(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත )
කොරෝනා ව්‍යසනයෙන් ආරක්ෂාවීමට ආයතනය ඉදිරිපිට සවිකර තිබූ ජල කරාමයෙන් මාස ගණනාවක්ම අසල්වැසියකු රාත්‍රී කාලයේදී සිය නිවසේ සියලු ජල අවශ්‍යතා සපුරාගත් පුවතක් වාර්තාවේ.
මේ ආයතනය ඉදිරිපිට ජල කරාමය සවිකළේ කොරෝනා ව්‍යසනය මේ රට පැමිණි දා සිටය. ඒ සිය ආයතනයට එන අයගේ දෙඅත් සෝදාගෙන ඒමටය. දිවා කාලයේ පමණක් විවෘතව තිබෙන මේ ආයතනය රාත්‍රියේ වසා දමනු ලබයි. එසේවුවද ආයතනය ඉදිරිපිට තිබෙන ජල කරාමය එසේම තැබූවේ එය වෙනත් අයකු අවභාවිතා නොකරාවී යන්න සිතූ නිසා විය යුතුය.
කොරෝනා ආරම්භයත් සමගම සිය ආයතනයේ ජල බිල නොසෑහෙන්න වැඩිවීම පිළිබඳව ආයතන ප්‍රධානියා ඇතුළු එහි කාටත් එය ලොකු ප්‍රශ්නයකි. ඒ නිසාම ජල නල කාර්මිකයින් ගෙන්වා පරීක්ෂා කළේද අහ්‍යන්තර ජල නළයක් පුපුරා වතුර පොලවට යනු ඇත්දැයි යන්න සැකය පෙරදැරි කරගෙනය. එහිද දෝසයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා මෙය එම ආයතනයට උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබිණ. මේ අල්ලපනල්ලේ ආයතන ප්‍රධානියා හදිසි රාජකාරියකට ගොස් මධ්‍යම රාත්‍රියේ නිවස කරා එමින් සිටියදී යමින් ගමන් සිය ආයතනයද බැලීමට ගියේය. එහිදී වතුර බිල ඉහළ යාමට හේතුවද අනාවරණය කර ගත්තේය.
හැමෝම නිදිගත් යාමේ මේ ආයතනයට ආසන්නයේ නිවැසියකු එහි එළියේ සවිකර තිබූ ජල කරාමයට බටයක් ගසා ඔහුගේ නිවසේ වතුර ටැංකිය පුරවමින් සිටි අයුරු ඔහුට දැකගන්නට ලැබුණි.
මේ ආයතනය නගර මධ්‍යයේ පිහිටා නොතිබීමත් එහි මුරකරුවකු නොසිටීම හා සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි නොකර තිබීමත් අසල්වැසියාට මේ සඳහා ඉනිමං බැඳීමක් වී තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැඩපළක කොරෝනා පයිප්පෙන් ගෙදර ටැංකිය පුරෝගෙන