(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
අතේ කොටා තිබූ පච්ච මකා ගැනීමට ගොස් පච්චවලට අමතරව වැඩි වැඩියෙන් තුවාල සිදුකරගත් පුද්ගලයකු ගැන පුවතක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

රැකියාවකට අයදුම්පතක් ඉදිරිපත් කළේය. පරීක්ෂණය සඳහා නියමිත දිනයට පැමිණෙන ලෙස දන්වා එම ආයතනයෙන් ඔහුට ලිපියක් ලැබිණි.
ඔහු කොහුමෝලේ වැඩ කරන අවස්ථාවේ තැපැල්කරු අදාළ ලිපිය ගෙනැවිත් බාරදී ඇත්තේ ගෙදර සිටි ඔහුගේ නැගණියටය.
වැඩ ඇරී ගෙදරට ආවිට එම ලිපිය දෙමින් අයියේ ඔයාට ලියුමක් ආවා යැයි නැගණිය කීවේ සන්තෝෂයෙනි. එහෙනම් වැඬේ හරි තමයි කියමින් ඔහුද සන්තෝෂයෙන් ඉපිල ගියේය.
නියමිත පරීක්ෂණය පැවැත්වෙන දිනය එළැඹිණි. එදින උදෙන්ම අවදි වී ඔහු අවශ්‍ය ලියකියවිලි සහිත සහතිකපත් රැගෙන පරීක්ෂණයට ගියේය. ඔහු පරීක්ෂණයට යොමුකළ අවස්ථාවේ ඔහුගේ අතේ කොටා තිබූ පච්ච සම්මුඛ පරීක්ෂණ නිලධාරියාගේ නෙත ගැටුණි. සහතික නම් සුදුසුයි එහෙත් තමන්ගේ අතේ කොටා තිබෙන පච්ච මකාගෙන එන්නැයි එම නිලධාරියා ඔහුට නියෝග කළේය.
ගෙදර පැමිණි ඔහු අම්මේ වැඬේ නම් හරි එහෙත් මේ පච්ච මකාගෙන එන්න කීවා යැයි කීය. පසුව අසල්වැසියකුගෙන් ඉස්තිරික්කයක් ඉල්ලගෙන පැමිණ රත්කර පච්ච මත තබා පච්ච මැකීමට තැත් කළත් සිදුවූයේ පිළිස්සී තව තවත් තුවාල සිදුවීමය. අන්තිමේදී ඒවාට ප්‍රතිකාර ගැනීමට ඔහුට රෝහල් ගතවන්නට ද සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
66
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පච්ච මකන්න ගිහින් තරු පෙනිලා
Sisira Tuesday, 02 October 2018 02:57 PM
මේක නම් පිළිගන්න බැරි කතාවක්.
Kandepola Wednesday, 03 October 2018 09:11 AM
මේ රටේ ඉන්නේ වැඩි හරියක් ඉන්නේ ගොන්නු තමයි.