IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුනඛයෙක් මත්පැන් සාදයක් නවත්වයි

පුංචි පහේ සාදයක් දැමීමට සිතූ ගෙහිමියා මිතුරන් පිරිසකට ආරාධනා කළේ එදින සවස තම නිවසට පැමිණෙන ලෙසටය. කල් ඇතුවම නගරයට ගොස් හොඳ වර්ගයේ සැර බීම බෝතල් දෙකක් ගෙනැවිත් කාමරයේ ඇඳ යට තැබුවේ වැඩි පරිස්සමටය. අඳුර වැටෙත්ම ආරාධනාව පිළිගත් මිතුරන් පිරිස එකා දෙන්නා නිවසට එන්නට විය.

සතුටු සිතින් මිතුරන් පිළිගත් ගෙහිමියා වෙල්කම් ඩි්‍රන්ක් එකට ප්ලේන්ටි පිරිනමා සීතල හැන්දෑවේ ඇඟ පොඞ්ඩක් උණුසුම් කර ගන්නා ලෙස පවසා බයිට් එක පිළියෙළ කිරීම සඳහා මුළුතැන් ගෙට ගියේය. ගෙවත්තේ තිබෙන පළබර අඹ ගසේ ගෙඩි කන්නට එන මාවවුලන් එලවීම සඳහා රැගෙන ආ අහස් වෙඩි නිවසේ තිබුණේය. සුපුරුදු පරිදි අහස් වෙඩි කිහිපයක් අතට ගත් නිවැසි දරුවකු මාවවුලන් එළවීම සඳහා අහස් වෙඩියක් ගිනි දල්වා උඩ දැමීය. අවාසනාවකට උඩ නොගිය අහස් වෙඩිය බිම දිගේ ගොස් නතර වුණේ නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා ළඟය.

අහස් වෙඩියට බිය වූ සුනඛයා පණ එපා කියා දිවගොස් නතර වුණේ සැර බීම බෝතල් දෙක සඟවා තිබූ ඇඳ යටය. බයිට් එක පිළියෙළ කර අවසන් කළ ගෙහිමියා එය රැගෙන මිතුරන් ඉදිරියට ගෙන ගොස් තබා අවශ්‍ය අනෙකුත් කළමනා සියල්ල සකස් කර අවසානයේ සැර බීම බෝතල් දෙක ගැනීමට කාමරයට ගොස් ඇඳ යටට එබුණේය. අවාසනාවක මහත, බෝතල් දෙක බිම වැටී කුඩු පට්ටම් වී කාමරය පුරා ගලා ගොසින්ය. එකෙනෙහිම ඇඳ යට වකුටු වී සිටින සුනඛයා දුටු ගෙහිමියාට සිද්ධිය අවබෝධ වන්නට වැඩි වේලාවක් ගත නොවීය. කනගාටුවෙන් යුතුව මිතුරන් ඉදිරියට ගොස් සිදුවී ඇති අකරතැබ්බය පවසා සිටියේය. සියල්ල තේරුම් ගත් මිතුරෝ පිරිස බයිට් පීරිසිවලට වගකියමින් පිටව ගියහ.

(මඩුල්ල - සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක - කේ.එම්.පී. බණ්ඩාර) 



අදහස් (0)

සුනඛයෙක් මත්පැන් සාදයක් නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site