරුවක් වෙන්න ඇති එයාට..!(නු)
රියදුරු මහතා හොද කෙනෙක්... අපි හොදනම් මිනිස්සු කොහොමත් හොදයි..!(නු)
හරිම හොද බස් රියදුරු මහත්තයෙක්.. ඒ වගේම හොද මගියෙක්..!(නු)
ජසි තිසර කියන්නේ කඩමුදලාලිව රවට්ටපු එකනේ, ඒවා බොරු නෙමේ සම්‍යප්‍රයෝග .චේතනාව හොදනම් අගය කරන්න, ඔයාට හොද නරක තේරුම්ගන්න බැහැනේ කරුණාකර දහම්පාසල් යන්න .(නු)
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වන්දි.(නු)
බස් එකේ රියදුරු මහතා මහත්තයෙක් නෙවෙයි. සැබෑම මහත්මයෙක්. ඔබ වැනි මිනිසුන් තමයි සිරි ලක් මෑණියන්ට වර්තමානයේ අවශෂ්‍ය. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. (නු)
කලු ගල් අතරේ මැනිකක්.......(නු)
ඇත්තෙන්ම අගය කළයුතු රියදුරු මහතෙක්....(නු)
රියදුරාගේ කිසිම කපටි කමක් නැහැ.. ජායි තිසර දන්න දෙයක් නැහැ.. ඕනෙම බස් එකක් දවල් කෑමට හෝ තේ බොන්න නතර කළාම ඒ බස් එකේ රියදුරාට සහ එහි සහායකයාට කැමති ඕනෙම කෑම ජාතියක් නොමිලේ කන්න කඩ හිමියා අවසර දීලා තියෙන්නේ.. බස් එකේ සෙනග කඩේට ගේන්නෙ ඒ දෙන්නා නිසා තමයි කඩෙන් එහෙම කරන්නෙ..!(නු)
තිසර, කඩේට බොරුවක් කියපු එකද කපටි කම..!(නු)
හොද හදවතක් තියෙන මිනිසෙක් හදුනාගත්තා..!(නු)
සිරි ලක් මැණියන්ට මෙ වගෙ උතුම් මිනිසුන් සිටීමත් වර්තමානයේ අපට ආඩම්බරයක්.....(නු)
තිසර ඔයා කියන දේවල් වැරදියි..!(නු)
රියදුරු මහත්තාත් කළ උදව්ව හොදයි.. නමුත් බොරු කියලා රස ආහාර කාපු එකනම් හොද නැහැ.. හැම ආගමක්ම කියන්නේ බොරු කියන්න එපා කියලා..!(නු)
රියදුරු මහතාගේ නම සහ ගම සදහන් කරන්න තරම් වටිනවා.. එයාට ගරු කිරීමක් හැටියට..!(නු)
මේ වගේ හොද රියදුරන් ඕනෑතරම් ඉන්නවා. (නි)