තම පෙම්වතියට චොකලටයක් මිලට ගත් තරුණයා ඇය හමුවීමට ගොස් එය ඇයට දුන්නේය. විවෘත කළ විට දක්නට ලැබුණේ කුඩා පණුවන් විශේෂයකි.‘‘ඉකේයියා මට නම් චොකලට් එපා.’’ මේකේ පණුවොනේ. ඇය අප්පිරියාවෙන් කීවාය. චොකලටය පරීක්‍ෂා කළ තරුණයාද කුඩා පණු විශේෂ දුටු අතර ආවරණයේ තිබූ කල් ඉකුත්වීමේ දිනය පරීක්‍ෂා කර බැලූවිට දක්නට ලැබුණේ කල් ඉකුත්වීමට තව මාස තුනක් පමණ ඇති බවය.පසුදා උදේ චොකලට් අලෙවි කරන ලද වෙළඳ සැලට ගිය තරුණයා, මොනවද මුදලාලි මේ චොක්ලට්, බලනවකෝ මේකේ පණුවොනේ. කියමින් චොක්ලටය මේසය මතට විසි කළේය. වෙන්ඩ බැහැ යැයි පැවසූ මුදලාලි චොක්ලටය විවෘත කළවිට කාරණය සත්‍ය බව වැටහුණි. ආ මේ චොකලට් පණුවොනේ. කියූ මුදලාලි ”මුන් අගුණ නැහැ. ඔය පළතුරු වල පණුවොත් කෑවාට කමක් නැහැ කියලා කියන්නේ” යැයි පැවසීය.එහෙනම් කනවා බලන්න. තරුණයා තදින් පැවසීය. මුදලාලි බියවී චොක්ලට් කැබැල්ල කටේ දමා අමාරුවෙන් ගිල දැමීය. තරුණයාගේ කෝපය තුනීවී අනුකම්පාවක් ඇතිවිය. මුදලාලි මුදල් ආපසු දීමට සැරසුණු අතර තරුණයා පැවසුවේ ”සල්ලි මට එපා. ඒවායින් පණු බෙහෙත් ගන්න” යනුවෙනි. වාර්තා වූයේ අනුරාධපුරට නැගෙනහිරිනි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd