IMG-LOGO

රත්තරන් පුතා යකෙක් වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
තමාගේ එකම දරුවාගේ ගුණයහපත්කම ගැන නිතරම කටමැත දෙඩවූ කාන්තාවකගේ සැබෑ තත්ත්වය අතටම හසුවීමේ අපූරු පුවතක් දකුණේ කොනේ ගමකින් අසන්නට ලැබේ. 


දුර සිටින නෑනා සිය පුතුන් දෙදෙනාට ගුණයහපත්කම හොඳටම ඉගැන්නුවාය. ඒ වගේම හොඳ අධ්‍යාපනයක්ද ලබා දුන්නාය. ඒ නිසාම ඇයගේ පුතුන් දෙදෙනාට හොඳ රැකියාවල්ද ලැබුණි. කොයි කවුරුත් ඔවුන් දෙදෙනා ගැන හොඳ කීහ.


මෙය ඇගේ නෑනාට වහකදුරු මෙනි. මේ නිසාම දුර සිටින නෑනා ඉඳහිට සිය නිවෙසට පැමිණි විට තමාගේ එකම පුතාගේ ගතිගුණත් මසුරන්වලටත් වඩා වටිනා බව නිතර නිතර පැවසුවාය. 


ඔහුට ළඟදීම හොඳ රැකියාවක්ද ලැබෙන බවද කීවාය. සිය එකම පුත්‍රයාගේ ගතිගුණ  හොඳ බව ක්‍රියාවෙන්ද ඔප්පු කිරීමට ඇය මහන්සි ගත්තාය. දුර සිටින නෑනා ඔවුන්ගේ නිවෙසින් පිටව යනවිට ඇයගේ දෙපා වැඳීමට ද එකම පුතාට පුරුදු කළාය. එදාට ඇය පුතාට කතා කළේ සුදු පුතා යයි අමතමිනි. පුතාද සිය මව ඇමතුවේ මගේ සුදු අම්මා යයි කියමිනි. 


කාලය එසේ යද්දී දුර සිටින නෑනා මේ නොබෝ දිනක මෙම කාන්තාවගේ නිවසට පැමිණියේ නොදන්වාමය. ඒ අවශ්‍යතාවකට ළඟකට පැමිණීම හේතුවෙනි. ගේ ඇතුළේ මහා ගෝරියකි.  සාලයේ තැන තැන විසිරුණු බත්ය. තවත් තැනක පිඟන් කටුය. 


මට මේවත් සමග කන්න පුළුවන්ද බැල්ලියේ යයි ගේ ඇතුළෙන් මහ හඬින් කියනු ඇසිණි. 


තමාගේ සොහොයුරා කවදාවත්ම සිය බිරිය සමග මොන දේකටවත් සණ්ඩු සරුවල් කරගත් කෙනෙකු නොවන නිසා මේ කවුදැයි දුර සිටින නෑනා විමසුම් ඇසින් බැලුවාය. ඒ මසුරන්වලටත්  වඩා එහා ගිය ගතිගුණ  ඇතැයි සිය නෑනා නිතර නිතර වර්ණා කළ පුතාගේ කටහඬය. 


දුර සිටින නෑනා මේ කලබල අස්සේම ඔවුන්ගේ මුළුතැන්ගෙටම ගියාය. මුහුණ රතුවී තිබූ නෑනා එහි හඬමින් සිටියාය. 


ඇය දුටු සැනින් ඇය මහා හයියෙන් හඬමින් කීවේ තමාගේ එකම පුතාට අද උයපු ජාතින් එක්ක බත් කන්න බැහැ කියමින් බත් පිඟාන පොළවේ ගැසූ බවත් මේ ගැන කතාවට ගිය තමාගේ මුහුණට අතුල් පහරවල් දෙකක්  දුන් බවත්ය. 


අනේ නෑනේ මූ ගැන හොඳ කියපු  කට දැන් මට හිතෙනවා බිම උලාගන්න යැයි ඇය කීවිට දුර සිටින නෑනාට සිතුණේ මේ නෑනානේ පුතාගේ ගතිගුණ මසුරන්වලටත් වඩා එහා ගියා කියමින් ඇය පෙර දිනවල දෙසූ පුරසාරම් අද තමාගේ අතටම හසු නොවූයේ නම් තවමත් ඔහුගේ ගතිගුණ මසුරන්වලටත් වඩා එහා බවය.



අදහස් (1)

රත්තරන් පුතා යකෙක් වෙලා

channa Monday, 30 August 2021 10:12 AM

අම්මලා හුඟ දෙනෙක් දරුවන්ගේ වැරදි කියන්නේ නෑ .උනහපුලුවටත් උගේ පැටියා ලස්සනයි කියනවනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site