(හසලක සුනිල් ඒකනායක)
බල්ලන් දෙදෙනෙකු අතර ඇති වූ සපාකා ගැනීමේ පොරයක් බේරන්නට අතර මැදට ගිය ගැමියෙකුට එම බල්ලන් සපාකෑමෙන් රෝහල් ගත වෙන්නට සිදුවූ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තාවෙන අන්දමට සිද්ධිය මෙසේය. මෙදින සවස ගැමියෙකු හමුවන්නට අසල්වැසි ඥාතියෙකු පැමිණියේය. ඔහු සමග ඔහුගේ නිවසේ ඇතිදැඩිකරන සුරතල් බල්ලාද පැමිණියේය. අසල්වැසියා නිවසට ගොඩවෙනවාත් සමගම එම නිවසේ ඇතිදැඩි කරන ඒ වනවිට ගෙවත්තේ සිටි බල්ලා අසල්වැසියාට බුරාගෙන පැමිණි අතර අසල් වැසියා අසලට එම බල්ලා යනවාත් සමග ඔහු සමග පැමිණි ඔහුගේ බල්ලා එය වලක්වාලීම සඳහා නිවසේ බල්ලා අසලට ගොස් එම බල්ලාගේ ගමන වලක්වාලීය.
මෙයින් කෝපයට පත් නිවසේ බල්ලා පෙරලා අසල්වැසියාගේ බල්ලා වෙත පැන සපාකන්නට විය. මෙම ගැටුම බේරන්නට නිවැසියා හා අසල්වැසියා කොපමණ උත්සාහ කළත් එම බලු පොරය නතර කිරීමට නොහැකි විය. ඒ නිසා නිවැසියා බලු පොරය මැදට පැන තම බල්ලාව අල්ලාගෙන පසෙකට යෑමට උත්සාහ කළේය. එහෙත් සිදුවූයේ අනෙකකි. මෙයින් කෝපයට පත් බල්ලන් දෙදෙනාම නිවැසියාගේ ඇඟට පැන ඔහුව සපාකෑමට පටන්ගත්තේය. එහිදී අසල්වැසියා පසෙක තිබූ පොල්ලක් ගෙන බල්ලන් දෙදෙනාටම පහරදී පලවාහැර බල්ලන් සපාකෑමෙන් තුවාල ලැබූ නිවැසියාව වහා රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට පියවර ගත්තේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
බලු සටනේ සාම නියෝජිතයා දෙපැත්තෙන්ම ප්‍රහාරයට ලක්වෙලා