(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
විසිතුරු මසුන් අලෙවි සැලට එන මාළු හොරා අල්ලන්න සවිකළ කැමරාව පරීක්‍ෂා කරද්දී හොරා මිනිසෙක් නොව කොකෙක් බවට අනාවරණය වූ සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය.
එය ප්‍රධාන මාර්ගයක් අසල පිහිටි විසිතුරු මසුන් අලෙවි කරන තැනකි. එහි ටැංකිවල සිටින වටිනා මාළුන් නිතර එකා දෙන්නා අතුරුදන් වීමට පටන්ගෙන තිබේ.
මේ නිසා එහි හිමිකරු ලොකු වියදමක් දරා හොරා අල්ලා ගැනීමේ අරමුණින් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර ඇත. කවුරු හෝ මාළු ගැනීමට පැමිණෙන මුවාවෙන් වටිනා මාළු හොරකම් කරනවා ඇතැයි හිමිකරු සිතා ඇත.
මාළු හොරකම දිගටම සිදුවන නිසා දිනක් කැමරා දර්ශන පරීක්‍ෂා කරද්දී මාළු අලෙවි සැලට එන කොකෙක් වටිනා මාළුවකු ඩැහැගෙන යන අයුරු දැක ඇත.
මේ තරම් කාලයක් මේ මාළුවන් ගිල දමා ඇත්තේ කොකා බව එහි හිමිකරු දැන ගන්නා විට සිදුව තිබූ පාඩුව රුපියල් දහ දහක් පමණ බව පැවසේ.
පසුව දැල් ආවරණයක් යෙදූ පසු කොකාගේ කරදරය නැතිවී ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
333
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විසිතුරු මසුන් හොරාගන්න අමුතු හොරෙක් ඇවිදින්