(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
අනියම් ඇසුරක් නිසා බිරිය සහ දරු පැටව්ද රැකියාවද අහිමි කරගත් අනංගයකු සම්බන්ධ මෙපුවත කොරෝනා තුන්වැනි රැල්ලේදී වාර්තා වූවකි.
ඔහු රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. බිරිය ගුරුවරියකි. සැමියා දුර බැහැර රාජකාරි කළ අතර ආයතන පරිශ්‍රයේම පිහිටි නිල නිවාසයක පදිංචිවී සිටියේය. සති අන්තයේ නිවෙසට එන ඔහු සඳුදා උදේ රැයෙන්ම සේවා ස්ථානය කරා යයි.
කොරෝනා තුන්වැනි රැල්ලෙන් පසුව රට විවෘත විය. කාර්යාලෙය් රාජකාරි බහුල වූ හෙයින් සති අන්තයේ ගමට ඒමටද ඔහුට නොහැකි විය. බිරිඳ ආඩපාලි නොකීවේ රාජ්‍ය සේවයේ තරම ඇය හොඳාකාරවම දන්නා හෙයිනි.
මේ අතරවාරයේදී සැමියාගේ උපන් දිනය එළැඹුණි. එය ඉරිදාවකි. දිනපතා දුරකථනයෙන් කතාකළද සැමියා උපන් දිනය ගැන සිහිපත් නොකළද බිරියට දිනය හොඳට මතක තිබිණි.
එයාට අමතක ඇති. බිරිඳ එසේ සිතුවාය. නිවාඩු දිනයක් බැවින් දරු දෙදෙනාද සමග සැමියාගේ නිල නිවෙසට ගොස් ඔහුට සුබ පතා ඔහු පුදුමයට පත් කළ යුතු යැයි බිරිඳ සිතුවාය. ඒ අනුව කේක් සහ රස කැවිලිද තෑගිද රැගෙන බිරිඳ දරු දෙදෙනා සමග ත්‍රිරෝද රියකින් දුරකතර ගෙවා සැමියාගේ සේවා ස්ථානයට ආවාය.
ආයතනය වසා තිබිණි. නිල නිවෙස පිහිටියේ ඒ ආසන්නයේම බැවින් ඇය හඬ නොනගාම එදෙසට ගියාය.
කාමරයේ එක් ජනෙල් පියනක් විවෘතව තිබිණි. සැමියා පුදුම කරන අදහසින් ඇය ජනෙල් කවුලුවෙන් එබිකම් කළාය.
දෙයියෝ සාක්කි ඇයට කියවිණි. සැමියා කතක් සමග සයනයේය. ඇය ගෙනා කේක් ගෙඩියක්ද මේසය මත විය.
බිරිඳට යකා ඇවිස්සිණි.
ඉදිරිපස දොර කඩාගෙන නිවස තුළට පිවිසි ඇය අතට අහුවන අහුවන දෙයින් දෙදෙනාට දමා ගැසුවාය. අනියම් බිරිඳ අඩ නිරුවතින්ම නිවෙසින් පැන ගත්තාය. සැමියා කාමරයක සැඟවිණි.
බිරිඳ පොලිසියට ගියාය. ආයතන ප්‍රධානියාටද පැමිණිලි කළාය. විධායක නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව ඔහු සේවයෙන් පහ කෙරිණි.
ගෙවල් පැත්ත පළාතේ එන්න එපා තමුසේ මහ වනචර මිනිහෙක් බිරිඳ කීවාය.
සැමියා ආගිය අතක් තවමත් සොයාගත නොහැකිය.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සැමියාගේ උපන් දිනයදා බිරිය යකින්නක් වෙලා