IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුවගෙ රචනාවෙන් තාත්තාගෙ හොර අහුවෙලා

(තිහගොඩ - උපසේන ලියනගම)
සබරගමුව පළාතේ උපනගරයක වූ කාන්තා පාසලක පසුගියදා සිංහල ගුරුතුමිය නිරෝගීකම පිළිබඳව උපදේශනාත්මක පාඩමක් ඉදිරිපත් කරමින් ‘‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන උපහැරණය ද ඉදිරිපත්කොට මේ යටතේ කුඩා රචනාවක් ලිවීමට සිසුවියන්ට දී පසුව ඒවා පරීක්‍ෂා කළාය.


පොත් කීපයක් පරීක්‍ෂා කරමින් යන අතරතුර එක් සිසුවියක තමා දුන් උපහැරණය වෙනුවට ‘‘ආරෝග්‍ය ශාලා පරමා ලාභා’’ යැයි ලියා තිබෙනු දැක ඒ ගැන විමසුවාය. ඇය සිතුවේ වැරදීමකින් එසේ ලියන්නට ඇත කියාය. එහෙත් සිසුවිය කීවේ ‘අපේ තාත්තා  ඕක කියන්නෙ එහෙමයි’’ කියාය. තාත්තා කරන්නෙ මොකක්ද? එයා ගුරුවරයෙක්ද’’ ගුරුතුමිය ඇසුවේ විමතියෙනි.


‘‘නෑ ටීචර් තාත්තා වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ. හැමදාම ගෙදර එනකොට ලාබෙට ගත්ත කියල පලතුරු, බිත්තර, එහෙම ගෙදර ගේනවා. මේ ගැන අම්මා ඇහුවම තමයි ‘‘අරෝග්‍ය ශාලා පරමා ලාභා කියන්නෙ’’ ඇය කීවේ ගුරුතුමිය තවත් විමතියට පත්කරවමින්ලූ.



අදහස් (0)

දුවගෙ රචනාවෙන් තාත්තාගෙ හොර අහුවෙලා

කටුගස්තොට අග්ගදස්සි හිමි Monday, 03 November 2014 07:55 AM

කුඩා දරුවන්ගේ සිත් මෙවැනි දෙමව්පියන් නිසා දූෂණය වන බව සිත්හි තබාගන්න (නදී)

:       0       0

සනත් Wednesday, 05 November 2014 03:49 AM

නියම දුව.(අ)

:       0       0

සිතුම් Tuesday, 04 November 2014 08:13 AM

තේරුම් ගන්න අමාරුයි.(හේ)

:       0       0

සේන Monday, 03 November 2014 09:57 AM

"පුළුවන් එකා පුළුවන් දෙයක් හොරකම් කරනවා" එකා අපේ රටේ ඉහළ ඉදලා පහළටම තියෙන ප්‍රස්නයක් නමුත් වැඩිහිටියෝ මේ විදිහට දරුවන් ඉදිරියේ හොරා කෑමෙන් සිද්දවෙන්නේ දරුවෝ මේක සාමාන්‍ය දෙයක් හැටියට හෝ තමන්ගේ අයිතියක් හැටියට හිතන්න පුරුදුවෙනවා. අපේ රට අනාගතයේ මීටත් වඩා නරක් වෙයි. (බ)

:       0       0

කසුන් Monday, 03 November 2014 10:08 AM

සම්මා ආජීවයෙන් ජීවත්වෙන්නට මිනිසුන් සිතට ගත යුතුය. (හේ)

:       0       0

පද්මසිරි Tuesday, 04 November 2014 09:44 AM

පොඩි අය ඉස්සරහ වචන හසුරවනකොට බලාගෙන තමයි.(හේ)

:       0       0

පිටිගල Monday, 03 November 2014 01:32 PM

මම මේ සැරේ වැකේෂන් ගිය වෙලාවේ විදුලි උපකරණ විකුණන කඩේකින් ගෙදර වැඩක් සඳහා රුපියල් තුන් දහසක විතර බඩු අරගෙන බිලක් දාන්න කිව්වා. කඩේ මුදලාලි එක එක භාණ්ඩ වලට කීයක් දාන්නද කියලා මගෙන් ඇහුවා. පස්සේ මම මා එක්ක ගිය වාහනේ ඩ්‍රයිවර් ගෙන් ඇහුවම තමයි කිව්වේ මුදලාලි හිතලා තියෙන්නේ මොකක් හරි ආයතනයකට මේ බඩු අරන් යනවා කියලා ලු. ඉතින් භාණ්ඩ ගන්න හැම මිනිහම බිලක් ඉල්ලුවාම බඩු ගන්න මිනිහට මාටියා පාරක් ගහන්න උදව්වක් හැටියට එහෙම කරනවලු. එතකොට ඒ මිනිහා එතනට ආයෙත් එනවලු. නියමයි ලංකාවේ සිරි ලංකාවේ! (නදී)

:       0       0

දයා අලහකෝන් Monday, 03 November 2014 04:11 AM

මරේ මරු උදේ පාන්දරම ඇගේ ලේ ටික සුද්ද කර ගත්තා.(අ)

:       0       0

සෑම් Monday, 03 November 2014 04:36 AM

ඕක මොකක්ද? පුද්ගලික සේවය කරන දොස්තරලාගේ ආදර්ශ පාඨය ""ආ රෝගියා පරමා ලාභා "" කියන එකනේ.(අ)

:       0       0

ඩිලාන් Monday, 03 November 2014 05:03 AM

සෑම් නියම කතාවක් කිව්වේ (නදී)

:       0       0

නෙලුම් Monday, 03 November 2014 05:39 AM

ගුරුතුමිය රචනාවට කොහොම ලකුණු දුන්නද දන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site