ඔහු පෞද්ගලික අංශයේ කාර්යාලයක සේවය කරන ලිපිකරුවෙකි. ඔහු නිවසේ සිට ගල්ඔය හන්දියට පැමිණි බස්රථයේ නැගීම පුරුද්දක් කර ගෙන සිටියේය. හන්දියේ හෝටලයට ගොඩ වී කිරි තේ කෝප්පයක් බී හන්දියට වී බස්රථයක් එන තෙක් බලා සිටීමද ඔහුට  පුරුද්දක් වී තිබිණ.

උදේ වරුවේ නියමිත වේලාවට දිනපතාම පැමිණෙන බසයට නැග ඔහු යයි. එම බස්රථය තම හිතවතෙකුගේ නිසා ඔහු වෙනත් බස්රථයක යන්නේ කලාතුරකිනි.

පුරුදු වේලාවට හන්දියට පැමිණි ඔහු නිතර යන බස්රථය එදින පැමිණියේ නැත. ඔහු ටික වේලාවක් බලා සිටියේය. ඔහු අත ඔරලෝසුවක් හෝ ජංගම දුරකතනයක්ද නොවීය.

 කාර්යාලයට යා යුතු වේලාව ආසන්න වෙමින් පැවතිණි. ඔහු කඩියෙකු සේ හැසිරෙන්න විය. තවම බස් රථයක් එන ලකුණක් නොදුටු ඔහු අසල සිටි ගැටවර වයසේ පසුවෙන අයෙක් ළඟට කිට්ටු විය.

 ”මල්ලී වේලාව කීයද?”විමසුවේය.

”අනේ අයියේ, මේ ඔරලෝසුව මගේ අතේ බැඳ ගත්තේ මට වේලාව බලාගන්නයි. අර කඬේ පැත්තේ ගිහින් වේලාව බලාගන්න” තරුණයා  කීවේය.
 නොසිතූ පිළිතුරක් ඇසුව ඔහු පාරේ ඈත බසයක් එනතුරු බලා සිට විනාඩි කීපයකින් පැමිණි බසයට ගොඩවිය.