ඔහු අගනුවර බැංකු ආයතනයක තරුණ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා ඔහුගේ විවාහ මංගල්‍යය වෙරළබඩ නවීන හෝටලයක පැවැත්වීමට සැලසුම් කොට තිබිණි. රාජකාරි කටයුතු බහුල වූයෙන් මෙම උත්සවයේ සියලූ කටයුතු බාර දී තිබුණේ පෞද්ගලික සංවිධානයකටය. විවාහය පිළිබඳ තොරතුරු හා කාල වේලා සහිතව මංගල ආරාධනා පත‍්‍රය පවා සකස් කළේ එම ආයතනයයි. පසුගියදා ඔහුගේ නමට ආ මංගල්‍ය ආරාධනා පත‍්‍රයක් ඔහු විවෘත කළේ තම මංගල්‍යය දිනයේම මෙය ද යෙදී තිබුණොත් මහ ගැටලූවක් යැයි සිතමිනි. මේ නිසාම ආරාධනා පත‍්‍රයේ උත්සව දිනය ක්‍ෂණිකව බැලූ ඔහු එයත් එදිනටම බව දැනගෙන සංවේගයෙන් සෙසු තොරතුරු කියවීමේදී මේ තමාගේම විවාහ මංගල්‍ය උත්සවය බව දැනගත්තේය. තම විවාහ මංගල්‍ය උත්සවය පිළිබඳව තමාටම ආරාධනා පත‍්‍රයක් ලැබීම පිළිබඳව ඔහු මවිතයට පත්වී තිබෙනවාලූ.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
කිචි කවන් හිනාවෙමු (ස)
දුර්වල සංවිධායක ආයතනයක්. (නි)
එයා වැඩ වැඩියි කියලා හැම වැඩේම අනිත් අයට භාරදේවිද දන්නේ නෑ (ස)
මොනවාද මේ විහිළුද (දී)
නියම කියමන සරත් (ස)
හිනා ගිහින් බඩ පැළෙනෝ.... (නි)
ඕවා හිනා වෙන්න ඕන කාරනා නොවෙයි
මට නම් හිනාත් යනවා මේවට (දී)
ඇත වැරදීමක් වෙන්න ඇති
වැදගත්ම දේ කාට භාරදේවිද ?? (ස)
එකත් හොදයි නේ, නවීනම පන්නයේ මගුලක්
කෝ මට හිනා ගියේ නැහැනේ. (නි)
මාර වැඩේ. (නි)
පව් අනේ..... (ස)
හැමදේම භාරදුන්නද එයාලට (ස)
එයාගේ ගෙදරට සේවකයින් එහෙම අවශ්‍යද දන්නෙ නැහැ. (නි)
කාර්‍යය බහුල මනමාලයට මගුල් දවස ගැන සංවිධායකන් විසින් මතක් කිරීමකුයි කරලා තියෙන්නේ .නැත්නම් එයා එදාටත් වැඩය යයි (ස)
කාඩ් එක ලැබීම සුළු දෙයක් . මට හිතාගන්න බැරි මේක පෞද්ගලික ආයතනයකට බාර දීපු එක . යාලුවෙක් , නෑයෙක් නැද්ද උදව්වට . මම කැනඩාවේ හෝටලේක වැඩකරන්නේ , මෙහෙවත් නැහැ ඔයවගේ වැඩ .උත්සහවන්ත , දක්ෂයෙක් වෙන්න හැමවිටම කටයුතු කරන්න .(ස)
කබලකාරි වෙලාවට මෙවන් ඇත වැරදීම් වෙනවා (දී)
හැමදේම පෞද්ගලික සංවිධායකයන්ට භාරදීලද දන්නේ නෑ (ස)
එතකොට එයත් එනවනේ .
බැංකුවේ රාජකාරි කරන වෙලාවට මුදල් එහෙම පටලවා ගනීද මන්දා? (නි)
අද ඉතින් බොහෝ දෙනෙක් මරණ කටයුතු, මගුල් කටයුතු, රෝහල් කටයුතු, පාසැල් කටයුතු, තමන්ගේ පවුලේ පුද්ගලික කටයුතු යනාදී මෙකී නොකී සියල්ලක්ම... ඒ විතරක්යෑ, අද පාර්ලිමේන්තුවේ තීරණයක් ගැනීමේදී පවා විදේශ රටවලින් ලැබෙන උපෙදස් අනුව තීරණ ගන්නවා. මොනවාද අද අපේ කියලා තියෙන්නේ? (නි)
මම නම් කැමති ඒ සිරිතට
තව මොනවා වැරදිද දන්නෙ නැහැ. පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න වෙයි. (නි)
මුදල් පසුපස හඹායන ලෝකයේ මෙය පුදුම විය යුතු නැත (ස)
මල්ලි ඔයාට වැඩ වැඩිනම් මටත් පුළුවන් ඔයාගේ වැඩවලට උදව්වෙන්න (ස)
මම යනවා එයාලගේ ගේ ගාවට ගෙයක් අරන් (ස)
සේරම දේවල් එයාලටම භාර දුන්නානම් හරි (ස)
අබුද්ධස්ස කාලේ නරි කයිද රෝස්පාන් (ස)
වැදගත් කටයුතු කාටද බාර දුන්නෙ(ස)
හරිම හිනා....හි..හි..........හුුුුුුුුුුුු (නි)
මෙයාලා පදිංචි වෙන පැත්තෙන් කුලියට හරි ගෙයක් ගන්න තියෙනවා නම් කියලා මට හිතෙනවා. (නි)
හැබෑට................(ස)
විශිෂ්ට සේවාවක් කියන්නේ ඒකයි. (නි)
මාර වැඩේ. (නි)
මනාලයාට පමණක් ආරාධනා කළහම හරිද? මනමාලිට ආරාධනා නොකලා නම් මගුල්ගෙදර ගිහින් බඳින්නෙ කාවද? අසාර්ථක සංවිධානයක්. (නි)
තමන්ගේ මගුල් ගෙදරටත් වෙලාවක් හොයාගන්න බැරිනම් ඔයා කොහොමද දීග කන්නේ (ස)
ඒකත හොදයි නේ