(තිහගොඩ - උපසේන ලියනගම)
තම යහළුවකුගේ බාහුවෙහි අලංකාර කාන්තා රූපයක් පච්ච කොටා තිබෙනු දැක එම ශිල්පියා ලවා තම බාහුවෙහිද ලිහිණියකුගේ රූපයක් පච්චකොටා ගැනීමට ගිය තැනැත්තකු මුහුණ පෑ අපූරු අත්දැකීමක් පසුගියදා අසන්නට ලැබුණේ කොළොම්පුරෙන්.
ඔහු දිගු කලක් විදේශගතව සිට ලංකාවට පැමිණියේ නොබෝදාය. තම යහළුවකුගේ බාහුවේ කොටා ඇති පච්ච රූපයකට ආසා සිතුන ඔහු එම ශිල්පියා ලවා තමාගේ බාහුවෙහි ද නයකු හොටයෙන් ගත් ගිජු ලිහිණියකුගේ රූපය කොටවා ගැනීමට යහළුවා සමග එහි ගියේය.
රූපයට අදාළව බාහුවේ දළ සටහනක් තැබූ ඔහු මුලින්ම ගිජුලිහිණියා හොටයෙන් ගත් නයාගේ රූපය කෙටීම ඇරඹිය.
වේදනාවෙන් ඇඹරුණු ඔහු නයාගේ රූපය කොටා නිම වෙත්ම ”ළිහිණියා ඕනෑ නෑ. නයා ඇති” කීවේ ලොකු සුසුමක් පිට කරමිනි.
ඔහුගේ කීමට සිනාසුනු ශිල්පියා ”කමක් නෑ සර්, හැබැයි මුළු රූපයටම ගෙවන්න ඕනෑ. මම ඒකට භාණ්ඩ සූදානම් කළා” කීවෙන් ඔහුට තරු පෙනුණාලූ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පච්ච කොටාගන්න ඇවිත් බයේ වෙව්ලලා
කිරින්ද Thursday, 11 December 2014 12:35 PM
නයි පච්චය තියෙන කම් එයාගේ ගෙදරට මීයෝ එනෙකක් නැහැ. (නදී)
චමින්ද Sunday, 14 December 2014 09:17 AM
අමා, ඔයා හරියට හරි. සමහර රටවල, පච්ච කොටපු අයට වැදගත් රැකියාවක් දෙන්න කිසිම ආයතනයක් කැමති නැහැ. සුදුසුකම් කොතරම් තිබුනත්, පච්චය තමයි මුලිකම නුසුදුසුකම. (ර)
අමා Friday, 12 December 2014 12:02 AM
කාලයක් යද්දී එයාටම හිතෙයි පච්චයක් කොටලා කරගත්ත මෝඩකම කියලා.පිස්සු වැඩ. (නි)
ඇසිලින් Thursday, 11 December 2014 02:58 AM
ආ...මේක අලුත් තරු බලන ක්‍රමයක්නේ. (නි)
කටුගස්තොට Thursday, 11 December 2014 03:08 AM
අපරාදේ! මේ ගැන කලින් දැනගත්තා නම් ඡන්ද සළකුණකටවත් ඔය කියන පච්ච ළකුණ ගන්න තිබුණා (නි)
මොහමඩ් ඛාන් Friday, 12 December 2014 05:10 AM
කිරින්දගේ කතාව බලලා හිනාවෙලා පණ ගියා (නි)