IMG-LOGO

මඟුල්දා රෑ මංගල කාමරේට ‘සැන්ටිපෝට්ලා’ කඩා පැනලා

(මාවරල පී.එස්. මද්දුමගේ)
කොරෝනා වසංගත තත්ත්වය පැවැතියද තරුණ තරුණියන්ගේ ආවාහ-විවාහ කටයුතු සිදුකිරීමේ අඩුවක් නොවීය. මේ මංගල උත්සවයක පලහිලව්ව වාර්තා වන්නේ දකුණු පළාතේ පාතෙගම ප්‍රදේශයෙනි.


  තරුණිය, නව යෞවනයේ සුරූපී දැකුම්කළු ලළනාවකි. ඇය ගැමි  ගම්මානයක සාමාන්‍ය පවුලක දියණියක් වුවද, මවුපියන් ඇගේ අධ්‍යාපනය වෙනුවෙන් දැඩි උනන්දුවක් දැක්වූ බැවින් නගරයේ උසස් මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලැබීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. පාසල් අධ්‍යාපනය ලබන අවදියේ පාසල් මිතුරකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම නිසා ඇයට පාසල් යාමේ ඉඩ කඩ මවුපියන් විසින්  අවුරා දමන ලදී. පාසල් නොගියද, පාසල් මිතුරා සමග නිරන්තර සම්බන්ධතා පැවැත්වීමට ඇය සමත් වූයේ ජංගම දුරකථනයට පිං සිදුවන්නටය.  


කාලය ගෙවී ගොස් විවාහ වන අවස්ථාව එළඹ තිබූ බැවින්, මගුල් කපු මහතකු මගින් ගැළපෙන මනාල මහතකු සොයා දුව විවාහ කරදීමට මේ අතර, මවුපියෝ  කටයුතු කරමින් සිටියහ. තරුණිය පදිංචි ගමට ආසන්න ගම් ප්‍රදේශයක පෙනුමැති තරුණයකු පිළිබඳව ගෙන ආ යෝජනාවකට මවුපියන් කැමැත්ත පළ කළ නිසා, මනාල මහතා පෙර ගමන් යාමේ චාරිත්‍රය පරිදි මනාලියගේ නිවසට පැමිණියේය. තරුණියද මනාලයා ගැන අකැමැත්තක් පළ නොකළ බැවින් මංගල්‍යය දෙපාර්ශ්වය විසින් තීන්දු කර උත්සව දිනයද තීරණය කර ගත්හ. මංගල නැකැත් බලා  උත්සවය ගැනීමට  තීරණය කෙරිණි. රජයේ කාර්යාලයක  සේවය කළ තරුණයා, තරුණියගේ රුවට අතිශයින්ම ඇලු‍ම් කළාය.


  තීරණය කරගත් දින නගරයේ තරු පංතියේ හෝටලයක මංගල උත්සවය ගත් අතර, දෙපැත්තේ ඥාති හිතවන්තයෝ උත්සවයට පැමිණ නව යුවතිපතීනට ආශිර්වාද කර  පිටත්ව ගියෝය.


  හෝටලයේ තමන් වෙන්කර ගත් කාමරයට, නව යුවළ ගොස් දවස තුළ වූ අධික විඩාබර ගතිය නිසා, ජලය නා පිරිසිදුව, විවේක ගැනීමටත්, ප්‍රිය සම්භාෂනයේ යෙදෙමින් දෙදෙනා සතුටු වෙමින් සිටියහ.


“ටක්..ටක්..” කාමරයේ දොරට තට්ටුකරමින් “මහත්තයා සමාවන්න.  හදිසි සහ සුළු අවශ්‍යතාවකට දොර අරින්න කාරුණික වන්න.” යැයි හොටල් කළමනාකරු මනාල මහතාට ඇමැතුමක් දුන්නේය.


  අනපේක්ෂිතව සිදු වූ මෙම සිදිධියෙන් තිගැස්සී ගිය නව යුවතිපතියන් මද වේලාවක් ගොස් මනාල මහතා  කාමරයේ දොර විවෘත කළේය.


 “සමාවෙන්න කරදර කළාට. මහත්තය වැඩ කරන කාර්යාලයේ  කීපදෙනෙකු කොවිඩ් පොසිටිව් බවට හඳුනාගෙන තිබෙනවා. අපි ආවෙ මහත්තයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කරන්න.  කාර්යාලයේ සේවය කළ අයට  කොවිඩ් ආසාදිත දැයි  පරීක්ෂා කිරීමට  සෞඛ්‍ය අංශ බලධාරීන් උපදෙස් දුන්නා. ඒ නිසා  සියලු‍ම අය සොයා  කරන පරීක්ෂණය, මහත්තයටත් කරන්න වෙනවා., හෝටලයේ කළමනාකරු සමග පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් කීවේය.


 අනපේක්ෂිතව සිදු වූ දෙයින් මනාල මහතාත්, කථාව අසාගෙන සිටි මනාලියත්, තැතිගෙන බියට පත් වූහ.


“කමක් නෑ පරීක්ෂණය කරන්න.,, මනාල මහතාගෙන් ලද අවසරය නිසා පරීක්ෂණය  කළ සෞඛ්‍ය නිලධාරීන්  කීවේ, මහත්තයා ‘‘කොරෝනා පොසිටිව්,, කියාය. 


  බලාපොරොත්තු නොවූ  අකරතැබ්බයකට මුහුණ දුන් මනාල මහතා, දැඩි ලෙස කම්පනයට පත්විය. මනාලියටද  සිදුකළ පරීක්ෂණයෙන් ඇයටද කොරෝනා “පොසිටිව්” බව  හඳුනා ගැනිණි. 


තව සුළු කාලයකින් ගිලන් රථයක් එවනව ඔය දෙන්නම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යන්න. ඒ සඳහා සූදානම්ව සිටින්න” යයි කිව් සෞඛ්‍ය නිලධාරීන්, හෝටල් කළමනාකරුට  නියම කළේ කාමරය සහ අවට විෂබීජහරණය කිරීමට පියවර ගන්නා ලෙසටය.



අදහස් (0)

මඟුල්දා රෑ මංගල කාමරේට ‘සැන්ටිපෝට්ලා’ කඩා පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 159 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site