(ඉබ්බාගමුව - සම්පත් සෙනෙවිරත්න)
ඉබ්බාගමුව, කුඹුක්වැව පිහිටි කුඩා අවන්හලකට පෙරේදා (21) සවස සුඛෝපභෝගී කාරයකින් පැමිණි හොඳින් හැඳ පැළඳගත් වැදගත් පෙනුමැති මහත්මයකු කොත්තුරොටී දෙකක් මිලට ගෙන අවන්හලේ තිබූ ඉතා වටිනා පැරණි පෝසිලේන් පිඟානක් ද සොරකම් කරගෙන පලා ගිය බව එහි හිමිකරු පවසයි.


ඉබ්බාගමුව, කුඹුක්වැව මංසන්ධිය අසලම ඇති පැරණි ආප්ප කඩයකි. මෑතක සිට කුඩා අවන්හලක් ලෙසින් කොත්තුරොටී, ෆ‍්‍රයිඞ් රයිස්, ඩෙවල්, පරාටා වැනි කෑම ද අලෙවි කරන අතර සැමදා සවස් භාගය වන විට සැලකිය යුතු ගනුදෙනුකරුවෝ පිරිසක් මෙහි පැමිණෙති. පෙරේදා (21) සවස මෙම කඩයට සුඛෝපභෝගී කාරයකින් පැමිණි වයස අවුරුදු 40ක පමණ වැදගත් පෙනුමැති මහත්මයෙක් එළවළු කොත්තුරොටී දෙකක් ඇණවුම් කර ඇත්තේ එකක් කෑමට හා අනෙක පාර්සල් යනුවෙනි.


අවන්හලේ හිමිකරු ද මොහු වැදගත් ගනුදෙනුකරුවකු බැවින් තම කඩයේ තිබූ කලාතුරකින් භාවිතයට ගන්නා පැරණි නමුත් වටිනාකමින් ඉතා ඉහළ අගනා පෝසිලේන් පිඟානකට කොත්තුරොටිය බෙදා අනෙක පාර්සල් කර දුන් විට ඔහු මුදල් ද ගෙවා පිඟානෙහි ඇති කොත්තුරොටිය අනුභව කරන බව අඟවමින් සෙමෙන් කාරය අසලට ගිය බවත් තමා මදක් කාර්යබහුල වූ සැණෙන් මොහු පිඟාන ද රැුගෙන කාරයෙහි නැගී ඉගිලී ගිය බවත් පවසන ආපනශාලා හිමිකරු කොත්තුරොටී දෙකෙහිම මිලට වඩා සොරකම් කළ පැරණි පෝසිලේන් පිඟානෙහි වටිනාකම වැඩි බව ද වැඩිදුරටත් කියයි.