(තලාතුඔය ටී.එච්. සරත්)
ඉතාලියේ සිට පැමිණි පිරිසක් තලාතුඔය අංකෙළිපිටිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින්නේ යයි පවසමින් මුහුණු පොතේ පළකොට පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදීම නිසා පෙරේදා (24) තලාතුඔය අංකෙළිපිටිය ප්‍රදේශයේ ගම්වාසීහු මහත් අසීරුතාවට පත්වූහ.
දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සහෝදරියන් දෙදෙනකු මෙසේ පැමිණ ඇතැයි ද ඔවුන් තමන්ගේ නිවෙස්වල සැඟව සිටිතැයිද දුරකථන ඇමැතුම් මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලීසිය වෙත ඇමතුම් ලබාදී තිබේ.
අංකෙළිපිටිය ප්‍රදේශයේ එකම පවුලේ අක්කා සහ නංගී ඉතාලියේ වෙසෙන අතර එක් අයකුගේ ස්වාමිපුරුෂයා සහ දරුවා ද එහි වෙසෙති. මේ පිළිබඳව තලාතුඔය මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් එම කාන්තාවන්ගේ නිවෙස සොයාගොස් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී එම කාන්තාවකගේ ලංකාවේ වෙසෙන සැමියා දුරකතනයෙන් ඉතාලියේ වෙසෙන බිරිඳ හා ඇගේ සොහොයුරිය අමතා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අමතන ලෙසට කියා තිබේ.
ඒ අනුව මිලානෝ නගරයේ සිට තමන් තවමත් එහි සිටින බව ඔප්පු කිරීමට ඔවුන් දෙදෙනා පවතින දැඩි අවදානමද නොතකා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අමතා ඇත්තේ ඉතාලියේ මිලානෝ නගරයේ වීදි, මාවත් හා වටපිටාව පෙනෙන ආකාරයටය. මේ පිළිබඳව එම කාන්තවකගේ ස්වාමිපුරුෂයා කියා සිටියේ මෙවන් අනතුරුදායක මොහොතක මෙවැනි බොරු ප්‍රචාර ලබාදෙමින් ජනතාව බිය වැද්දීම හා තමන් සිටින අසීරුතාව නොසලකා ක්‍රියා නොකරන ලෙස තමන් සැමගෙන් ඉල්ලා සිටින බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මූණු පොතේ බොරුව ඉතාලියටම ගිහින්