කොළඹට නුදුරු නගරයක බස්නැවතුම් පොළක් අසල බිම වාඩි වී හිඟමනේ යෙදෙන අන්ධ හිඟන්නෙක් සිටියේය.
ඔහුගේ සහායට අවුරුදු 16ක් පමණ වයසැති කොලූ ගැටයෙක් ද විය. ”කරුණාකර මේ අන්ධ හිඟන්නාට ඔබේ ආධාරය ලබා දෙන්න.” යනුවෙන් සඳහන් පුවරුවක් ඔහු අසලින්ම තබා තිබේ. මේ අන්ධ හිඟන්නා මුලින්ම කරන්නේ සෙනඟ එක්රැුස් කර ගැනීම සඳහා ගීත කීපයක් ගායනා කිරීමයි.
ගීතවල තාලයට අනුව රබාන ගසන්නේ කොලූ ගැටයායි. අන්ධ හිඟන්නාගේ ගීත ඇසීමට නගරයේත් බස්නැවතුම්පොළේත් සෑහෙන පිරිසක් දිනපතාම මේ ස්ථානයට ඇදී ආහ.
දිනක් හරි අපූරු දෙයක් සිදුවිය. කොලූ ගැටයා කුඩා පෙට්ටිය ද රැුගෙන සෙනඟ අතරට ගියේය. වෙනදාට වැඩියෙන් මුදලක් එක්කාසු කර ගත් කොලූ ගැටයා ආපසු අන්ධ හිඟන්නා වෙත පැමිණ මුදල් පෙට්ටිය බිමින් තැබීය.
ඒ දෙස උකුසු ඇසින් බලා සිටි ගැටකපන්නෙකු පිරිස අතරේ සිටි බව කිසිවකු දැන සිටියේ නැත. කොලූ ගැටයා මුදල් පෙට්ටිය අසලින් මදකට ඈත් වී රැුස්ව සිටි පිරිස අතරේ කෙනකු සමග කතා කරන්නට පටන් ගත්තා පමනි. ගැටකපන්නා වහාම ඉදිරියට පැමිණ මුදල් පෙට්ටිය රැුගෙන දුවන්නට පටන් ගත්තේ විදුලි වේගයෙනි. ඒ දුටු හිඟන්නා කෑගසන්නට විය. ”කොල්ලෝ, අන්න අරූ සල්ලි පෙට්ටිය අරන් දිව්වා.
ඉක්මනට පස්සෙන් එළවලා අල්ලගමු.” කොලූ ගැටයා සමග සෙනඟ තල්ලූකරගෙන අන්ධ හිඟන්නා ගැටකපන්නා පසුපස වේගයෙන් එළවාගෙන ගියේ රැුස්ව සිටි පිරිස විශ්මයට පත් කරමිනි.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සල්ලි පොට්ටනිය සොරා ගනිද්දී අන්ධ හිඟන්නාගේ ඇස් පෑදිලා
ශාන් Friday, 20 November 2015 12:34 PM
මෙහෙම අන්ධ හිඟන්නෙක් රාගම දුම්රියපොළ අවටත් ඉන්නවා. ඔක්කොටම පේනවා ඇස් පෙනෙනවා කියලා. ඒත් සමහරු සල්ලි දෙනවා (නි)
සමන්ති Friday, 20 November 2015 01:56 PM
මේ දිනවල කොළඹ අවට පිත්තල භාජනයක් රැගෙන සිඟමන් යදින අපට නුපුරුදු අමුතු ඇඳුමකින් සැරසුන විදෙශිකයෙන් සිටියි. මොහු කතාකරන බස අපට හුරු බසක් නොවේ. සංචාරක විසා මත පැමිණ කිසියම් ස්ථානයක නැවතී සිඟමන් යදින බව පෙනේ. (නි)
නන්දලාල්-ප්‍රංශය Saturday, 21 November 2015 08:21 PM
තමන්ගේ මඩියට විදිනවිට අන්ධයන්ටත් ඇස් ඇරෙන බව මෙයින් පැහැදිලි වෙනවා. මේ විදියට ගියොත් අපේ රටේ අනෙකුත් "අන්ධ යාචකයන්ටත්" රෝහල් නොගොස්ම ඇස්පෙනීම ලබාගන්න පුළුවන් වේවි (නි)
ජනක Wednesday, 25 November 2015 03:50 AM
සමන්ති කියන කතාව ගැන ටිකක් හොයල බැලුවානම් හොඳයි කියා හිතෙනවා. හිගන වෙසින් ත්‍රස්තවාදියෝ එන්න පුළුවන්. .(රේ)
කිත්සිරි Monday, 23 November 2015 04:11 AM
යාචක බද්දක් අය කරා නම් ගොඩක් යාචකයන්ගෙ ලෙඩ සුව වෙයි (ම)
අබය Saturday, 21 November 2015 07:08 AM
දකුණේ කෙනෙක්ද කොහෙද? (නි)
ගුණවර්ධන Monday, 23 November 2015 07:07 PM
මනෝජ් හරි. මේ බොරුවෙන් ජීවත්වෙන්න එපා කියන ගොඩාක් අය කොපමණ වෙලාවට බොරුවෙන් ජීවත්වෙනවද? (නි)
මනෝජ් Sunday, 22 November 2015 07:21 AM
මේ මනුස්සයා වංචාවෙන් මුදලක් ඉල්ලා ගත්තා. වංචාවෙන්, ඉල්ලන්නේ නැතුවම මුදල් ගන්න අය කොපමණ ඉන්නවද? වැඩේ වැරදියි. නමුත් අපේ රටේ වෙන දේවල් වල හැටියට මේක සුළු දෙයක්. (නි)
කින් බෙනට් Saturday, 21 November 2015 08:36 AM
ඒ මනුස්සයට ලැබුන සල්ලි ටික හොරකම් කරනවා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කහම තමන් අන්ධයි කියලා අමතක වෙන්න ඇති .. (නි)
දිලාන් Friday, 20 November 2015 08:51 AM
වැඩි දෙනෙක් කරන්නේ බොරුව, ජනතාව මේ වගේ මිනිස්සුන්ට සල්ලි දෙන්ට එපා, මගේ අදහස එ්කයි..... අනිත් අය මොකද කියන්නේ ? (ස)
අජිත් Monday, 23 November 2015 01:23 PM
අම්මප කිත්තගේ මොලේ තමා මොලේ. දැන් හැමදේටම බදු ගහන කාලේ ඕකටත් ගැහුවම හරි. බොරුද මම කියන්නේ! (අ)
සහන් Saturday, 21 November 2015 01:51 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ධනුජ Tuesday, 24 November 2015 05:10 PM
ඔය ඔක්කොම බොරුකාරයෝ. ඔක්කොම කරන්නේ මුදල් හම්බ කරන්න. (නි)