රුපියල් පන්දහසක රක්ෂණ වන්දියක් ලබාගැනීමේ අරමුණින් රිය අනතුරක් පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු රුපියල් හත්දහස් පන්සීයක දඩයක් ගෙවීමට සිදුවීමේ පුවතක් ගම්පහ ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
පෞද්ගලික ආයතනයක සේවයකයෙකි. කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත මිලදී ගත් යතුරුපැදියක් ඔහු තම ගමනට යොදාගනී.
පසුගියදා මාර්ගයේ වළක වැටීමෙන් පැදිය අනතුරට පත්විය. සංඥා ලාම්පු ආදිය බිඳී අලාභ සිදුවිය. ඔහු ද සුළු තුවාල ලැබීය. පූර්ණ රක්ෂණ ආවරණයක් යතුරු පැදියට ඇති බැවින් මේ තරුණයා අදාල රක්ෂණ ආයතනයට මේ පිළිබඳව දැන්වීය. එයින් උපදෙස් ලැබුණේ අනතුර පිලිබඳව වහාම පොලීසියට පැමිණිලි කොට එහි පිටපතක් ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව ඔහු පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කළේය. පොලීසිය ඒ පිළිබඳව විමර්ශනයක් කර හෙළි වූ වැරදි සම්බන්ධයෙන් පැමිණිලිකරුට එරෙහිව නඩු පැවරීය.
අනතුරින් සිදුවූ අලාභය වශයෙන් රුපියල් පන්දහසකට ආසන්න වන්දියක් ඔහුට ලැබුණු අතර සිතාසි ලත් විට ඔහු උසාවියේ පෙනී සිටියේය. රුපියල් දහසක් ගෙවා නීතිඥ සහාය ද ලබාගත් ඔහුට අධිකරණයෙන් 7500ක් දඩයක් නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන දැන් මාර්ග නීති කඩවීමක් වෙලා තියෙනවද? (නි)
පවු අහිංසකයා! (නි)
දවල් තරු නොපෙනී තියෙයිද (දී)
කවුද අන්තිමට වන්දි ගෙවුවේ (දී)
අන්තිමට වන්දිත් නැහැ, මොකුත් නැහැ (දී)
බොරු කලාම ඔහොම තමයි (දී)
වංචාව හොද නැහැ (දී)
තරු නොපෙනී තියෙයිද (දී)
බොරුවට ආයුෂ නැත (දී)
මේක පුදුම නීතියක්... (නි)
මේකෙ හැටියට නම් පාඩුවක් වෙලා නැහැ. හැමදේම මතුපිටින් බලලා තීරනය කරන්න එපා. (නි)
දවල් තරු බලන්න ඇයි නඩු දාන්නේ? (නි)