IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


හොරෙන් කාලා කැමරාවෙන් අහුවෙලා

දින කිහිපයක් දිකින්නට නොලැබුණු තරුණයා දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලයට පිවිසියේය.

වෙනදා මෙන් ඔහුට සලකන වේටර්වරයා එතැනට පැමිණි අතර රුපියල් පනහක් අතට ගත් තරුණයා එය ගුලිකර කාටත් නොපෙනෙන සේ වේටර් අත තැබුවේ සුපුරුදු පරිදිය.

වේටර්වරයා ඇස්වලින් යමක් ප‍්‍රකාශ කළත් කුසගින්නේ සිටි තරුණයාට එය වටහාගත නොහැකි විය. මේසය මතට මස්, මාළු, බිත්තර සමඟ ව්‍යාංජන ද තැබිණි. පෙර දිනවල මෙන් බත් සමඟ මස් ද මාළු ද බිත්තර ද බෙදාගත් හෙතෙම ව්‍යාංජන ද දමාගෙන බඩපුරා අනුභව කළේය.

අතුරුපසට අයිස්ක‍්‍රීම් ද ගත් පසු බිල ලැබිණි. බිල දුටු තරුණයාට දෙලෝ සිහිවිය. බිල රුපියල් හාරසිය විස්සකි. වේටර් තැන ඇමතූ ඔහු ‘‘වෙනදා මට බිල දෙන්නේ රුපියල් එකසිය අසූවයි’’ යනුවෙන් පැවසීය. ”සර් දැන් ඒ වැඬේ කරන්න බැහැ මෙහෙ සීසීටීවී හයි කරලා.

මුදලාලි ගෙදර ඉඳන් ෆෝන් එකෙනුත් කඬේ දිහා බලන් ඉන්නේ. සර්ට මම ඇස්වලිනුත් පෙන්නුවේ ඒක ගැන තමයි’’ වේටර්වරයා පැවසීය. කිසිත් නොදෙඩූ තරුණයා බිල ගෙවා පිටතට පැමිණියේය. ඔහු හෝටලය ඉදිරිපිටින් යෑම ද නතර කළේය. 



අදහස් (0)

හොරෙන් කාලා කැමරාවෙන් අහුවෙලා

සිරිමෙවන් Thursday, 19 November 2015 05:44 AM

දකුණේ නියම කොල්ලෙක්ද කොහෙද? (නි)

:       0       0

රෙක්ස් Saturday, 21 November 2015 04:21 PM

මුදලාලාලි දුරකථනය අතේ තියාගෙන බැලුවත් කතාකරන දේවල් මුදලාලිට ඇහෙන්නේ නැහැ පෙනෙනවා විතරයි. (නි)

:       0       0

චන්න බුවනක Thursday, 19 November 2015 03:54 PM

මස්, මාළු, බිත්තර, අයිස් ක්‍රීම් ඕව ඔක්කොම ඕනි නැහැනේ. අවශ්‍ය දේ කෑවනම් ඇතිනේ. (බ)

:       0       0

සරත් Thursday, 19 November 2015 04:08 PM

"හොරා කෑම" මොනදේ උනත් හොදම නැහැ. (ස)

:       0       0

ධනුෂ්ක Friday, 20 November 2015 05:06 AM

අම්මට හොරෙන් කුස්සියට ගිහින් සීනි හැන්දක හෝ හෝර්ලික්ස් හැන්දක රස බැලුවේ නැති කෙනෙක් නම් එයා ලංකාවේ ඉපදුන කෙනෙක් නෙවෙයි. (ම)

:       0       0

ලලිත් කුමාර Friday, 20 November 2015 03:00 PM

මෙතන අදහස් දමා තිබෙන අයවලුන්ගේ අදහස් දැක්කාම පුදුම හිතෙනවා.අම්මාගෙන් සීනි හෝ කිරිපිටි හොරා කෑම නෙවෙයි මෙතන කතාව තියෙන්නේ. අනුන්ව වංචාවෙන් බොරුවෙන් රවටා හොරෙන් කන එක ගැන නොවෙයි කතාව,අන්දරේ සීනි කාපු එක ගැන පම්පෝරි ගහනවා. (බ)

:       0       0

ඉමේෂ් Thursday, 19 November 2015 06:35 AM

මේ සී.සී.ටී.වී හරිම කරදරයක්. කිසි දෙයක් නිදහසේ කරන්න බැහැ. එදිනෙද ජන ජීවිතය අඩාලවෙලා.(හේ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 21 November 2015 08:45 PM

මටත් ඔය වගේ වැඩක් වුණා කලකට ඉහතදී. හැබැයි ඒක ටිකක් වෙනස්. මම තවත් විදේශීය මිතුරියක් සමඟ පේරාදෙණිය මල්වත්ත නරඹා දවල් කෑම සඳහා පේරාදෙණිය තානායමට ගියා. කෑම අවසානයේ සේවකයා මගේ කණට ළං වී මෙහෙම කිවුවා: "සර් දෙන්නගේ කෑමට බිලක් දැම්මොත් මෙච්චර වෙනවා. ඒ වුණත් සර් කැමති නම් මිලෙන් බාගයක් මට දීලා යන්න"..... (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Thursday, 19 November 2015 10:42 AM

