ඔහු වයස්ගත පුද්ගලයෙකි. ගැමි ජනවහරේ එන වචන යොදා කතා කරීමට පුරුදුවූවෙකි. එසේවුව ද මෑත කාලයේ පටන් කනට ඇසෙන එක එක විදියේ ඉංග‍්‍රීසි වචන යොදා කතා කිරීමට උත්සාහ ගත්තේ මහත් අභිමානයෙන් යුතුවය.

එක් දවසක් ඔහු නගරයට ගොස් අවශ්‍ය භාණ්ඩ වර්ග කීපයක් ද මිලදී ගෙන නිවස වෙත පැමිණියේය. ඒ මොහොතේ සිය පුතු හදිසියේම ගමනක් යාමට යතුරුපැදිය පණගන්වන ආකාරය ඔහුට දක්නට ලැබුණි. පුතු අමතා ‘‘කොහේද බැහැරක්ද? හැබැයි බලාගෙන යන්නේ දැන් මම එනකොට රැබිට්ලා (හාවුන්) දෙන්නෙක් මේ පැත්තට එනවා දැක්කා’’ යැයි කීය.

පුතාට එය හරිහැටි නොතේරුන බැවින් ‘‘කවුද ආවේ’’ කියා ඔහු ඇසීය. ‘‘රැබිට්ලා දෙන්නෙක්’’ යනුවෙන් තාත්තා කීවේය. ‘‘ඒ මොකුන්ද?’’ පුතා නැවතත් ඇසීය.

‘‘මේ දැන් ආවා, පොලිසියේ රැබිට්ලා බං’’ යැයි තාත්තාගේ ප‍්‍රකාශයෙන් පුතාට සිනහා නවතා ගැනීමට නොහැකි විය. ‘‘රැබිට්ලා නෙවෙයි තාත්තේ ට‍්‍රැෆික්ලා’’ යනුවෙන් පුතා එය නිවැරදි කර කීවද පියා එය ගණන් නොගෙන ‘‘මොකුන් හරි ආපු එකනේ මම කිව්වේ’’ යනුවෙන් කේන්තියෙන් ප‍්‍රකාශ කළේය.