කතරගම පූජා භූමියට පැමිණි වැඩිහිටි පුද්ගලයකු කපු මහතකු ලවා යාතිකාවක් කරන අතර තම දරුවන්ටද ආශිර්වාද කිරීම නිසා කපු මහතා සමග උරණවීමේ පුවතක් කතරගම පුදබිමෙන් අසන්නට ලැබිණි.

එය මෙසේ සිදුවිය. වයස අවුරුදු 80 ක් පමණ ඉක්ම වූ මෙම වයස්ගත වැඩිහිටියා මහා දේවාලය වැඳ පුදාගෙන පරිවාර දේවාලයකට පැමිණියේ නව වසරේ තමන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කර කපු මහතකු ලවා යාතිකාවක් කර ගැනීම පිණිසයි.
කපු මහතාට බුලත් කොළයක තබා රුපියල් 20ක් දී තමන්ට යාතිකාවක් කරන ලෙස ඉල්ලා සිටියේය.
කපු මහතා විසින් මෙම වැඩිහිටියා වෙනුවෙන් අපල උපද්‍රවයන් පිළිබඳව කරන දේවල් නිසි අයුරින් ඉටු කර දෙන ලෙස යාතිකාව මගින් දෙවියන් ඉදිරියේ කියන අතර දුවා දරුවන්ද රැක දෙන ලෙස ඉල්ලීමක් කරන ලද අතර වැඩිහිටි පුද්ගලයාට යකා නැග යාතිකාව නවතා දමන්නැයි තර්ජනය කළේය.
යාතිකාව අතර මග නවතා දැමූ කපු මහතා ඇයි දැයි විමසීමේ දී පැවසුවේ අනේ කපු මහත්තයෝ දූ දරුවන් ගැන නම් දෙවියන්ට නෙවෙයි මටත් මතක් කරන්න එපා. ඕකුන් තමයි මාව ගෙදරින් එළියට දැම්මේ. මගේ දේපළ ලියා ගත්තා මගේ ගෑනි මරා ගත්තා මගේ සල්ලි ටික උදුරා ගත්තා. මම දැන් ඉන්නේ මහලු මඩමක” යනුවෙන් පැවසූ වැඩිහිටියා ඕකුන්ට දෙවියෝ දඬුවම් දෙයි. මට විතරක් ආශිර්වාද කරන්න කපු මහත්තයෝ” කියමින් කඳුළු පිහදා ගනු ලැබුවේ මෙම අවස්ථාවේ දී දේවාලය වැඳ පුදා ගැනීම පිණිස පැමිණි බැතිමතුන් කීප දෙනකුගේද දෑස්වලට කඳුළු එක් කරමිනි.
(කතරගම කේ.ඩී. දේවප්‍රිය)
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවියන් ඉදිරියේ වියපත් පියාගේ දෙනෙතේ කඳුළක්