IMG-LOGO

පැන්ෂන් ගිය කත අයිස් ක්‍රීම් හොද්දක් ගෙදර ගෙනිහින්

(උණවටුන – ඩී.ජී. සුගතපාල)
ඇය දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාවක් කළාය. එහෙත් පදිංචිය එම නගරයේ සිට සැතැපුම් හැට හැත්තෑවක් දුරිනි. ඒ නිසා ඇය රැකියාව කළ අවටින් නවාතැනක් සොයා ගත්තාය. කාර්යාලයේ ඇය සේවය කළ කුඩා කොටසේ සිටියේ තුන් හතරදෙනකු පමණක් වූ අතර ඇය බොහෝවිට තනිවම සිටීමට කැමැත්තක් දැක්වූවාය.


ඒ නිසාමදෝ අනෙක් අය ද ඇය සමග එතරම් සුහදතාවක් නොවීය. සමහර අවස්ථාවල ඇය තනියම තේ සාදාගෙන බිව්වාය. එපමණක් නොව දිනක් රයිස් කුකරයක් ගෙනැවිත් බතක් ද සාදා ගත්තාය. විශ්‍රාම යෑමට තවත් වසර දෙකක් තිබුණත් එයට පෙර විශ්‍රාම යෑමට ඇය තීරණය කළාය. නිවසේ සහ දරුවන්ගේ කටයුතු සොයා බැලීමට අවශ්‍ය නිසා විශ්‍රාම යෑමට තීරණය කළ බව ඇය අනෙක් අයට පැවැසුවාය. ඇයට තවත් ගැටලු‍වක් වූයේ ඇයගේ තනතුර ගම් ප්‍රදේශයේ කාර්යාලයක නොතිබීමය.


ටික දිනකින් විශ්‍රාම ගැන්වීමේ ලිපිය ලැබිණ. එය දැක ඇය ඉතා සතුටට පත්වූවාය. ඇය බාරයේ තිබූ සියලු‍ම භාණ්ඩ අලු‍තෙන් පැමිණි නිලධාරිනියට බාර දුන් ඇය වෙළෙඳසලකට ගොස් අයිස් ක්‍රීම් ලීටරයක් ගෙනැවිත් බෙදාගෙන කන ලෙස එහි සිටි තුන් හතරදෙනාට කීවාය.


සියලු‍ කටයුතු අවසන්වීමෙන් පසු පස්වරු හතර වනවිට ඇය විසිහත් වසරක රජයේ සේවයට සමු දුන්නාය. බෑගය අතට ගත් ඇය කබඩ් එක උඩ තිබූ අයිස් ක්‍රීම් ලීටරය බැලු‍වාය. එහි අඩු වී තිබුණේ ඉතා සුලු‍ ප්‍රමාණයකි. ඒ වනවිට එය තරමක් දුරට දියවී තිබිණ. එහෙත් එය තබා යෑමට ඇය අකැමැති විය. එනිසා පොලිතින් බෑග් එකකට අයිස් ක්‍රීම් බඳුන දමා ගත්තේ ගෙදර ගෙන යෑමටය.


ඇය එක් අතකින් අත් බෑගය ද අනෙක් අතින් අයිස් ක්‍රීම් බෑගය ද එල්ලාගෙන බසයට ගොඩවූවාය. පැය තුනක ගමනින් පසුව ඇය බසයෙන් බැස්සේ ගෙදර යෑමටය. ඇය මඳක් ඔසවා අයිස් ක්‍රීම් බෑගය බැලු‍වාය. ඇය දුටුවේ පොලිතින් බෑගයේ පිරී තිබුණ අයිස් ක්‍රීම් හොද්දකි. ප්ලාස්ටික් බඳුනේ පියන ගැලවී එය බෑගය පුරා දියරයක් ලෙස පිරී තිබිණ.


කරගත් මෝඩකම ගැන ලජ්ජාවට පත් ඇය අසල තිබූ කසළ බඳුනකට අයිස් ක්‍රීම් බෑගය දමා ත්‍රිරෝද රථයකට ගොඩවූයේ නිවසට යාමටය.



අදහස් (0)

පැන්ෂන් ගිය කත අයිස් ක්‍රීම් හොද්දක් ගෙදර ගෙනිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site