බිරිය රජයේ රැකියාවකනිරත වූ අතර සැමියාසේවය කළේපෞද්ගලිකආයතනයක ය.


දෙදෙනා සතුව ජංගම දුරකතන දෙකකි. ඔවුන් භාවිතා කළේ එකම දුරකතන සමාගමකට අයත් සිම්පත් දෙකකි. වෙනසකට තිබුණේ සැමියාගේ සිම්පත පෙර ගෙවුම් වීමත්, බිරිඳගේ සිම්පත පසු ගෙවුම් පැකේජයක් වීමත්ය. බිරියට ඇමතුමක් දීමට අවශ්‍ය වූ විට සැමියා කළේ ‘රිංග් කට්’ එකක් ගැසීමය. එවිට බිරිඳ ඇමතුමක් ලබාගනී.


සතියකට වරක් රුපියල් පනහක් රීලෝඞ් කරන සැමියා අත්‍යවශ්‍ය ඇමතුමක් මිතුරෙකුට ගන්නේ නම් එය විනාඩියකට සීමා කළේ ඔහු අරපිරිමැස්මට පුරුදු වූ අයෙකු හෙයිනි. 

නොබෝදා ඔහු රුපියල් පනහක් රීලෝඞ් කළ විට රුපියල් පනස් දෙකක් ඇති බව කෙටි පණිවිඩයක් ලැබිණි. පසු දින ශේෂය පරීක්ෂා කිරීමේදී රුපියල් 34. ශත 97ක් බව සඳහන් විය. ඔහු කිසිවකුට ඇමතුමක් ගෙන නොතිබුණි. රින්ග් කට් දෙකක් පමණක් බිරිඳට ලබාදී තිබුණි. මුදල් අඩුවීම පිළිබඳව දැනගැනීමට පාරිභෝගික සේවා නිලධාරියකු හා සම්බන්ධවීමට දෙතුන් වරක් උත්සාහ කළත් අසාර්ථක විය. පසුදා උදේ නැවතත් ඉතිරි මුදල පරීක්ෂා කිරීමේදී රුපියල් හයයි ශත හැත්තෑ පහක් විය.


“මම පෙරේදා රුපියල් පනහක් රීලෝඞ් කළා. එක කෝල් එකක්වත් ගත්තේ නැහැ. ඒ වුණාට දැන් බැලැන්ස් එක රුපියල් 6.75යි. සල්ලි බහිරවයා ගිලිනවා ද දන්නෙ නැහැ” ඔහු මිතුරකුට පැවසීය. “ඕකට තමයි මචන් වැට් බද්ද කියන්නේ. දැන් සනීපයිනේ” මිතුරා පැවසුවේ සිනාසෙමිනි.
ක්‍රිස්ටෝපර් සීපියන්