පෙට්‍රල් හිඟය ඇති වූ දිනවල ඉන්ධන පිරවුම් හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි. සෙනසුරාදා ඉරිදා දිනවල පෙට්‍රල් හිඟය දැඩිව බලපෑවේය.
බෝතලවලට සහ බූලිවලට පෙට්‍රල් නිකුත් කිරීම තාවකාලිකව නතර කෙරිණි.
සඳුදා දිනයේ ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල පෙට්‍රල් ලබාගත හැකි වුවත් බොහෝ ඉන්ධන පිරවුම් හල්වල පෝලිම් මීටර ගණනාවක් දික්විය. බූලි හතරක් රැගෙන පැමිණි අයෙක් ඒවාට තෙල් පුරවාගෙන පිටවූයේ තම දරුවන් රැගෙන යන්නාක් මෙනි.
මේ අතර ටයි පටියක් පැලඳ සිටි මහතෙක් තම රථයේ ඉන්ධන ටැංකිය විවෘත කර ‘‘ෆුල් ටෑන්ක් ගහන්න’’ යැයි පවසා තව විශාල බූලියක් ද රැගෙන එයට ද ඉන්ධන පිරවීය.
‘‘මහත්තයා ඔය අලූතින් එන රිසවු ටැංකියක් දැයි’’ විමසුවේ පෝලිමේ සිටි අයත් සිනා සයුරේ ගිල්වමිනි. මාලබේ නගරයේදී සිදු වූවකි.
ක‍්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd