බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය. පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙන් මොරටුව බලායන බසයකට ගොඩවූයේ තම සේවා ස්ථානයට යාම සඳහාය. බසය මගීන්ගෙන් පිරී තිබිණ. වහා ක‍්‍රියාත්මකවූ ගැට කපන්නා මෙම මගියාගේ මුදල් පසුම්බිය සොරාගත්තේ මේ අතරතුරදීය. බසයෙන් බැසීමෙන් පසුව තම පසුම්බිය නැති බව මගියා දැනගත්තත් එය ගණනකට නොගත්තේය. පැරණි පසුම්බියේ තිබුණේ රුපියල් දහයක් පමණක් බව ඔහු දැන සිටි නිසාය. සේවා ස්ථානයට පියමං කරමින් සිටි මේ මගියාගේ පස්සෙන් ආ පුද්ගලයකු ඔහු අත යමක් තැබීය. ඒ තමාගේ මුදල් පසුම්බිය බවට ඔහු හඳුනා ගත්තේය. ඒ සමගම ”මහත්තයා මෙයත් තියාගන්නැ”යි කියූ ගැට කපන්නා මගියා අත රුපියල් දහසේ කොළයක් අතමිට මොළවා වහාම එතැනින් පිටව ගියේය. මගියා පසුම්බිය ඇර බලද්දී එහි තිබූ දහයේ කොළයද එලෙසම තිබිණි.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක්
හරින් Tuesday, 04 September 2012 08:13 AM
1000 කොලේ හොර නෝට්ටුවක් ඒකේ කතා දෙකක් නෑ,.(ස)
Man Tuesday, 29 November 2011 01:43 PM
මෙයා සරදියෙල් පරපුරෙවත්ද??
ayomi Tuesday, 29 November 2011 02:15 PM
hitha unuwena geta kapannek
තරංග Monday, 28 November 2011 04:05 PM
හොද ක්‍රියාවක්
SUDESH PERERA Thursday, 01 December 2011 11:12 AM
දුප්පතාගේ හිතවතෙක්
සමන් Thursday, 01 December 2011 01:28 PM
මේවා ආණ්ඩු විරෝධී වැඩ
රොබින් Thursday, 01 December 2011 05:02 PM
සරදියල්ද නැත්නම් රොබින් හුඩ්ද?
ප්‍රසන්න Monday, 28 November 2011 09:37 PM
බොරුවන් නේද?
k.n.cooray Tuesday, 29 November 2011 12:13 AM
කොපමණ වැරදි කළත් මෙවැනි මිනිසුන්ගේ හදවත් තුළ ඉතා කලාතුරකින්වත් හොද අදහස් තිබීම ගැන අපි සතුටු වෙන්න ඕන.
රන්ජිත් ගමගේ Tuesday, 29 November 2011 12:55 AM
හොරෙක් වුණත් දුප්පත්කම අදුරන කෙනෙක්
gamaeti Tuesday, 29 November 2011 01:42 AM
හොඳ කතාවක්
ශ්‍රීමාල් Thursday, 01 December 2011 11:47 PM
ඔහු හොදයි
ප්‍රදීප්-ඩුබායි Tuesday, 29 November 2011 11:01 AM
දුප්පතුන්ගේ දුක දන්න ගැට කපන්නෙක්
උපුලි Friday, 02 December 2011 08:54 AM
මේ 1000/- ඇත්ත එකක් නෙවෙයි