IMG-LOGO

බස් කාක්කෝ මගීන් කැලෑවක ඇපයට තබාගෙන වැඩියෙන් ගරාගෙන

(මනෝජ් හර්ෂික)
නවාතැන් පහසුකම් සැපයීමට නැගෙනහිර පළාතේ සිද්ධස්ථානයක ඉදිකිරීමට යෝජිත විශ්‍රාම ශාලාවක ඉදිකිරීම් ආරම්භ කිරීමට සියයකට අධික පිරිසක් පසුගිය දිනක එම ප්‍රදේශය බලා පිටත් වුණේ පෞද්ගලික බස් රථ තුනකිනි.


පළමු දින අතරමග නවාතැන් ගෙන පසුදින විශ්‍රාම ශාලාව ඉදිකෙරෙන ස්ථානයට ළඟා වන විට අඳුර වැටී තිබුණි. එම ප්‍රදේශය වන සතුන් බහුල කැලෑබද ප්‍රදේශයක් වූ නිසා වැඩකටයුතු ඉක්මනින් නිමාකර ආපසු නිවෙස් බලා පිටත් වීමට සූදානම් වුවද රියැදුරන් බස් රථ වෙත පැමිණියේ නැත. හේතු විමසූ විට එක් බස් රථයක ඩීසල් නොමැති බව පැවැසීය. සංවිධායකයන් ඩීසල් ගෙන ඒමාට සූදානම් වුවද ඔවුන් එයට ඉදිරිපත් වූයේ නැත. ඉන් පසු ගමන් මාර්ගයේ අලි ඇතුන් සිටින බවත් කරදරයක් වුවහොත් පිරිසගේ ජීවිතවලට  වගකීමට නොහැකි බව රියදුරෝ පැවසූහ.


මේ වන විට පැය 3ක් ගතවී හමාරය. ‘ඉන් පසු තමන්ට මහන්සි බැවින් රියැදුරන් ධාවනය කළ නොහැකි බවත් පැවසූ අතර ඊට පිළියමක් ලෙස සංවිධායක මණ්ඩලය පැවසුවේ අනාරක්‍ෂිත ප්‍රදේශයෙන් පිටතට ගොස් සුදුසු ස්ථානයක නවතා ඕනෑම වෙලාවක් විවේක ගන්නා ලෙසය. එයටද රියැදුරෝ එකඟ නොවූහ.


ඔවුන්ගේ අරමුණවී තිබුණේ තව දිනක් එහි නතර වී තමන්ගේ ගාස්තුව වැඩිකර ගැනීම බව සියලු දෙනාටම පැහැදිලි විය. තම අරමුණ ඉටු නොවූ තැන ඔවුහු අලිමංකඩක අහිංසක පිරිසක් ඇපයට තබාගෙන එම ස්ථානයෙන් පිටත් වීමට නම් තමන්ට රුපියල් 30000 ක් වැඩියෙන් අවශ්‍ය බව පැවසූහ. කලින් පොරොන්දු මුදලට වඩා වැඩියෙන් ගෙවීමට  සංවිධායකවරයා විරුද්ධ වූයේය.


මේ අතර ගමනට සහභාගි වූ කාන්තාවක් තම පෞද්ගලික මුදලින් රුපියල් 30000 ක් ප්‍රධාන සංවිධායකවරයාටද නොදන්වා රියැදුරන්ට ලබාදී එම ස්ථානයෙන් පිටත් වීමට අවශ්‍ය කටයුතු සලැසුවේය. එහෙත් සම්පූර්ණ මුදල එම මොහොතේම ලබා දෙන තුරු එම ස්ථානයෙන් පිට නොවන බව රියැදුරන් පැවසූ නිසා එම මුදල් සියල්ල ඔවුන් අතට ලබා දීමටද ඇය මැදිහත් වූවාය. ඉන් පසු ආපසු ගමන ඇරඹූ අතර දඹුල්ල ප්‍රදේශයේදී නවතා බස් රථ යළි අත්තිකාරම් මුදල් ගෙවීමේදී රුපියල් 15000 ක් අඩුවෙන් ලැබුණු බව පවසා එතැනින් ඉදිරියට යාමට නම් එම මුදලද අවශ්‍ය බව රියැදුරෝ කීහ. 


කාන්තාව ප්‍රධාන සංවිධායකවරයාට නොදන්වාම එම මුදලද ලබාදුන්නාය. 


ගමන අවසන් කර පසු දිනකදී එම අත්තිකාරම් මුදල පිළිබඳව ව්‍යාපාරික කාන්තාව ප්‍රධාන සංවිධායකවරයාගෙන් විමසූ පසු රියැදුරන් එම කාන්තාව රවටා වැඩි මුදලක් ලබාගෙන ඇති බව ප්‍රධාන සංවිධායකවරයා ඇයට පහදා දී 15,000 ක මුදල ආපසු ලබාගෙන ඇත.


ගමන ආරම්භයේදී හෝ අතර මගදී කිසිදු ඉල්ලීමක් නොකර අහිංසක පිරිසක් වන සතුන් ගහන ප්‍රදේශයකට ගෙන ගොස් ඔවුන් ඇපයට තබාගෙන අසාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම පිළිබඳව සහභාගීවූ සියලු දෙනා රියදුරන්ට දොස් නැගූහ.

 



අදහස් (2)

බස් කාක්කෝ මගීන් කැලෑවක ඇපයට තබාගෙන වැඩියෙන් ගරාගෙන

kalani Sunday, 04 November 2018 04:30 PM

අයහපත් පුද්ගලයන් සිටින රටක මේ සිදුවීම එතරම් පුදුම සහගත නොවේ.

:       0       0

de silva@ Monday, 05 November 2018 02:08 AM

දොස් නගලා විතරක් මදි පොලිසියට පැමිණිලි කරන්න පසුබට වුනේ මොකද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 174 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 691 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 133 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site