(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
මෙවර වාර අවසාන නිවාඩු දින පාසලක ගුරුවරුන් විනෝද වීමට පැදුරු පාටියක් දැමීමට තෝරා ගත්තේ කැලෑබද වැවක වැව් තාවුල්ලකි.

එදින ගුරුවරුන් නිවෙසට නොගොස් කෙළින්ම ගියේද පැදුරු පාටියටය.
පිරිස ගෙනයන ලද මධුවිත තොල ගාමින් සපයන ලද සංගීතයට සින්දු කියන්නට වූහ. සමහරු රිද්මයට නටන්නටද වූහ. ගුරුවරු කීප දෙනෙක් ගෙනයන ලද බිලිපිතිවලින් වැවේ මාළු ද බාන්නට වූහ. දැන් කාටත් පදමට වැදිලාය.
මෙලෙස හෝරා කීපයක් විනෝද වූ ගුරුවරුන්ට රෑ බෝ වන බවක් අමතක විණි.
මේ අතර හිටිහැටියේම එතැනට තනි අලියෙක් කඩාවැදුනේය. ඌ කැලෑව තුළින් මතුවී ළඟටම එනතෙක් කිසිවෙක් හෝ නුදුටුවහ.
සියල්ලෝම බියට පත්වූහ. බියට පත්වූ ඔවුහු දහ අලියා දහ අලියා යනුවෙන් කෑ ගැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd