IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘මළ මිනිය’ මඩට විසිකර වල් අලියා ගිහින්

(පොල්පිතිගම ජයවර්ධන එම්. සෙනෙවිරත්න)
හේනේ කුඹුරේ ගොවිතැන් වැඩකර සෑම දිනකම සවස්යාමයේ පොඩි අඩියක් ගසා වැනි වැනී නිවෙසට එන මොහු බිරියට ද පොඩි තර්ජනයක් දමා වීරයෙක් වීමට අමතක කළේ නැත.


ඔහු ජීවත්වනුයේ වල්අලි ගහනව ජීවත්වන ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශවාසීහු වල්අලින් තමන් ඇති කරන මීහරක් ගානට දකින්නෝය. ඒ නිසාම වල්අලින්ට ඔවුන් දක්වන්නේ පොඩි බයක් පමණි. 


ඉකුත්දා රාති‍්‍රයේ මොහු නිවසට පැමිණියේ හොඳටම බීමතින්ය. බිරියට හා දරුවාට පහරදීමට ද ඔහු එදිනත් අමතක කළේ නැත. 


මොහුගේ නිවස පොල් අතු වැසූ එකකි. ඒ අසළ අඩි පාරකි. මිදුලද අඩිපාර දක්වාම දිවෙයි. නිරන්තරයෙන් රාති‍්‍ර කාලයේදී අලි ගමන් කරන ප‍්‍රදේශයකි. එදින ඔහු දැඩි උෂ්ණය නිසාම මිදුලේ නිදාගෙන තිබේ. අධික ලෙස බීමත්ව සිටි ඔහු තද නින්දකට වැටිණි. 


මහ රෑ එක්වරම අසල තිබූ මඩ සහිත කුඹුරකට වැටෙන විට ඔහුට ඇහැරුණි. දනි පනි ගා නැගිටින විට ඔහු වල්අලියකු දැක නිශ්ශබ්දව සිටියදී තමාගේ අතක් කැඞී තිබුණු බව ඔහුට දැනුණි. සිදුවී ඇත්තේ වල්අලියා ඇවිත් මළ මිනියක් වැනිව තිබූ මිනිස් සිරුර හොඬවැලෙන් අල්ලා අඩි 30ක් පමණ ඈතට විසිකිරීමකි. වල්අලියා ඔහු ඔසවා ගන්නා බව ඔහුට දැනී නැත. ඔහුට ඇහැරී ඇත්තේ මඩවලට වැටෙන විටදීය. මළ මිනිසෙක් යැයි සිතා වල්අලියා මොහු විසිකර තිබේ. (මළ මිනිසුන්ට වල් අලි පහර නොදෙන බව ප‍්‍රදේශවාසීහු කියති) එසේ නොවන්නට ඔහුට අත්වන්නේ නියත වශයෙන්ම මරණයයි. පසු දින උදේ අසල්වැසියන් පැමිණ සිනාසෙමින් පැවැසුවේ බීල හිටියත් මැරිල වගේ හිටි නිසා පණ බේරුණු බවයි. 

 



අදහස් (0)

‘මළ මිනිය’ මඩට විසිකර වල් අලියා ගිහින්

කපිල Sunday, 19 July 2015 01:18 PM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 07:17 AM

නුවණැති අලියෙක් (අ)

:       0       0

සෙනරත් Sunday, 19 July 2015 06:39 AM

අමාරිස්, ඇයි ඉතාලි අලි, උනුත් මේ දවස් වල එළියට බැහැලා. (බ)

:       0       0

සාරා Friday, 17 July 2015 09:21 AM

මේ සත්තු පාරට එන්නේ වනාන්තර එළි පෙහෙළි කරන නිසා නේද ? (නදී)

:       0       0

කිරි ගමරාල Friday, 17 July 2015 06:08 AM

මේ දවස්වල වල අලි, නයි ඇතුළු සත්තු ගොඩක් පාරේ ඉන්නවා රට පුරාම.(ම)

:       0       0

අමාරිස් Saturday, 18 July 2015 02:07 AM

මේ දවස් වල් අලි ඇමෙරිකන් අලි ඉන්දියන් අලි ප්‍රංස අලි ඉංග්‍රීසි අලි හැම එකෙක්ම ගම් වැදිලා (නදී)

:       0       0

සොම්පාල Friday, 17 July 2015 09:57 AM

හෙට අනිද්දට බලු කපුටු පොර, ජනතාව රැවටීමේ හිවල් කතා ආදිය දැක ගන්න පුළුවන් වෙයි (නදී)

:       0       0

ප්‍රසා Friday, 17 July 2015 06:48 AM

වල අලි නයි විතරක් පමණක්ද බල්ලෝ කපුටොත් ඒ අතර ඉන්නේ (අ)

:       0       0

අචලා Friday, 21 August 2015 06:47 AM

බිරිඳට, ළමයින්ට ගහන එක අනුමත කරන්න බෑ. (නදී)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 18 July 2015 06:20 PM

අලියා කරලා තියෙන්නේ අලි වැඩක් නේ. අලි යන මග අවහිර කර නිදාගන්නා අයට මේවා හොඳ පාඩම්. බීල හිටියත් මෑන්ගේ ලක් එක නිසා මළේ නැහැ, හොඳ අලියාට පින් සිද්ද වෙන්න ! පස්සෙන්දා, එය නාගෙනම ගෙදර ආව එකත් හොඳයි නේ. මෙයා ඊට පස්සේ බීම නැවත්තුවද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site