(අරුණ එස්. කුමාර)
නුගේගොඩ නගරාසන්නයේ කාන්තා නේවාසිකාගාරයකි. කොළඹට නුදුරු රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය නියුතු කාන්තාවෝ පිරිසක් මෙහි නවාතැන් ගෙන සිටිති. ඔවුහු දුර පළාත්වලින් කොළඹ ආවෝ වෙති.


ඒ අතර කුලියාපිටිය ප‍්‍රදේශයෙන් මෑතකදී කොළඹට ආ තරුණියකි. නව රූපලාවණ්‍ය කටයුතුවලට බොහෝ සේ ඇලූම් කරන ඇය යෙහෙළියන් සමඟ විවිධ කඩ සාප්පුවලට ගොස් සබන් වෙනුවට භාවිත කරන ඇඟ පිරිසුදු කිරීමේ ෂැම්පු වර්ග රැුගෙන විත් හිස පිරිසුදු කිරීමට මෙන්ම මුහුණ පිරිසුදු කිරීමටත් යොදා ගනිති.


නේවාසිකාගාරය උදෑසනට තරමක් අවිවේකීය. ඇඟපත සේදීමට තරගයකි. කලින්ම ඇඟපත සේදීමට හැමෝම යුහුසුළු වෙති.
තමන්ගේ සබන් වර්ග ද ෂැම්පු වර්ග ද වෙනම ම තබා ගනිති. පසුගිය දිනක කුලියාපිටියේ තරුණිය ඉක්මනින් ඇඟපත සේදීමට නාන කාමරයට අලූතින් ගෙනා ෂැම්පු වර්ග ද රැුගෙනය. ඇඟ පත සේදීය. මුහුණ ගෑමට ඇති ෂැම්පු හිසේ ගෑවාය. හිසේ ගෑමට ඇති ෂැම්පු මුහුණේ ගෑවාය. පසුව ඇයට මුහුණෙන් අමුත්තක් තේරී හොඳින් විපරම් කර බැලූවාය.


ඇයට ඉහ මොළ රත්විය. ෂැම්පු වර්ග දෙක මාරු වී ඇති බව දැනගත් ඇය කිසිවකුට එය නොපැවසීමට සිතාගත්තාය. නමුදු ඒ ගැන සිහි වෙද්දී ඇයට තනිවම සිනා ගියාය. එක් දිනක් ගත විය. මෙම තරුණියගේ පුංචි වෙනසක් දුටු, ඇය සමඟ එකට සිටින අනෙක් තරුණියන් ඒ ගැන ඇගෙන් විමසුවාය. එවිට එම තරුණියගෙන් ප‍්‍රශ්න වැලකි. නංගී මගේ මුහුනේ වෙනසක් පේන්නෙ නෑ නේ දැයි ඇය ඔවුන්ගෙන් විමසුවාය.