(කේ. බුද්ධික කුමාරසිරි)
හංවැල්ල තුන්නාන ප‍්‍රදේශයේ තරුණයෙකුට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා නවීන පන්නයේ සුපිරි යතුරුපැදියක් විකිණීම සඳහා අන්තර්ජාලයේ පළ කරන ලද දැන්වීමකට අනුව එය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු යතුරුපැදියෙහි තත්ත්වය පරීක්ෂා කිරීමට යැයි පවසා යතුරුපැදිය ද සමඟින් පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීම දැක තමන් නුවර ප‍්‍රදේශයේ බවට හැඳින් වූ පුද්ගලයෙකුු දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ යතුරුපැදිය මිලදී ගැනීමට තමන්ගේ කැමැත්තක් ඇති බැවින් එය පරීක්ෂා කිරීම සඳහා තුන්නාන ප‍්‍රදේශයේ නිවසට පැමිණෙන බවයි.
ඒ අනුව දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා තුන්නාන ප‍්‍රදේශයට පැමිණ අදාළ යතුරුපැදිය හොඳින් නිරීක්ෂණය කර එහි තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කෙටි දුරක් ධාවනය කර බැලීමට අවශ්‍ය යැයි පවසා ඇත. පසුව යතුරුපැදිය හිමි තරුණයාගෙන් යතුරුපැදියේ ගියර් කි‍්‍රයා කරවීම ආදී කරුණු විමසා යතුරුපැදියේ නැගී හංවැල්ල දෙසට ධාවනය කර ඇති බව ද පැමිණීමට ප‍්‍රමාද වීම නිසා දුරකතන ඇමතුමක් ලබාගෙන විමසූ විට යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා පවසා ඇත්තේ ඉන්ධන අවසන් වීම නිසා ඉන්ධන ලබා ගැනීමට යන බවත් ඉන්ධන ලබාගත් විගස යළි පැමිණෙන බවත්ය.
ඒ අනුව පැය කිහිපයක් බලා සිටිය ද යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා යළි නොපැමිණුන බැවින් යළිත් දුරකතන ඇමතුමක් ලබා ගත්ත ද ඒ වන විට දුරකතනය ද ප‍්‍රතිචාර දක්වා නොමැති බව ද යතුරුපැදියේ හිමිකරුවා පාදුක්ක පොලිසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන් වේ.
අදාළ පැමිණිල්ල ලද වහා කි‍්‍රයාත්මක වූ පාදුක්ක පොලිසිය යතුරුපැදිය රැුගෙන පලා ගිය පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එම දුරකතනයේ තිබී ඇත්තේ යතුරුපැදිය රැුගෙන පලා ගිය දිනයට පෙර දිනයේ මිලදී ගත් සිම් පතක් බවත් එම දිනයෙන් පසු කි‍්‍රයාත්මක කර නොමැති බවත් අනාවරණය වූ බවය.
කෙසේ වුවද අදාළ සැකකාර පුද්ගලයා යතුරුපැදිය ද රැගෙන පලා ගිය මාර්ගයේ සවිකර ඇති ආරක්ෂක කැමරා සහ විද්‍යාත්මක කරුණු උපයෝගී කර ගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරන බව ද පාදුක්ක පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යතුරුපැදිය ගන්න ඇවිත් අමුතුම තාලේ ගේමක් දීලා
Nalini Wednesday, 09 August 2017 04:08 AM
මොන ගොන් මොඩයද නන්නාදුනන කෙනෙකුට තනියෙන් පදින්න මෝටර් සය්කල් එකක් දෙන්නේ. පස්සෙන් තමුනුත් නගින්නේ නැතුව.