(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කඨින පූජෝත්සවය නිමිත්තෙන් සිය විහාරස්ථානයේ ධර්මශාලාවේ සකස්කරන ලද කල්ප වෘක්ෂයේ එල්ලා තිබූ සබන් කැටවලින් කැට දහයක් පමණ ප්‍රධාන දායකයාගේ ගමන් මල්ලෙන් මතුවූ පුවතක් දකුණේ විහාරස්ථානයකින් වාර්තාවේ.
කඨින පූජෝත්සවයක් පැවැත්වෙන විහාරස්ථානවල දායක දායිකාවන් ගෙනෙන පූජා භාණ්ඩ එල්ලීමට ධර්මශාලාවේ තැන්පත් කොට ඇති ගසක අත්ත හඳුන්වනුයේ කල්ප වෘක්ෂය නමිනි. දායක දායිකාවෝ මේ වෘක්ෂයේ විවිධ පූජා භාණ්ඩ එල්ලති. සබන්, දත් බෙහෙත්, බෙහෙත් පැකට් වර්ග, බෙහෙත් තෙල් බෝතල්, කොපි පොත්, පෑන් යනාදිය ඒ අතර බහුලය.
මේ විහාරස්ථානයේ ද කල්ප වෘක්ෂයක් සාදා තිබුණේ කඨින පූජෝත්සවයටය. කඨිනය දා මේ කල්ප වෘක්ෂයේ ගැට ගසා තිබූ පූජා භාණ්ඩ අස්පස් කරන අතර, බොහෝවිට විහාරාධිපති හිමියන් එම කාර්යය පවරන්නේ තමන්ට විශ්වාස තැනැත්තකුටය. මේ විහාරස්ථානයේ කල්ප වෘක්ෂයේ ගැටගසා තිබූ පූජා භාණ්ඩ අස්කිරීමට විහාරාධිපති හිමියන් භාරදුන්නේ ප්‍රධාන දායක මහතාටය.
ඔහු කල්ප වෘක්ෂයෙන් පූජා භාණ්ඩ ඉවත් කරන අතරතුර එහි තිබූ සබන් කැට දහයක් පමණ සිය ගමන් මල්ලට ද දා ගැනීමට අමතක නොකළේය. එය ඉතා හොර රහසේ කළත් සිද්ධිය දුටු අයෙක් ඒ බව විහාරාධිපති හිමියන්ට සැල කළේය.
කලබල නොවූ විහාරාධිපති හිමියෝ ප්‍රධාන දායක මහතාගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස මෙය සත්‍යයක් දැයි දැන ගැනීමට උපායක් ද යෙදවූහ.
කල්ප වෘක්ෂයේ පූජා භාණ්ඩ අස්පස්කර අවසන් වූ පසු විහාරාධිපති හිමියෝ ප්‍රධාන දායක මහතා ඇමතූහ.
“දායක මහත්තයා කල්පවෘක්ෂයේ පූජා භාණ්ඩ අස්පස් කළා ද?”
“ඔව් ලොකු හාමුදුරුවනේ මම ඒවා අසපස් කරල පොඩි හාමුදුරුවන්ට දුන්නා අරන් තියන්න කියලා”
“ඒක බොහෝම හොඳයි. ඒක නෙවෙයි දායක මත්තයෝ, දායක මහත්තයා හොරකමකට අල්ලන්න කවුරු හරි කෙනෙක් දායක මහත්තයාගේ මල්ලට කල්ප වෘක්ෂයේ තිබුණු සබන්කැට කිහිපයක් දාලයි කියලා මට ආරංචි වුණා. මේක ඇත්තද කියලා බලන්නකෝ”
මෙයින් හීන් දාඩිය දැමූ ප්‍රධාන දායකයා සිය ගමන් මල්ලේ තිබූ සබන් කැට තොගය ගත්තේ “අනේ අපේ හාමුදුරුවනේ ඇත්තම නේනම් මේ අසමජ්ජාතියෝ මාව හොරෙක් කරන්න කරපු වැඩක්” කියමිනි. “මුන්ට නම් හොඳක් වෙන්න එපා” කියමින් දෙස් දෙවොල් තියමින් ඔහු සබන් කැට ටික ලොකු හාමුදුරුවන්ට භාරදුන්නේය.
ප්‍රධාන දායක මහත්තයා කෑම ටිකක් කාල එන්නකෝ කියමින් විහාරාධිපති හිමියෝ ආවාසය තුළට වැඩි අතර ඔහු කෑම තියා ඇල්වතුර ටිකක්වත් නොබී සිය නිවසට හනි හනිකට දිවගියේ තමන් පත්වූ අන්ත අසරණ තත්ත්වය හොඳින් මෙනෙහි කරමිනි. ඉන්පසුව වෙනදා හැමදාම පන්සලට එන ප්‍රධාන දායකයාගේ නොපැමිණීම සම්බන්ධයෙන් අනෙක් දායකකාරකාදීන් විමසිලිමත් වූවිට මේ කාරණේ බොහෝම සීරු මාරුවට පැතිරුණාලු.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සබන් කැට ගෙදරටම එන කප්රුකක් පහළවෙලා