පිනට දුන් රෙදිත් සමඟ තමන්ගේ රන් බඩු ටිකත්, දන් දීමට, කාන්තාවකට සිදුවූ පුවතක් නගරයට ආසන්න ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේයි.
ඇය ගුරුවරියකි. පිනට ලැදිය. අසල්වාසීන්ට උපකාර කිරීමට මහත් කැමැත්තක් දක්වන්නීය. එදින අසල්වැසි කාන්තාවක් පැමිණ පරණ ඇඳුම් කීපයක් ඉල්ලා සිටියාය. හෙට හවසට එන්න යැයි ඇයට කීවේ, තමන් හදිසි වැඩක නිරතව සිටි බැවිනි. පසුදින එම කාන්තාව පැමිණියාය. අල්මාරියේ තිබූ සාරි දෙකක් සමග තවත් ඇඳුම් කීපයක්, බෑගයක දමා එම කාන්තාව ඇත තැබූයේ මහත් සතුටකිනි.
සවස ගෙදර පැමිණි සැමියා කීවේ අද උදේ අම්මා ගෙනවිත් දුන් රත‍්‍රං බඩු ටික අල්මාරියේ සාරි අතර තැබූ බවය.
ඒ බව ඇසූ ඇයට දෙවියන් සිහි විය. අල්මාරිය ඇර බැලූ විට සිහි වූයේ තමන් අර කාන්තාවට දුන් සාරි දෙක රත‍්‍රං බඩුත් සමඟ තිබූ බවය. මේ බව ඇය සැමියාට කීවාය. දෙදෙනාම ගොස් කරුණු පැහැදිලි කළත්, රෙදි ලබාගත් කාන්තාව කීවේ එවැනි කිසිවක් සාරි අතර නොවූ බවය.
රෙදි දුන් පිනත් නැත. තමන්ගේ රත‍්‍රං බඩු ටිකත් නැත. දැන් දේවාලයක් ගානේ යනවාලූ අවනඩුව දෙවියන්ට කියන්න.