(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පශු වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ භාගයක් බල්ලකුගේ කටට ගිය පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.

ඔහු පළපුරුදු වෛද්‍යවරයෙකි.
එදා ඔහුට ලැබුණේ බල්ලකුට එන්නත් කිරීමටය. මේ පශු වෛද්‍යවරයා බල්ලාගේ පිටුපසට එන්නතක් දුන්නේය. ඒ සමගම වේදනාවට පත් බල්ලා ආපසු හැරී එන්නත දුන් පශු වෛද්‍යවරයාගේ අතක ඇඟිල්ලක් තදින් කටට අල්ලා ගත්තේය. පශු වෛද්‍යවරයා බල්ලාගේ කටෙන් ඇඟිල්ල මුදාගැනීමට උත්සාහ කළේය. එහෙත් පලක් නොවීය. බල්ලාගේ අයිතිකරුවෝ ඊට විශාල මහන්සියක්ද ගත්හ.
බල්ලාගේ කටේ වූ ඇඟිල්ල බේරා ගැනීමට පශු වෛද්‍යවරයා අත ඇද්ද විට ඔහුගේ ඇඟිල්ලේ කොටසක් අඩුවෙන් බල්ලාගේ කටින් එළියට ආවේය. ඒ ඇඟිල්ලේ කොටස බල්ලාගේ කටේය.
ඇඟිල්ලේ කොටසක් අඩුවෙන් ලේ බේරෙමින් තිබූ අත සහිත පශු වෛද්‍යවරයා වහාම රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd