(තිහගොඩ උපසේන ලියනගම)
තම පුතා ගෑස් පිරවුම් හලක් අසල පෝලිමක තබා යතුරු පැදියට තෙල් ලබා ගැනීමට තවත් පෝලිමකට ගිය පියකු මුහුණ පෑ සිද්ධියක් පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප්‍රධාන නගරයකිනි.
උදේ පාන්දරම සිය බිරිඳගෙන් රුපියල් පන්දහසේ කොළයක් ඉල්ලාගත් ඔහු හිස් ගෑස් ටැංකිය සමඟ පුතා ද කැටුව ගියේ නගරයේ වූ ගෑස් අලෙවි සලකටය.
මොහොතකට පසු පුතාට ගෑස් ටැංකිය බලා ගැනීමට පැවරූ ඔහු පුතාට කීවේ තම යතුරු පැදියට තෙල් ගසාගෙන කඩිනමින් එන බවකි.
ගෑස් ලොරිය ආ පසු පෝලිමේ අය ඉදිරියටම ගියෙන් ළඟ සිටි අයකු දරුවාට ඉදිරියට යෑමට උදව් කළත් ගෑස් ලබාදෙන ස්ථානයේ ඔහු සිර වූයේ ගෙවීමට මුදල් නොවු නිසාය. තාත්තා තවමත් නැති නිසා ඔහු ගෙදර සිටින අම්මාට අසල්වැසි මහතකු ලවා දුරකතන ඇමතුමක් දුන්නේය.
මොහොතකින් තාත්තාද පැමිණි අතර ඔහුගේ විලාසය අමුතු බව වටපිටාවේ වූවන්ට පෙණිනි. ‘‘ගෑනිගෙන් රුපියල් පන්දාහක් කඩා ගත්තා. ඒකට මං පොඩි ජොලියක් දැම්මා’’ ඔහු කීවේ බමන මතිනි.
මේ වෙලාවේ ඔහුගේ බිරිඳද එතැනට කඩා පැන්නාය. ඇය සැමියාට ඇමතුවේ කෝපයෙනි. අරගලය දුරදිග ගිය විට අසල සිටියකු රහසින් කීවේ ‘‘මේ වගේ ගෑස් ටැංකියක් ගෙදර තියෙද්දී තමුසෙ සල්ලිවලට ගෑස් ගත්තේ අපරාදෙ’’ කියාලු.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පන්දාහක ජොලි වෙලා ‘ගෙදර ගෑස් ටැංකිය’ පුපුරලා