(වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී)
විවාහයේ දෙවන දින මනාල පාර්ශ්වයෙන් හෝටලයේ පවත්වන උත්සවයට ඉහළ නෑදෑයන් පිරිසක් සහභාගි කර තම ඥාති බලය පෙන්වීමට උත්සාහ කළ මනාලියගේ මවුපියන්ට හෝටලයට කැඳවාගෙන එන වැඩි පුර ඥාති පිරිසට වාඩිවීමට පුටු මේස හා අවු වැසි ආවරණ ද ගෙදරින් රැගෙන එන ලෙසට මනාලයාගේ මවුපියන් පැවසීමේ පුවතක් කැප්පෙටිපොල ආසන්න ගමකින් අසන්නට ලැබේ.

ලංකාදීපයට ලැබුණු පුවත මෙසේය.
දකුණු ලකේ අග නගරයට ආසන්න ප්‍රදේශයක තරුණියක කැප්පෙටිපොළට ආසන්න ගමක තරුණයකු සමග යෝජිත විවාහයක් සිදුකිරීමට දෙපක්ෂයම කථිකාකරගෙන තිබේ. දෙපක්ෂයම තම පහසුව සඳහා විවාහ උත්සව හෝටල්වල පැවැත්වීමට තීරණය ගත්හ. ඒ අනුව මනාලියගේ අතිනත තැනීමේ උත්සවය ගාල්ල ප්‍රදේශයේ උත්සව ශාලාවක ජයටම ගැනීමට මවුපියෝ සැලසුම් කළහ. එම උත්සව අවස්ථාවට මනාලයා ඇතුළු 30ට අඩු ඥාති පිරිසක් සහභාගි කරවීමට මනාලයාගේ මවුපියන් තීන්දු කර එය මනාලියගේ මවුපියන්ට ද දන්වා ඇත.
එයට ප්‍රතිචාර ලෙස මනාලියගේ මවුපියන් පවසා ඇත්තේ, මනාලයාගේ පාර්ශ්වයෙන් පවත්වන දෙවැනි ගමන මංගල උත්සව අවස්ථාවට තම නෑදෑ හිතවතුන් 50ක් සහභාගි කරවන බවත් එමගින් තම ඥාති සමූහය කොතරම් දැයි උත්සවයට එන මනාලයගේ පාර්ශ්වයට ප්‍රදර්ශනය වන බවත් මනාලියගේ මව පැවසුවාය.
මෙයින් මනාලයාගේ පාර්ශ්වයෙන් පවත්වන උත්සවය පමණක් නොව අදාළ උත්සවය ශාලාවේ උපරිම පහසුකම් දීමට හැකි ප්‍රමාණය 200කට පමණක් බවට දැනුම්දීම නිසා එයට සරිලන අන්දමට ඥාතීන් සහභාගි කර ගැනීමට මනාලයා සහ මවුපියෝ පියවර ගත්හ. එම දෙවන උත්සවයට මනාලියගේ ඥාතී් 30ක් 35ක් අතර ප්‍රමාණයක සහභාගි වෙතැයි මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීන්ට හිතවතුන්ට ඇරයුම් කිරීමට තීරණය කර තිබේ.
මනාලියගේ පාර්ශ්වයේ පිරිස වැඩිවීම නිසා උත්සව ශාලාවේ සීමිත ඉඩ නිසා තම හිතවතුන් සැලසුම් කළ ආකාරයට එයට සහභාගි කරවීමට නොහැකි තත්ත්වයක් උදාවීමෙන් මනාලයාගේ පාර්ශ්වය දැඩි අසීරුවට පත්වී ඇත. මනාලියගේ විවාහ උත්සවය ඇගේ පාර්ශ්වය වෙනුවෙන් පවත්වා තිබියදී මනාලයාගේ පාර්ශ්ව උත්සවයට අනවශ්‍ය ලෙසින් මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් සහභාගි වීමෙන් තමන් හා උත්සව ශාලා හිමිකරු මුහුණ දෙන ගැටලුව විසඳා ගැනීමට මනාලයාගේ මවුපියන් මනාලියගේ මවුපියන්ට අපූරු යෝජනාවක් හැටියට වැඩිපුර සහභාගි වන මනාලියගේ නෑදෑයන් අසුන් ගැනීමට අවශ්‍ය තාවකාලික අවු වැසි ආවරණ, පුටු මේස සහ ආහාර ගැනීමට අවශ්‍ය පිඟන් කෝප්පද රැගෙන එන ලෙස උත්සව ශාලා හිමියා පවසා සිටින බවයි.
මේ කතාව ඇසීමෙන් පසු මනාලියගේ මවුපියන් කරකියා ගත හැකි දෙයක් නොමැතිව නිහඬව මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීන් මුල්කරගෙන පවත්වන දෙවන ගමන උත්සවයට බාධාවක් නොවන අයුරින් මනාලියගේ පාර්ශ්වයෙන් ඥාතීන් සහභාගි කරවන බවට පවසා මතුවන ගැටලුව සුහදව විසඳා ගත් බව පැවසේ.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මඟුලේ ‘හෝම් කමිං එකට’ පුටු මේසත් මනාලියගෙන්