මුදල් දී කෑම කනවාට වඩා හොරෙන් කන එක සමහර අයට රස ඇති. මේ මම අහපු කතාවක්. දවස් ගාණකින් කුසට අහරක් නොලැබුන අසරණයෙක් සයිවර් කඩේකට ගිහින් බඩ පිරෙන්නම කෑම කැවාලු .ගෙවන්න මුදල් නැහැ කීවාම හෝටලේ මුළුතැන් ගෙට ඇරලා, කාපු කෑමවල වටිනාකමට තියෙන වැඩක් පළක් කරලා යන්න කීවාලු. වැඩ ඉවර කරලා දීලා හෝටලෙන් එළියට එනකොට මුලදී තිබ්බ බඩගින්න දෙගුණ,තෙගුණ වෙලා තිබ්බාලු. (බ)

:       0       0

බණ්ඩා Thursday, 19 November 2015 04:41 PM

ඉතින් ඕක ඇස්වලින් නැතිව කටින් කියන්න තිබුනනේ කැමරා සවි කරලා තියෙන්නේ කියල (බ)

:       0       0

තුෂා Thursday, 19 November 2015 04:59 PM

අනේ බණ්ඩා මහත්තයෝ කතාවේ අන්තිම කොටස කියෙවේ නැද්ද ? මුදලාලි ගෙදර. ඉඳන් ෆෝන් එකෙනුත් කඩේ දිහා බලාගෙන ඉන්න නිසයි ඇස් වලින් කියලා තියෙන්නේ.හොඳ වැඩේ හොරා කනවාට.(ස)

:       0       0

ray Thursday, 19 November 2015 06:41 PM

අතේ සල්ලි තියාගෙන හොරකම් කරන අයට තියෙන්නේ මානසික ලෙඩක්.නැති බැරි කෙනෙක් හොරකම් කරනවාට වඩා මෙවැනි අය මානසික වශයෙන් තෘප්තියක් ලබනවා ඇති.දියුණු රටවල් වලත් ඉන්නවා මෙවැනි අය.සොයා බැලුවොත් දුප්පත් අය නොවෙයි.කාන්තා ඇදුම් හොරෙන් ගන්න අය මේ අතර බහුලයි.(ස)

:       0       0

දිලාන් Friday, 20 November 2015 08:36 AM

හොරෙන් කළා අහු උනාම තමන්ගේ හිතට දැනෙන ලැජ්ජාව , අමතක කරන්ට පුලුවන්ද ? (ස)

:       0       0

සුනිල් ගීකියනගේ Thursday, 19 November 2015 10:26 PM

මම හොරෙන් කාලා තියෙන්නේ සීනි. ගෙදර තියෙන සීනි ගොට්ට තමයි හොරෙන් කන්නේ. අනේ මගේ අම්මා ඕක හංගනවා මට හොයාගන්න බැරිවෙන්න. ඒත් මම කොහොමහරි හොයාගෙන කනවා. (නි)

:       0       0

කපිල Friday, 20 November 2015 08:48 AM

නුගේගොඩ නවරස හොටෙලයෙන් අපි පන්ති ගියාම කාපු හැටි මතක් වෙනවා. (ස)

:       0       0

සාමා Thursday, 19 November 2015 12:44 PM

මමත් ඔහොම කඩ වලින් කාලා තියෙනවා ලංකාවේ. දැන්නම් ලැජ්ජත් හිතෙනවා (නි)

:       0       0

අජිත් Monday, 23 November 2015 01:10 PM

මමත් හොරෙන් කාලා තියෙනවා. (ර)

:       0       0

චන්න Thursday, 19 November 2015 08:07 AM

කෝ මේ නැති බැරි කමට වංචා හොරකම් කළාට කමක් නැහැ කියන අපේ කට්ටිය ? (බ)

:       0       0

නිමල් Thursday, 19 November 2015 02:12 PM

සාමා, ලංකාවේ සිටියදී කඩවලින් හොරෙන් කෑම කෑවාද? ඒ මොන ලජ්ජා නැති වැඩක්ද? තව කවුරු කවුරු මේ පාඨක සභාවේ ඉන්න කට්ටිය හොරෙන් කාලාද දන්නේ නැහැ. (නි)

:       0       0

තුශාරී Thursday, 19 November 2015 02:31 PM

සාමාව හෝටලේ කුස්සියට යැව්වේ නැද්ද වළං පිඟන් හෝදන්න? (නි)

:       0       0

ජනක Friday, 20 November 2015 03:36 AM

ඉමේෂ්, ඔයාද මේ හොරෙන් කන මනුස්සයා? (නි)

:       0       0

ඉන්දික Saturday, 21 November 2015 01:50 AM

ලැජ්ජා නැති මිනිස්සු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 242 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site